• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

17 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (16) දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අයත් පී 175 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු (04), කාත්තාවන් දෙදෙනෙකු (02) සහ වයස අවුරුදු 18 ට අඩු සිව් දෙනෙකු (04) ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස පේසාලේ, ඌරු‍මලේ, කිලිනොච්චි සහ කන්තලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

Navy apprehends 10 individuals suspected to be attempting to illegally migrate from island

Sri Lanka Navy apprehend 10 individuals, suspected to be on an illegal migration attempt to a foreign country via sea, during a special operation conducted in seas off Kurusapadu, Talaimannar on the night of 16th August 2022.

Sri Lanka Navy has been conducting regular operations and patrols covering the sea and coastal areas around the island with the aim of suppressing illegal migration and other forms of illegal activities. In a similar operation, the Inshore Patrol Craft P 175 of SLNS Buwaneka in the North Central Naval Command intercepted a suspicious dinghy in the sea area of Kurusapadu on the night of 16th August. Upon investigation, the Navy apprehended 10 individuals who were suspected to be on an illegal migration attempt to a foreign country via sea. Among the apprehended individuals were; 04 males including 02 boat operators and 02 females who are over 18 years of age and 04 other individuals below 18 years of age. The Navy also held the dinghy used for this illegal sea voyage.

The suspects were identified as residents of Pesalai, Urumalai, Kilinochchi and Kantale and they were handed over to the Talaimannar Police for onward legal action.

As it is observed that human smugglers organize this nature of rackets using unsafe methods for the purpose of making fast money, the Navy urges the public to refrain from risking their lives by engaging in perilous sea voyages and be victims before the law.

Post Views: 3
Previous Post

ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලාංකේය දූ දරුවන් වෙනුවෙන් නැණස අධ්‍යාපන නාලිකා 8කට සවිබලය සපයයි

Next Post

මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව විදෙස් ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

editor

editor

Next Post

මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව විදෙස් ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved