ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE වෙළඳපොළට හඳුන්වා දී ඇති ස්මාර්ට් දුරකථන මාලාව, ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට ඉහළම වටිනාකමක් දෙන සුවිශේෂී ස්මාර්ට් දුරකථන එකතුවකි. ඉතාමත් සහනදායී මිලකට ලබාගත හැකි මෙම දුරකථන, විශේෂාංග රැසකින් සහ ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුක්ත ය.
1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. කෙසේ වුවද ZTE සමාගම ස්මාර්ට් දුරකථන නිෂ්පාදනය ආරම්භ කළේ මෑතකදී වන අතර, සහනදායී මිලකට විශේෂාංග රාශියකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දීම සමාගමේ අරමුණ විය.
ZTE දුරකථන අතර ‘Upper-midrange’ මට්ටමේ ප්‍රධානම මාදිලියක් වන ZTE V30 මාදිලිය, මීට සමාන තලයේ ස්මාර්ට් දුරකථන වල ඇතුළත් විශේෂාංග සියල්ලම පාහේ ඊට අඩු මුදලකට ලබාදෙයි. ඉතාමත් අලංකාර නිමාවකින් යුත් මෙම මාදිලිය කළු සහ නිල් වර්ණ වලින්, රු. 69,999/- කට මිලදීගත හැක. 64MP ප්‍රධාන කැමරාව සමග 8MP ultrawide lens, 5MP macro lens, සහ 2MP depth sensing camera වශයෙන් කැමරා 4 කින් සමන්විත පසුපස කැමරා පද්ධතිය විශිෂ්ට මට්ටමේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාදෙයි. එමෙන්ම උසස් තත්වයේ සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සඳහා මෙයට 16MP ඉදිරිපස කැමරාවක් යොදා තිබේ.
128GB මතක ධාරිතාවක් සහ 4GB RAM සමග Octa-core ප්‍රොසෙසරයක් යොදා ඇති නිසා මෙය ක්‍රියාකාරීත්වය අතින් ඉහළ ස්මාර්ට් දුරකථනයක් බවට පත්වී ඇත. ZTE V30 මාදිලියේ 5,000mAh බැටරියේ ආරෝපණය (Battery Charge) දිගු වේලාවක් පවතින අතර, එහි බලසම්පන්න GPU සහ අඟල් 6.67 1080p IPS දර්ශන තිරය mobile gaming සඳහා ඉතාමත් සුදුසු ය.
ZTE V30 Vita මාදිලිය, සහනදායී මිලකට ඉහළ ක්රියාකාරීත්වයක් සහිත ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට ඉතාමත් සුදුසු තේරීමකි. 128GB මතක ධාරිතාවක් සහ 4GB RAM සහිත මෙම මාදිලිය රු. 53,999/- කට මිලදීගත හැකි වේ. මෙහි පසුපස කැමරා පද්ධතිය 48MP ප්‍රධාන කැමරාව සමග, 5MP macro camera සහ 2MP depth sensing camera වශයෙන් කැමරා 3 කින් සමන්විත වන අතර, ඊට යොදා ඇත්තේ 5,000mAh බැටරියකි. ඉතාමත් අලංකාර නිමාවකින් යුතු මෙම මාදිලිය නිල්, අළු සහ කොළ වර්ණ වලින් මිලදීගත හැකි වේ.
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට දැන් www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැක.
ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ.
ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.
පිටපත -PR
ZTE Smartphones, Best Value for the Most Reasonable Price
Manufactured by a global telecommunications giant that has supported telecom networks worldwide since 1985, the ZTE Blade series of smartphones provide the best value for Sri Lankan consumers looking to get the best performance at the lowest possible price. ZTE, a company has a long history in Sri Lanka spanning over 20 years and has supported leading telcos and other organizations to maintain and run their telecommunications networks, is able to provide consumers with devices at much more reasonable prices than other popular brands.
Leading ZTE’s upper-midrange line up, the ZTE Blade V30 is available in both black and blue. The elegant style makes this device look highly priced. However, at just LKR 69,999/- this beautiful device affords users with all of the best features offered by midrange phones, but at a very affordable price. The versatile and capable 4 camera set up on the rear of the phone makes for exceptional photos and video shoot, featuring a 64MP main camera, along with an 8MP ultrawide lens, and a 5MP macro lens, supported by a 2MP depth sensing camera. The front of the device features a further 16MP camera that is perfect for capturing any moment.
The phone also supports a very generous 128GB of storage, coupled with 4GB of RAM and a powerful Octa-core processor. The ZTE Blade V30’s 5,000mAh battery means you can enjoy an all-day battery life, while also taking advantage of the devices’ powerful GPU and 6.67-inch 1080p IPS display for some mobile gaming on the go.
For consumers looking for powerful and capable cameras at an even more affordable price, the ZTE Blade V30 Vita is a perfect choice, with 128GB of storage and 4GB of RAM. Priced at just LKR 53,999/- consumers can enjoy a very capable triple rear camera system, featuring a 48MP main camera, a 5MP macro camera and a 2MP depth sensing camera. Available in blue, grey and green, the ZTE Blade V30 Vita is an excellent, elegant and stylish choice. Plus, the huge 5,000mAh battery makes all day use a breeze.
Consumers can browse through and pick from the entire range of ZTE Blade smartphones online at www.singersl.com or at any Singer outlet and dealers islandwide.
The ZTE Corporation is a major global leader in telecommunications and information technology, founded in 1985 and listed on both the Hong Kong and Shenzhen Stock Exchanges. While a relatively new entrant to the consumer electronics space, ZTE has a history spanning 20 years in Sri Lanka, supplying and providing leading telcos and other organizations with the equipment they require to maintain and expand telecommunication networks and services. The Company serves operators, enterprises and consumers in over 160 countries to enable better connectivity and trust, with a vision of creating a brighter future for all.