27 April 2024
#දේශීය

චෝදනාවලින් නිදොස් වු නිමල් යළි ඇමැති පුටුවට

ජපානයේ සමාගමකින් අල්ලස් ඉල්ලු බවට චෝදනා ලැබ සිටි ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චෝදනාවලින් නිදොස් වී යළි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජපානයේ, “තයිසේ” සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසමින් ඒ මහතා පසුගියදා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.

ඒ අනුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් ජූලි 22 වනදා ජනාධිපතිතුමා විසින් පත් කළ අතර එහි අවසන් වාර්තාව ජූලි 31 වනදා ජනාධිපති ලේකම්තුමා වෙත භාර දීම සිදු විය.

එම කමිටුවේ වාර්තාව අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *