මීට වසර තුනට පෙර එනම් 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා පෙරවරුවේ ම්ලේච්ඡ ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් 300 ක ආසන්න පිරිසකගේ ජිවිත අහිමිවිය.
එදිනඑදින මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථාන වලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණා.
අද දිනය අප සිහිපත් කරන්නේ එම ඝාතන සැලසුම් කළ හා ඊට අනුබල දුන් වැරදිකරුවන්ට එරෙහිව මෙතෙක් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වි නොමැති කාලයේදිය.
මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අනුස්මරණය කරමින් අද දිනය පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.