• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මර්දනීය උපක්‍රමය නිවටයින්ගේ බියගුළු ක්‍රියාවක් – ජවිපෙ ටිල්වින්

1 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහට පිං ජනාධිපති තනතුර ලැබුණු පසු රාජපක්‍ෂවරුන්ගේ වුවමනාව අනුව දිගින් දිගටම උද්ඝෝෂණවලට පහරදෙමින් ජනතාව මර්දනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ජනතා විමුක්ති පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය ” මෙයට පෙරත් අවස්ථා කිහිපයකදීම අපි මේ ගැන අවධාරණය කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමකාමී උද්ඝෝෂණයකට පහරදී එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඉන්නවා. එයට විරෝධය පළකරමින් ශිෂ්‍යයන් හා වෘත්තීය සමිති සන්ධානය එකතුව පැවැත්වූ උද්ඝෝෂණයටත් ඊයේ (30) පහර දුන්නා. මර්දනය නවත්වන්න කියලා ගෙනයන උද්ඝෝෂණවලටත් පහර දෙනවා නම් ජනාධිපතිගෙන් අපි අහනවා සාමකාමී උද්ඝෝෂණය කරන්න ජනතාවට තිබෙන අයිතියට මොකද වෙන්නේ කියලා. ඊයේ පැවැත්වූ උද්ඝෝෂණය මර්දනය කරන්න පටන් ගත් මොහොතේම විශාල පොලිස් බලඇණියක් යොදවා 28 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් පළ කිරීමේ, සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය වාරණය කරන්න පොලිස් නිලධාරි මහත්වරුන් අධිකරණයට ගිය අවස්ථාවල ඒ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළා. සාමකාමී නොවන ක්‍රියා සිදුවුණහොත් අත්අඩංගුවට ගතහැකි බව අධිකරණය තීන්දු කළා.

රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂවරුන්ගේ කැමැත්ත ඉටු කරන්නත් ඔහුට තිබෙන තරහ පිරිමහ ගන්නත් උද්ඝෝෂණයක් පටන් ගන්නා විටම පහර දෙනවා. නීතිවිරෝධීව මේ උද්ඝෝෂණවල සිදුවුණේ මොනවාදැයි පොලීසිය නිලධාරීන්ට උසාවි ගානේ රස්තියාදුවී අනාගතයට බාධා ඇතිකර ගැනීමයි සිදුවෙන්නේ. සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමේ, අදහස් පළ කිරීමේ අයිතියට ගරු කරන්න කියලා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා. මහින්ද රාජපක්‍ෂලා විපක්‍ෂයේ ඉන්න කාලේ ඒ අයිතිය පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහලත් එහෙම කළා. තමන් විපක්‍ෂයේ ඉන්නකොට උපයෝගී කරගත් අයිතියක් ආණ්ඩු බලය ගත්තාම නීතිවිරෝධී වෙනවා නම් ඒක බරපතල තත්වයක්. මේ මර්දනකාරීත්වය වහාම නවත්වන්න කියලා අපි නැවතත් බල කරනවා. ඊයේ දවසේ පොලීසිය සමග අඩුම ගානේ සංවාදයක්වත් සිදුවුණේ නැහැ. පොලිසියෙන් අවවාදයක්වත් දුන්නේ නැහැ. විරෝධතා පෙළපාලියෙන් පස්සේ රැස්වීමක් පවත්වලා විසිර යන්නයි සූදානම් වුණේ. මිනිස්සුන්ගේ විරෝධය යට කිරීමෙන් රාජපක්‍ෂලාට විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහලාටත් සිදුවෙන්නේ යන එනමං හොයාගන්න බැරිවීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් රඳවාගෙන සිටින සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන්න කියලා අපි බල කරනවා.

රනිල් වික්‍රමසිංහට ටෙම්පරි ජනාධිපතිකම නිකං ලැබෙන්නේ. ජනතා නැගිටීමට අදාල හේතු සොයා බලලා විසඳුම් ලබාදෙන්න රනිල් වික්‍රමසිංහලාටත් බැහැ. විසඳුම් සොයනවා වෙනුවට ප්‍රශ්න වැඩි කිරීමයි කරන්නේ. තෙල් පෝලිම් නැති කළා කියලා රනිල් වික්‍රමසිංහලා කයිවාරු ගැහුවා. දැන් කිව්.ආර් කෝඞ් එක දීලා තියෙද්දීත් පෝලිම් හැදිලා. ජනතාවට තෙල් ටික වෙලාවට ගෙනත් දෙන්න හැකියාවක් ඔවුන්ට නැහැ. අධික ලෙස මිල ඉහළ දැමීමෙන් ජනතාව ඉතාම අඩුවෙන් පරිභෝජනය කරද්දිත් අවශ්‍ය තෙල් ගෙනත් දෙන්න බැරි වෙලා. ඊට අමතරව විදුලි බිලත් විශාල වශයෙන් වැඩිකර තිබෙන අතරේ භූමිතෙල් මිල රු. 253කින් එකවර වැඩි කළා. භූමිතෙල් ලීටරයක් දැන් රු.340යි. ඒක දරාගන්න බැහැ. ජල ගාස්තුත් වැඩි කරන අතරේ වැට් බද්ද 12% ඉහඳලා 15% දක්වා වැඩි කරනවා. ලෝකයේ වැඩිම උද්ධමනය තිබෙන රටවල් අතර ලංකාව පස්වෙනි තැන ගන්නවා. ආහාර උද්ධමනය 91%ත් පැනලා. බඩු හිඟයක් තියෙනවා. මේ තත්වය තුළ තාවකාලිකව නතර වුණු ජනතා විරෝධයන් නැවත එන බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ විරෝධයන් පටන් ගෙන ගෝඨාභය රාජපක්‍ෂට සිදුවුණු දේයම සිදුවිය හැකි බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ නිසා උද්ඝෝෂණ පටන් ගන්නකොටම නවත්වන්න උත්සාහ කරන බව අපට පැහැදිලියි.

උද්ඝෝෂණ කිරීමට ජනතාවට බලකරන සමාජ ආර්ථික දේශපාලනික සාධක වෙනස් කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව පාරට බහින්නේ ඊට පොළඹවන ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන්. මර්දන අවිය අතටගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම නිසයි. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නෙවෙයි, නිවටකමයි. මේවා නිවට, බියගුළු වැඩ. ශක්තිමත් ආණ්ඩු උද්ඝෝෂණවලට බය නැහැ. ආණ්ඩුව දුර්වලයි නම් පොඩි උද්ඝෝෂණවලටත් බය වෙනවා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා දුර්වලකම් වැඩිකරලා තියෙන්නේ. රනිල් විරෝධී පිරිස් හැදූ ආණ්ඩුව රනිල් ගත්තාට පස්සේ තවත් දුර්වල වෙලා තියෙන්නේ. උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි. අරගලයේ හිටි අය හොය හොයා දඩයම් කරනවා නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා නම් මේ තත්වයන් නවත්වන්න ඉන්නේ ජනාතවයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ආණ්ඩුවට මේ විරාමය නොදිය යුතු බවයි. මේ ආණ්ඩුව පරාජයට පත්කිරීමෙන් තොරව බේරන්න බැහැ. මෙවැනි දුෂ්ඨ, අසමත් බියට පත්වුණු, තිගැස්සුණු ආණ්ඩුවකින් ජනතා අයිතීන් දිනාගන්න බැහැ. මර්දනය නවත්වන්නේ නැහැ. දැනටමත් ලංකාව ඇතුළු මානව හිමිකම් නඩු කිහිපයක් වැටිලා තියෙනවා. ලබන මාසේ ජිනීවාවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වෙනවා. ඉතිහාසයේ පළවැනි වතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කොමිසම ඉදිරියට ගිහින් මර්දනය නවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා විශාල බලපෑමක් කරනවා.

ඉතාම කුඩා උද්ඝෝෂණයකින් පවා වැටෙයි කියන බයක් ආණ්ඩුවට තියෙනවා. මේ ආණ්ඩුවට කරුණු කියලා, බල කරලා බේරන්න බැහැ. ආර්ථික අර්බුදය ජනතාව පිට පැටවීමට විරුද්ධව සටන් කරන ජනතාව මර්දනය කරන්න උත්සාහ කරන ආණ්ඩුව හැකි ඉක්මනින් පරාජය කරන්න ඕනෑ. ඒ නිසා ජනතාව මත බර පැටවීමට සහ මර්දනකාරීත්වයට එරෙහිව රාජපක්‍ෂලා ගිය පාරේ යන රනිල් වික්‍රමසිංහලාට රට පාලනය කිරීමේ ජන වරමක් නැහැ. ඒ නිසා ඉක්මනින්ම මැතිවරණයක් දිනාගෙන මනුෂ්‍යත්වය තියෙන, මානව හිමිකම් රකින ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හදන්න ඕනෑ. ජනතාව මර්දනය කරමින් යන ආණ්ඩුව පළවා හැරීම විතරයි අපිට ඉතිරිවී තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ යහපාලනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය හැටියට පෙනී සිටි වෙස්මුහුණ ගැලවිලා. දැන් ම්ලේච්ඡ ගෝත්‍රික ලක්‍ෂණ ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය එයාම ගලවාගෙන තිබෙනවා. ජනතාව මර්දනය කරමින් ඉතිරි කාලය ඉන්න බලන ආණ්ඩුව පළවා හැරීම විතරයි අපිට තියෙන්නේ. මර්දනය නිසා ජනතාවගේ වෛරය දැඩිවීම විතරයි සිදුවී තිබෙන්නේ. ගෝර්කි කීවා වගේ ලේ සාගරයක ගිල්වලා සත්‍යය මරා දාන්න බැහැ. ආණ්ඩුව මර්දනය නවත්වන ලෙස අවධාරණය කරන අතර බිය නොවී පෙරට එන ලෙස ජනතාවට ආරාධනා කරනවා. යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා සහ වෛද්‍ය එච්.පී.ධම්මික මහතා සහභාගි විය.

Post Views: 3
Previous Post

අතුරු අයවැය ශ්‍රී ලංකාවේ අර්බුදය තාර්කිකව තේරුම් ගත්තා – එස්.බී

Next Post

INSEE සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවණීය ආයතන අතරට

editor

editor

Next Post

INSEE සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවණීය ආයතන අතරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved