27 April 2024
#දේශීය

ලොරි රථයට හා ගොඩනැගිලි බිත්තියක් අතර සිරවී කාන්තාවක් මරුට

පොල්ගහවෙල, ඔරුලියද්ද ප්‍රදේශයේ ඊයේ (06) පස්වරුවේ පුද්ගලික කර්මාන්ත ආයතන තුලදී ලොරි රථයට හා ගොඩනැගිලි බිත්තියට හිර වී කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ලොරි රථයක් පනගන්වන අවස්ථාවක එම ලොරි රථයට එා ගොඩනැගිලි බිත්තියක් අතර සිරවී කාන්තාවක් බරපතල තුවාල ලබා පොල්ගහවේල රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණැගල රෝහල වෙත ඇතුලත් කිරිමේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 47 ක් වු දෙල්ගොල්ල, පොල්ගහවෙල ප්‍ර දේශයේ පදිංචිකාරියකි.

මිය ගිය කාන්තාව ලොරි රථ රියදුරුගේ බිරිඳ වන අතර මෘත ශරිරය කුරුණැගල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත. අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *