27 April 2024
#දේශීය

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය මහනුවරින් පාගමන ආරම්භ කරයි

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන “සමගි බල පා ගමන” අද (26) මහනුවරින් ආරම්භ කලේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටියහ. 

මහනුවර,පේරාදෙණිය,කිරිබත්කුඹුර,පිළිමතලාව,කඩුගන්නාව හරහා මාවනැල්ලෙන් පළමු නැවතුම සටහන් කළ සමගි බල පා ගමන අද ගලිගමුව දක්වා ගමන් කරනු ඇත.

එය ලබන තිස් වැනිදා කොළඹට සේන්දු වීමට නියමිත අතර මැයි පළවෙනි දා “නිදහසේ අරගලය මැයෙන් “සියවසේ මැයි රැලිය” පැවැත්වේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *