• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය ගැන අමාත්‍ය මනුෂගේ නියමයෙන් වහාම පරීක්ෂණයක්

29 August 2022
in දේශීය

කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති කම්කරු ආරවුල් විසදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ පිළිබද කම්කරු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර ඇත.

අමාත්‍යවරයා මේ තීරණයට ගෙන ඇත්තේ අද (29) දිස්ත්‍රික් කම්කරු කාර්යාල සමග පැවති සූම් සාකච්ඡාවේ දීය. එහිදී මේ වන විටත් නොවිසදී ඇති කම්කරු ආරවුල් සම්බන්ධ ව අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුවිය.

ඒ අනුව ජුලි මස 31 වැනිදා වන විට කම්කරු ආරවුල් 9,585ක් නොවිසදී ඇති බවට අමාත්‍යවයරාගේ අවධානයට යොමුවිය. මේ වසරේ ජනවාරි පළමු වැනිදා වන විට නොවිසදී ඇති කම්කරු ආරවුල් 10,596ක් වූ අතර ජනවාරි පළමු වැනිදා සිට ජුලි 31 වැනිදා වන විට නව පැමිණිලි 4,935ක් ලැබී තිබුණි. මෙම කාලය තුළ විසදා ඇත්තේ කම්කරු ආරවුල් 5,946ක් පමණි. ඒ අනුව ජුලි 31 වැනිදා වන විට නොවිසදී ඇති කම්කරු ආරවුල් ගණන 9,585ක් වෙයි.

මේ වසරේ මාර්තු 2 වැනිදා සිට අගෝස්තු 25 වැනිදා දක්වා කාලය තුළ කම්කරු ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 4,103ක් ලැබී ඇති අතර, එයින් විසදා ඇත්තේ කම්කරු ආරවුල් 408ක් පමණි. මෙම කාලය තුළ දී පමණක් ලැබුණු කම්කරු ආරවුල් 3,695ක් විසදීමට ඉතිරි ව තිබේ.

ඵලදායී ලෙස කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කළ අතර, එම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කම්කරු ආරවුල් කඩිනමින් විසදිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ සදහා කම්කරු නිලධාරීන් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
‍

Post Views: 25
Previous Post

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ

Next Post

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක්‌ යාපනයේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක්‌ යාපනයේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved