• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමට – රජය

7 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේනදයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතලම ආර්ථික සමාජ අර්බුදයටත් දේශපාලන අස්ථාවරත්වයටත් ගොදුරු වී ඇත. ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී තිබෙන බවයි.

හැකි කෙටිම කාලය ඇතුලත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යාථාතත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගන් බව රජය පවසයි.

මහානායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, සෙසු පූජකවරු, ආර්ථික විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥයන් සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් අර්බුදය ජයගැනීමට කළයුතු ප්‍රතිසංස්කරණ කවරේදැයි ගතවූ කාලය තුල පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පසුගිය අප්‍රේල් 23 දා ප්‍රකාශයට පත්කළ නිවේදනයෙන් ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් හඳුන්වා දුන්නේය. රට හමුවේ ඇති හදිසිතම අභියෝගය ආර්ථික හා ණය අර්බුදය කෙටි කාලක් ඇතුලත කළමනාකරණය කිරීමයි. ප්‍රතිසංස්කරණ ආරම්භකොට ඉදිරියට ගෙන යාමට සමත් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් තිබීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව නීතීවේදීන්ගේ සංගමය විසින් අවධාරණය කෙරිණ.

මුල්‍ය සහන ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ බහුපාර්ශ්වික ආයතන සහ මිතුරු රටවල් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ. ඊට සාධනීය ප්‍රතිචාර පලවී ඇත. ඒවායේ සාර්ථකත්වය පිණිස අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය ගොඩ නැගීමට දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ සාමය ප්‍රධානම කොන්දේසියකි.

දැන් දින ගණනාවක සිට අගනුවර ඇතුළු රටපුරාම පාහේ සංවිධාන කෙරෙන ආවේගශීලී විරෝධතා ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇත. ඉන්ධන සැපයුම ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා පැමිණ තිබේ. දුම්රිය සහ පොදු මගී ප්‍රවාහනය අඩාල වී ඇත. රෝහල්වල දෛනික කාර්යයන්ට බාධා ඇතිවීමෙන් රෝගීහු පීඩාවට පත්ව සිටිති. ඇඟළුම් ඇතුළු නිෂ්පාදන කර්මාන්ත වල වැඩ විටන් විට ඇන හිටියි. දරුවනට පාසල් යාමට නොහැකි වී ඇත. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම කම්හල් සහ ආයතනවල සේවකයනට සේවයට වාර්තා කිරීමට අපහසු වී තිබේ. මේ විරෝධතා ජන ජීවිතය අඩාල කිරීමට අමතරව ආර්ථික අර්බුදය තවත් උත්සන්න කරයි.

එබැවින් මහජන ආරක්ෂාව සහ ජන ජීවිතය සුකරක්ෂිත කිරීම, අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරා ගැනීම පිණිස මහජන ආරක්ෂක ආඥා පනතින් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව හදිසි අවස්ථා නීතිය බලාත්මක කෙරිණ. හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණි. යථාතත්වය උදා වූ වහාම එය ඉවත් කරනු ලැබෙන බව රජය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම වෙනුවෙන් හදිසි නීතිය පැනවේ

Next Post

ලොරි රථයට හා ගොඩනැගිලි බිත්තියක් අතර සිරවී කාන්තාවක් මරුට

editor

editor

Next Post

ලොරි රථයට හා ගොඩනැගිලි බිත්තියක් අතර සිරවී කාන්තාවක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved