• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරේ

2 August 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව ක්‍රියාත්මක කරන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ 4 වන අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය.

අනුරාධපුර, බදුල්ල සහ වවුනියාව යන ප්‍රදේශ ආවරණය කළ මෙම වැඩසටහන, COVID-19 සම්බන්ධ සීමාවන් නිසා මෙවර පවත්වන ලද්දේ මාර්ගගත (Online) වැඩසටහනක් වශයෙනි.

DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ එක් පියවරක් වශයෙන්, මෙරට අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව ශ්‍රම බලකායට එක්වීමට හැකිවීම සඳහා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙවර වැඩසටහන සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සව මාලාවක්, ඔවුන් පාඨමාලාවන්ට එක්වූ ප්‍රදේශ වල පිහිටි DFCC බැංකු ශාඛා වලදී පැවැත්විණි. මෙහිදී ඔවුන්ට වටිනා සහතිකපත් පිරිනමන ලද අතර, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් හමුවීමටද ඔවුන්ට අවස්ථාව ලැබිණි.

‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මීට පෙර 2017, 2018 සහ 2019 වසර වලදී ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව සහ යාපනය යන ප්‍රදේශ වල පවත්වන ලද අතර, සිසු සිසුවියන් 300 කට අධික පිරිසක් එම වැඩසටහන් වලට එක්වූහ. එහෙත් 2020 සහ 2021 වසර වලදී COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මෙම වැඩසටහන පැවැත්වීමට නොහැකි විය. මෙම වසරේදී ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අනුරාධපුර, වවුනියාව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක තුළ පවත්වන ලද අතර, තරුණ තරුණියන් 50 කට අධික පිරිසකට එමගින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව ලැබිණි. මෙය එම තරුණ තරුණියන්ට ශ්‍රම බලකායට එක්වීම සඳහා අවශ්‍ය සුදුසුකමක් වන කථන ඉංග්‍රීසි සහ මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ, අභියෝග හමුවේ පවා ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන නැවත ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “සමාජයීය වශයෙන් වගකීම් සහගත බැංකුවක් වශයෙන්, තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය සහ මෘදු කුසලතා වර්ධනය කිරීම කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. මෙම හැකියාවන් තිබෙන අයට රැකියාවක් සොයාගැනීම මෙන්ම රැකියාවේ ඉදිරියට යාමත් පහසුයි. එමෙන්ම ඔවුන්ට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනවා. අධ්‍යාපනය යනු අපගේ පුළුල් තිරසාරත්ව ක්‍රමෝපාය තුළ ප්‍රමුඛත්වය හිමිවන ප්‍රධානතම අංග 6 න් එකක්. මේ නිසාම අප අධ්‍යාපනික වැඩසටහන් රාශියකට දැනටමත් දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම මෙය, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව සහිත ශක්තිමත් ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහයට සමගාමී පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මේ දුෂ්කර කාලසීමාවේදී පවා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ ඉලක්කයයි. තරුණ පරපුරට තම සිහින සැබෑ කරගනිමින්, තමන් අපේක්ෂා කරන ආකාරයේ ජීවිත ගතකිරීමට ලැබෙන කාලයක් ඉක්මනින් උදාවේවා කියා අප ප්‍රර්ථනා කරනවා.” ආසිරි ඉද්දමල්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.

DFCC බැංකුවේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මාස 3 ක් පුරා පැවැත්වෙන අතර, එහිදී ඉංග්‍රීසි භාෂා සන්නිවේදන කුසලතා, මූලික ව්‍යාකරණ සහ වාක්‍ය ව්‍යුහයන්, සවන්දීමේ කුසලතා, කියවීමේ කුසලතා සහ ලිවීමේ කුසලතා යනාදී අංශ ආවරණය කරයි. රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් මෙම පාඨමාලාව තුළදී සිසු සිසුවියන්ට යුගළ සහ කණ්ඩායම් වශයෙන් ක්‍රියාකාරකම් වල යෙදෙමින් තම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෙම තරුණ තරුණියන්ට මාසයක් පුරා තම මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමේ වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීම, කාල කළමනාකරණය, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම සහ ඉදිරිපත් කිරීමේ හා ලිවීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම වැනි මූලික කරුණු ආවරණය කෙරේ.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන්ට, බාධාවකින් තොරව මාර්ගගත ක්‍රමයට ඊට සහභාගී වීමට හැකි වීම සඳහා දත්ත දීමනාවක් සහ ‘හෑන්ඩ්ස්ෆ්‍රී සෙට්’ එකක්ද නොමිලේ හිමි වේ. DFCC බැංකුවේ ෆේස්බුක් පිටුව ඔස්සේ වැඩසටහන සඳහා අයදුම්පත් භාරගනු ලබන අතර, මූලික මාර්ගගත තක්සේරුවකින් අනතුරුව සුදුස්සෝ තෝරාගැනෙති.

සිය තිරසාර ක්‍රමෝපාය ඔස්සේ, අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කරමින්, අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව කැපවී සිටී. මෙම අරමුණ වෙනුවෙන් DFCC බැංකුව ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනට අමතරව තවත් අධ්‍යාපනික සහ ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන තුළදී ඉහළම දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට DFCC බැංකුව තුළ සීමාවාසික පුහුණු අවස්ථාවන්ද හිමි වීම විශේෂත්වයකි.

 

 

Graduates of DFCC Samata English Programme Felicitated

DFCC Bank, the Bank for Everyone, has successfully conducted its “Samata English” programme for the 4th year, as an online course, due to COVID -19 restrictions, in Anuradhapura, Badulla and Vavuniya. The Samata English programme is a special initiative by DFCC Bank, conducted in line with its broader sustainability strategy, to promote spoken English skills and develop various soft skills among youth aged 18-25, helping them to enter the workforce with confidence.

The graduates of this year’s DFCC Samata English programme were felicitated at Graduation Ceremonies held at DFCC Bank’s Branches. These ceremonies saw participants receive certificates for having completed the course, while also getting an opportunity to meet some of DFCC Bank’s senior management.

The DFCC Samata English programme was previously held for 3 years consecutively in 2017, 2018 and 2019 for youth in Gampaha, Kalutara, Kandy, Kurunegala, Galle, Ampara, Rathnapura, Polonnaruwa and Jaffna, benefitting over 300 students. However, in 2020 and 2021, the Bank was unable to conduct the programme as a result of the global pandemic. This year, the programme focused on youth in the Anuradhapura, Vavuniya and Badulla Districts, with over 50 young people benefitting from the programme. These youth will now have the necessary spoken English and soft skills required to enter the workforce.

Commenting on the initiative, Senior Vice President – Retail Banking & SME at DFCC Bank, Aasiri Iddamalgoda said, “It gives me immense pleasure to say that, despite the challenges we face, we have been able to continue the DFCC Samata English programme. As a socially responsible bank, we have identified the importance of English language proficiency and soft skills development for our youth. Individuals with these skills will be able to easily enter the workforce and progress in their chosen careers, while also being empowered to communicate with a global audience. Furthermore, education is one of the 6Es of our Sustainability Strategy, which has led us to be extensively involved with various educational initiatives. This initiative also aligns with our commitment to developing resilient communities. At DFCC Bank, we intend to continue with these initiatives, providing hope to our communities, even in these difficult times, as we look forward to a future where our youth can chase their dreams and live the life they wish.”

DFCC Samata English involves a 3-month-long study programme for spoken English, covering areas such as improving communication skills in English, basic grammar and sentence structures, improving listening, reading and writing skills needed for the job market and activity-based learning, including pair and group work. In addition to this, participants also take part in a soft skills development programme, which looks at areas such as being a good team player, time management, how to face an interview, and presentation and writing skills.

The DFCC Samata English programme is conducted free of charge. Participants are also provided with a free data allowance and a hands-free headset to allow them to attend online sessions without any encumbrances. Applications were obtained for the programme via DFCC Bank’s Facebook page, and suitable candidates were selected through an initial online assessment.
Driven by its Sustainability Strategy, DFCC Bank is committed to creating resilient communities that can thrive through the increased opportunities that education brings. In addition to the DFCC Samata English initiative, the Bank also conducts various other educational and socially responsible initiatives. The best-performing participants of this programme will further be entitled to preferential internship opportunities at DFCC Bank.

 

 

DFCC Samata English Programme நிகழ்ச்சித்திட்டத்தின் பட்டதாரிகளுக்கான பாராட்டு நிகழ்வு

அனைவருக்கும் ஏற்ற வங்கியான, DFCC வங்கி, அனுராதபுரம், பதுளை மற்றும் வவுனியா போன்ற சில பகுதிகளில் கொவிட் கட்டுப்பாடுகள் காரணமாக, தனது Samata English (அனைவருக்கும் ஆங்கிலம்) என்ற நிகழ்ச்சித்திட்டத்தை 4 ஆவது ஆண்டாக இணைய வழி பாடத்திட்டமாக வெற்றிகரமாக நடத்தியுள்ளது. Samata English நிகழ்ச்சித்திட்டம் என்பது DFCC வங்கியின் ஒரு விசேட முயற்சி என்பதுடன், இது க.பொ.த உயர்தரப் பரீட்சையில் சித்தியடைந்த 18-25 வயதுடைய இளைஞர்,யுவதிகளிடையே ஆங்கிலப் பேச்சுத் திறன்களை மேம்படுத்துவதற்கும் பல்வேறு மென் திறன்களை மேம்படுத்துவதற்கும் அதன் விரிவான நிலைபேண்தகைமை மூலோபாயத்திற்கு அமைவாக நடத்தப்பட்டது.

இந்த ஆண்டுக்கான DFCC Samata English நிகழ்ச்சித்திட்டத்தின் பட்டதாரிகள், அவரவர் பங்குபற்றிய பிரதேசங்களில் உள்ள DFCC வங்கியின் கிளைகளில் நடைபெற்ற பட்டமளிப்பு விழாக்களில் பாராட்டிக் கௌரவிக்கப்பட்டனர். இந்த வைபவங்களில் பங்கேற்பாளர்கள் பாடநெறியை நிறைவு செய்ததற்கான சான்றிதழைப் பெற்றுக்கொண்டதுடன், DFCC வங்கியின் சிரேஷ்ட முகாமைத்துவ அதிகாரிகள் சிலரைச் சந்திக்கும் வாய்ப்பையும் பெற்றனர்.

கம்பஹா, களுத்துறை, கண்டி, குருநாகல், காலி, அம்பாறை, இரத்தினபுரி, பொலன்னறுவை மற்றும் யாழ்ப்பாணம் ஆகிய இடங்களில் உள்ள இளைஞர்,யுவதிகளுக்காக 2017, 2018 மற்றும் 2019 ஆம் ஆண்டுகளில் தொடர்ச்சியாக 3 வருடங்களாக DFCC Samata English நிகழ்ச்சித்திட்டம் நடத்தப்பட்டு 300 க்கும் மேற்பட்ட மாணவர்கள் பயனடைந்தனர். இருப்பினும், 2020 மற்றும் 2021 ஆம் ஆண்டுகளில், உலகளாவிய தொற்றுநோயின் விளைவாக வங்கியால் இந்நிகழ்ச்சித்திட்டத்தை முன்னெடுக்க முடியவில்லை. இந்த ஆண்டு, அனுராதபுரம், வவுனியா மற்றும் பதுளை மாவட்டங்களில் உள்ள இளைஞர்,யுவதிகளை மையப்படுத்தி, 50 இற்கும் மேற்பட்ட இளைஞர்,யுவதிகள் இத்திட்டத்தின் மூலம் பயனடைந்தனர். இந்த இளைஞர்,யுவதிகள் இப்போது வேலைக்குச் செல்வதற்குத் தேவையான ஆங்கில பேச்சு மற்றும் மென் திறன்களைக் கொண்டிருக்கிறார்கள்.

இம்முயற்சி குறித்து DFCC வங்கியின் சில்லறை வங்கிச்சேவை, சிறிய மற்றும் நடுத்தர அளவிலான தொழில் துறைகளுக்கான சிரேஷ்ட துணைத் தலைமை அதிகாரியான ஆசிரி இத்தமல்கொட அவர்கள் கருத்துத் தெரிவிக்கையில், “நாம் சவால்களுக்கு முகங்கொடுத்த போதிலும், DFCC Samata English நிகழ்ச்சித்திட்டத்தை மீள ஆரம்பிக்க முடிந்துள்ளது என்பதை கூறுவது
எனக்கு மட்டற்ற மகிழ்ச்சியை அளிக்கிறது. சமூகப் பொறுப்புணர்வுள்ள வங்கி என்ற வகையில், நமது இளைஞர்,யுவதிகளுக்கு ஆங்கில மொழிப் புலமை மற்றும் மென் திறன் விருத்தியின் முக்கியத்துவத்தை நாங்கள் அடையாளம் கண்டுள்ளோம். இந்தத் திறன்களைக் கொண்ட தனிநபர்கள் மிகவும் எளிதாக தொழிற்படையினுள் காலடியெடுத்து வைக்க முடியும் என்பதுடன் அவர்கள் தேர்ந்தெடுத்த தொழில் துறைகளில் முன்னேற முடியும். அதே நேரத்தில் உலகளாவிய ரீதியில் தொடர்பாடல்களை சிரமமின்றி மேற்கொள்ளவும் அவர்கள் வலுவூட்டப்படுகின்றனர். மேலும், கல்வி என்பது எங்கள் விரிவான நிலைபேண்தகைமை மூலோபாயத்தின் 6 E களில் ஒன்றாகும். இது பல்வேறு கல்வி முயற்சிகளில் எங்களை ஆழமாக ஈடுபடுத்த வழிவகுத்தது. இந்த முயற்சியானது, எந்த சூழ்நிலையிலிருந்து மீண்டு எழக்கூடிய திறன் கொண்ட சமூகங்களை விருத்தி செய்வதற்கான எமது அர்ப்பணிப்புடன் ஒத்திசைகிறது,” என்று குறிப்பிட்டார்.

DFCC Samata English நிகழ்ச்சித்திட்டமானது ஆங்கில பேச்சுக்கான 3 மாத கால கற்கைத் திட்டத்தை உள்ளடக்கியதுடன், ஆங்கிலத்தில் தொடர்பாடும் திறன், அடிப்படை இலக்கணம் மற்றும் வாக்கிய அமைப்புகளை மேம்படுத்துதல், கேட்கும் திறனை மேம்படுத்துதல், வாசிக்கும் திறனை மேம்படுத்துதல், தொழில் சந்தை மற்றும் செயல்பாடுகள் அடிப்படையிலான கற்றல் ஆகியவற்றுக்கு தேவையான எழுத்து திறன்களை மேம்படுத்துதல் போன்ற பகுதிகளை உள்ளடக்கியது. இதில் இன்னுமொருவருடன் இணைந்து ஜோடியாகவும் மற்றும் குழுப்பணியாகவும் கற்கும் செயல்பாடுகள் அடங்கியுள்ளன. இது தவிர, பங்கேற்பாளர்கள் ஒரு மாத கால மென்திறன் மேம்பாட்டு நிகழ்ச்சித்திட்டத்திலும் அவர்கள் பங்கேற்கின்றனர். இது ஒன்றுபட்ட உழைப்பில் சிறந்து விளங்குவது, நேரத்தை நிர்வகிப்பது, நேர்காணலுக்கு எவ்வாறு முகங்கொடுப்பது மற்றும் படைப்பு விளக்கக்காட்சி மற்றும் எழுதும் திறன் போன்றவற்றில் கவனம் செலுத்தியுள்ளது.

DFCC Samata English நிகழ்ச்சித்திட்டத்திற்கான பாடத்திட்டங்கள், வங்கியின் சார்பாக, Gateway Language Institute கற்கை நிறுவனத்தால் நடத்தப்பட்டு, இலவசமாக வழங்கப்படுகின்றன. பங்கேற்பாளர்களுக்கு இடையூறுகளின்றி நிகழ்நிலை கற்கை அமர்வுகளுக்கு சமூகமளிப்பதற்காக இலவச தரவு ஊக்குவிப்பு மற்றும் handsfree headset சாதனம் ஆகியவை வழங்கப்படுகின்றன. DFCC வங்கியின் முகநூல் பக்கத்தின் ஊடாக நிகழ்ச்சித்திட்டத்திற்கான விண்ணப்பங்கள் பெறப்பட்டன. மேலும் ஆரம்ப நிகழ்நிலை மதிப்பீட்டின் மூலம் பொருத்தமான விண்ணப்பதாரர்கள் தெரிவு செய்யப்பட்டனர்.

DFCC வங்கியானது அதன் நிலைபேண்தகைமை மூலோபாயத்தின் உந்துசக்தியுடன், கல்வியினால் கிடைக்கப்பெறும் அதிகரித்த வாய்ப்புகளின் மூலம் செழிக்கக்கூடிய எந்த சூழ்நிலைக்கு முகங்கொடுத்து, அதிலிருந்து மீளும் திறன் கொண்ட சமூகங்களைத் தோற்றுவிக்க உறுதிபூண்டுள்ளது. DFCC
Samata English நிகழ்ச்சித்திட்டம் தவிர, வங்கி ஏனைய பல்வேறு கல்வி மற்றும் சமூகப் பொறுப்புணர்வு முயற்சிகளையும் முன்னெடுக்கிறது. இந்த நிகழ்ச்சித்திட்டத்தில் சிறப்பாகச் செயல்படும் பங்கேற்பாளர்கள் DFCC வங்கியில் முன்னுரிமை அடிப்படையில் உள்ளகப் பயிற்சி வாய்ப்புகளைப் பெறுவார்கள்.

 

 

 

 

 

 

 

 

Post Views: 11
Previous Post

මෙරටට ඩොලර් එවන අයට සහන රැසක් – ඇමැති මනුෂ නානායක්කාර

Next Post

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම්

editor

editor

Next Post

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved