පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම උදෙසා, ආණ්ඩු ක්රමයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමත්, ජනතාවගේ ආර්ථික අමාරුකම්වලට සහන ලබාදීමත් අත්‍යවශ්‍ය බව, පිළිගන්නේ යැයි, සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෙසක් මාසය නිමිත්තෙන් අවිස්සාවේල්ල සීතාවක විහාරස්ථාන රැසක දහම් පාසල් සඳහා ගුරු පුටු පූජා කිරීමේ අවස්ථාවන්ට 2022.05.08 දින එක්වෙමිනි. කහහේන ප්‍රේමානන්ද දහම් පාසල, අකරවිට- ලෙනවර රජමහා විහාරස්ථ ධම්මානන්ද දහම් පාසල, කොස්ගම ශ්‍රී සුදර්ශනාරාම ශ්‍රී සුදර්ශන දහම් පාසල, කඩුගොඩ පුරාණ විහාරස්ථ සුචරිතෝදය දහම් පාසලට මෙසේ ගුරුපුටු පූජා කෙරිණි.
අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන්මෙම පරිත්‍යාග සිදුකෙරුණු අතර, පා.ම. යදාමිණි ගුණවර්ධන, සීතාවක ප්‍රා. ස. සභාපති ජයන්ත රෝහණ, ප්‍රා ස. මන්ත්‍රීවරුන් වන සමන්ත ගමගේ හා එල්. නන්දකුමාර යන මහත්තුරු මීට එක්ව සිටියහ.