• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් එක් කණ්ඩායමක් ලෙස වැඩ කරමු – ඇමැති තේනුක

22 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ක්‍රීඩාව තුළට දේශපාලනය සම්බන්ධ නොකර ඔබ සියලුදෙනාගේ අදහස් හා යෝජනා අනුව විවෘතව එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම තමාගේ අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සමාජිකයින් සමග තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (22) දින පැවති සාකච්ඡාවේදීය.

එහිදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර සිටියේ පසුගිය කාල සීමාව තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගුණාත්මක පිබිදීමක් ඇති වූ බවත්, ඒ සදහා කැපවී සේවය කළ සියලුදෙනාට ස්තුතිය පිරිනමන බවත්ය. ඒ සදහා ජාතික ක්‍රීඩා සභාව ලබාදුන් සහයෝගය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල සම්බන්ධව කටයුතු විධිමත්ව සැළසුම් කිරීමට ජාතික ක්‍රීඩා සභාව කඩිනමින් පත් කරගත යුතුව ඇති බව මෙහිදී සාකච්ඡා විය. රට තුළ පවතින වත්මන් අර්බුදය හමුවේ මෙම තරගාවලි දෙක සදහා රටට පදක්කම් ගෙන ඒමේ ඉලක්ක සහිත වඩා ඵලදායී වැඩසටහක් දියත් කිරීම වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී සඳහන් විය.

ඉදිරියටත් ජාතික ක්‍රීඩා සභාව තුළ ක්‍රියාකාරීව සිට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කැපවී තම දායකත්වය ලබා දිය හැකි සාමාජිකයින් හට අභිනවයෙන් පත් කිරීමට නියමිත ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයින් හා ඉදිරි ගමනක් යාම තම බලපොරොත්තුව බවද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” අද අපි ජාතික ක්‍රීඩා සභාවට ආරාධනා කළේ මේ සභාවේ හිටපු සාමාජිකයින්ව ඉවත් කිරීමට හෝ අලුත් සාමාජිකයින් පත් කිරීමේ අරමුණ ඇතිව නොවේ. මම අමාත්‍යධූරය භාරගෙන පළමුව අදහස් කළේ ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයින් 15 දෙනා සමගම එක්වී සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සමග ඉදිරියට යාමට කටයුතු කරමු යන කාරණයයි. අද මෙම අවස්ථාවට සාමාජිකයින් 06 දෙනෙක් සහභාගී වෙලා සිටිනවා. එයින් සාමාජිකයින් 03 දෙනෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙලා සිටිනවා. මොවුන් ඇතුලු සියලුදෙනාම පසුගිය මාස 18 ක කාලය තුළ අප රටේ ක්‍රීඩාව දියුණු කිරීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දුන්නා. මෙම සාකච්ඡාව සදහා සහභාගී වූ නොවූ සියලුදෙනාට අවස්ථාව තිබෙනවා ඉදිරි දින කීපය තුළ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. අපි හැමෝටම විවිධ මත තිබිය හැකියි. නමුත් අප සියලුදෙනා එක්ව රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා ජාතික ක්‍රීඩා සභාව කඩිනමින් පත් කරගත යුතුව තිබෙනවා. වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබදව අමාත්‍යාංශ ලේකම්තුමා මෙහිදී සාකච්ඡාවට ගත්තා. ඒ සම්බන්ධව එතුමා පැහැදිලි කළා‍‍. ඉදිරියේදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ සියලුදෙනා ඉදිරිපත් කරන ගුණාත්මක අදහස් හා යෝජනා මම පිළිගන්න සූදානම්. එමෙන්ම වෙනස් විය යුතු තව කරුණු ඇත්නම් ඒ සම්බන්ධව ද සාකච්ඡා කර හොඳ කණ්ඩායමක් ලෙස ඉදිරියට යමු කියන යෝජනාව මම කරනවා. ඒ අනුව ඉදිරියේදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ක්‍රීඩාව තුළට දේශපාලනය සම්බන්ධ නොකර ඔබ සියලුදෙනාගේ අදහස් හා යෝජනා අනුව විවෘතව එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම මගේ අරමුණයි. මෙතෙක් ඒ සදහා ඔබ සියලුදෙනා ලොකු කැපකිරීමක් කරමින් විශාල ශක්තියක් ලබා දුන්නා. අප සමග එක් වී ඉදිරි කාලසීමාව තුළත් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සදහා එක් වන ලෙස අද මෙම සාකච්ඡාව සදහා සහභාගීවීමට අපහසු වූ සාමාජිකයින් හටත් මම ආරාධනා කරනවා‍. මම ඔබ සැමට අද සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කළේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමටයි. මෙරට ක්‍රීඩාව දියුණුකිරීම වෙනුවෙන් අවශ්‍ය ජාතික ක්‍රීඩා සභාව පිහිටුවා ගැනීමට ඔබේ සහාය බලාපොරොත්තු වෙනවා. මගේ අභිමතය පරිදි මම ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අපි සියලුදෙනාම සාකච්ඡා කර ජාතික ක්‍රීඩා සභාවට අවශ්‍ය සාමාජිකයින් පත් කර ගනිමු මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකොන් මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් ද, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයින් වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, යෂ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා, රොහාන් ප්‍රනාන්දු මහතා සාකච්ඡාව සදහා සහභාගී වූ අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේජර් ජෙනරල් රාජිත අම්පෙමොහොට්ටි මහතා, රුවන් කෑරගල මහතා, රොවේනා සමරසිංහ මහත්මිය එක් විය.

 

 

Post Views: 2
Previous Post

වාචික ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් – කථානායක

Next Post

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගහැරිය නොහැකියි – ධීවර ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගහැරිය නොහැකියි - ධීවර ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved