• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ

3 August 2022
in දේශීය

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයෝ පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ අද ( 03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට නියමිත අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළ කර තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

චෝදනාවලින් නිදොස් වු නිමල් යළි ඇමැති පුටුවට

Next Post

විදේශ කටයුතු අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයට සහභාගී වීමට නියමිතයි

editor

editor

Next Post

විදේශ කටයුතු අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයට සහභාගී වීමට නියමිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved