• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොළඹ වරාය නගරයේ සංවර්ධන පාලන රෙගුලාසි නගර සංවර්ධනය සඳහා නව මිනුම් දණ්ඩක්

10 June 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී.

මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් සංවිධානය කෙරුණු වැඩසටහන පසුගිය 09 වන දින, කොලඹ වරාය නගර පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම සුවිශේෂී නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව 2018 වසරේ දී වරාය නගර ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ අතර, එය එක්සත් රාජධානියේ ප්‍රමුඛතම ඉංජිනේරු උපදේශන සමාගමක් වන Atkins හි තාක්ෂණික සහාය ඇතිව, ආසියාවේ විශාලතම නාගරික, කාර්මික හා යටිතල පහසුකම් පිළිබඳ උපදේශන සමාගමක් වන සිංගප්පූරුවේ, Surbana Jurong සමාගම විසින් සකස් කෙරිණි. ඉන් අනතුරුව එම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව ස්වීඩනයේ සැලසුම් උපදේශන සමාගමක් වන SWECO විසින් නිර්මාණය කරන ලද වරාය නගර ප්‍රධාන සැලසුමට ඇතුළත් කෙරිණි. එමෙන් ම මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව ගැසට් කිරීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ හා අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ අධීක්ෂණයට ලක් කෙරිණි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා දැනුවත් කිරීමේ වැඩසටහනේ මුලසුන දරමින්, ශ්‍රී ලංකාවේ අනෙකුත් නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාවේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේය. එමෙන් ම මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක කිරීමේ දී අනෙකුත් රජයේ පාර්ශ්වකාර ආයතනවල කාර්යභාරය සහ වගකීම පිළිබඳව ද ආචාර්ය වික්‍රම මහතා පැහැදිලි කළේය.

වෙරළ සංරක්ෂණ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු. රණවක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය සමන්ත, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිවන නිලධාරී පී.ඩී.කේ.ඒ.විල්සන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලලිත් විජේරත්න, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ චින්තක රත්නසිරි, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස්. ගමගේ, මධ්‍යම පරිසර අධිකාරියේ නීති අධ්‍යක්ෂිකා මංජුලා විමලසේන, CHEC Port City Colombo සමාගමේ නාගරික සැලසුම් කළමනාකරු අරුණ බණ්ඩාර සහ CHEC Port City Colombo සමාගමේ උපදේශක ඩබ්. ඒ. ඩී. ඩී. විජේසූරිය යන මහත්ම මහත්මීහු ද ඊට සහභාගි වූහ.

කොළඹ වරාය නගරය තුළ මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මගින් එම ව්‍යාපෘතියේ සංවර්ධකයින්, පදිංචිකරුවන්, ආයෝජකයින්, එම ව්‍යාපෘතිය අවට ජීවත්වන ජනතාව ඇතුළු අනෙකුත් සෑම පාර්ශ්වයකට ම ප්‍රතිලාභ ලබා දීම මූලික අරමුණක්ව පවතී.

කොළඹ වරාය නගරයේ සෑම බිම් කොටසක ම ඉදි වන ගොඩනැගිලිවල සංවර්ධන තීව්‍රතාව, එම ගොඩනැඟිල්ල පිහිටුවීම සහ එහි උස මෙම නව සංවර්ධන පාලන රෙගුලාසි මාලාව මගින් නියාමනය කෙරෙයි. එමෙන් ම මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධනය ක්‍රමවත්ව නියාමනය කිරීම සඳහා වඩාත් ඵලදායී සැලසුම් මෙවලමක් ලෙස භාවිත කළ හැකි වීම විශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැකි අතර, එ මගින් වරාය නගරය තුළ ඇති ඉඩම්වල සිදු කළ හැකි සංවර්ධන අවස්ථා පිළිබඳව අදාළ ඉඩම්වල හිමිකරුවන්‍ට හා එහි සංවර්ධකයින්ට පැහැදිලි අවබෝධයක් ලබා දෙන බව ද පැවසිය යුතු ම කරුණකි.

මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව මගින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නාගරික සැලසුම්, උපයෝගිතා, භූ දර්ශනය සහ තිරසාර බව ආදී වශයෙන් කොටස් 4කට වෙන් කර ඇත. එමෙන් ම මෙම සංවර්ධන පාලන රෙගුලාසි මගින් ගොඩනැගිලිවල ස්කන්ධය, ඉඩම් පරිහරණය, ගණ ශුන්‍ය අනුපාත, හරිත හා පොදු අවශ්‍යතා සඳහා වෙන්වන භූමි ප්‍රමාණය, ප්‍රාදේශීයකරණය වූ ලක්ෂණ, උපයෝගිතා ජාලය සහ භාවිතය හා තිරසාර පියවර ආදී අංශ ඇතුළත් සංවර්ධන රාමුවක් නිර්මාණය කරන අතර, ජල සංරක්ෂණ ක්‍රමවේදයන් හා විවිධ උපාංග භාවිතය තුළින් ජල පරිභෝජනය අවම කිරීම සඳහා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීම, පුනර්ජනනීය බලශක්ති විසඳුම් භාවිතය, පාරිසරික තත්ත්වය ඉහළ නැංවීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, අප ජලය නිසියාකාරව බැහැර කිරීම හා නැවත පිරිසිඳු කර භාවිතය, පොදු අවකාශයන් සංවර්ධනය කිරීම සහ තිරසාර ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය ආදී පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ද විසඳුම් ලබා දෙයි.

මුහුදේ ගොඩ කරන ලද හෙක්ටයාර 269 කට වැඩි භූමි ප්‍රමාණයකින් සමන්විත කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාව තුළ ඉදිවන ප්‍රථම, සැලසුම් කරනු ලැබූ නගරය වන අතර, එහි සියලු ම ගමනාන්තයන් වෙත පයින් හෝ පා පැදියක් මගින් ළඟාවීමේ හැකියාව ඇත. එමෙන් ම මෙම නගරය, ඒ සඳහා ම නිර්මාණය කෙරුණු මාර්ග, පා පැදි මං තීරු, ඇවිදීමේ මංතීරු ආදී පහසුකම් සහිතව සැලසුම් කර ඇත.

මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, දකුණු ආසියාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික නගරයක් නිර්මාණය කිරීම සහ එමගින් නව ව්‍යාපාරික අවස්ථා උත්පාදනය, සංචාරක ව්‍යාපාරය නැංවීම හා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීම සඳහා සහාය වීම ආදී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කොලඹ වරාය නගර ව්‍යාපෘතියට සුවිශේෂී සහයෝගයක් ලබා දෙන බව ද පැවසිය යුතු ම කරුණකි.

 

 

පිටපත – PR 

Post Views: 8
Previous Post

සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න – ජනපති

Next Post

ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබේ

editor

editor

Next Post

ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved