එළැඹෙන රාමසාන් උපවාස වෙනුවෙන් මුස්ලිම් ජනතාවට සහන සැළසීම සඳහා රටඉඳිවලට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව රටඉදි ආනයනය සඳහා දැනට අය කරන කිලෝග්‍රෑමයට රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියලක් පමණක් අයවන ලෙස එම බද්ද රුපියල් 199කින් අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.
ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රට ඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.