අරලියගහ මන්දිරයේ පසුගිය 09 වනදා පැවැති රැස්වීමෙන් අනතුරුව ගෝල්ෆේස් පිටියට පැමිණ විරෝධතාකරුවන්ට පහර දිමට අදාළ හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 17 දෙනෙකුට රටින් පිටවිම තහනම් කරමින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විසින් කල ඉල්ලීමට කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කරන ලදි.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ , නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්රනාන්දු, පවිත්රා වන්නිආරච්චි, සංජිව එදිරිමාන, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, සම්පත් අතුකෝරල, රේණුක පෙරේරා, සනත් නිශ්න්ත, නිශාන්ත රණසිංහ, අමිත් අබේවික්රම, මහින්ද කහදගම, දිලිත් ෆැනැන්ඩෝ, දේශබන්දු තෙන්නකොන්, පුෂ්පාල් යන අයට මෙම නියෝගය නිකුත් කර ඇත.