• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටක් විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න මේ හොඳම අවස්ථාවයි – මන්ත්‍රී සංජිව

28 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලංකාව පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන රටක් විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට අනුගමනය කළයුතු සහ නොකළයුතු ආර්ථික ප්‍රතිපත්ති තේරුම්ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “ නැවත වතාවක් රට ඇතුළේ කිසියම් ආකාරයේ සමාජ කැලඹීමක් වෙනුවෙන් යම් යම් පාර්ශව ප්‍රයත්න දරන බව පෙනි යනවා. ඇතමුන් රහසිගතව ප්‍රයත්න දරණ බවත් ප්‍රසිද්ධියේ එවැනි පෙළඹවීම් කරමින් සිටින බවකුත් මේ මොහොතේ අප නිරික්ෂණය කරමින් සිටිනවා. එයට මූලික හේතුව විදිහට පාදක කරගන්‍න උත්සහ දරන්නේ රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදයයි. මේ මත තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය දිගහරින්න උත්සහ දරන්නන්ගෙන් රටක් විදිහට අපි හැමෝටම පරිස්සම් වෙන්න වෙයි කියන තැන මම ඉන්නවා.ලංකාව මේ මොහොත වන විට මුහුණදෙන ආර්ථික ව්‍යසනය බොහෝම දීර්ඝකාලීන සිදුවීම් දාමයක අවසාන ප්‍රතිඵලයක් විදිහට අපි දකින්නේ. හැබැයි මේ අවස්ථාව තමයි හොඳම වේලාව, රටක් විදිහට අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න අනුගමනය කළයුතු ආර්ථික ප්‍රතිපත්තිය, කළයුතු දේ නොකළ යුතු මොකක්ද කියන එක නිරවුල්ව තීන්දුවක් ගන්න මේ තමයි හොඳම අවස්ථාව. ඊට අදාළ පාඩම නිවැරදිව ඉගෙන ගන්නවානම් අපිට පුළුවන් පවතින පිඩාකාරි වටපිටාවෙන් අත්මිදිලා යම් යහපත් තැනකට එන්න. 1960 විතර වන විට විදේශ සංචිත කියන ආරවුලට මුහුණ දෙනවා. 60 වන විට පටන්ගත් ප්‍රශ්නයේ දිගුව තමයි අපි මේ අත්විදින්නේ. නිදහසින් පසුව ලංකාව අනුගමනය කළයුතුව තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය නිවැරදිව තෝරාගෙන අනුගමනය නොකිරීම එයට හේතුවක් වී තිබුණා. මේ සියල්ලේ අවසන් ප්‍රතිපලයක් විදිහට අපි ලොකු ආර්ථික අවුලක පැටලුනා. මම යෝජනා කරන්නේ මේ සිදුවිමේ නිවැරදි තත්වය තේරුම් අරගෙන ගොඩ එන්න නිවැරදි සංවාදයකට යනවා මිසක් මහ පාරේ අරගල , වීදි සටන්, ගැටුම් මත මෙයට උත්තරයක් හොයන්න බෑ. එවැනි ගැටුමක අවසානයේ නිර්මාණය කරන්නේ ඊටත් වඩා ගැටලුවක් කියන එක තමයි ඉතිහාසයේ අත්විදලා තිබෙන්නේ. පෙර සඳහන් කළ දේශපාලන න්‍යාය පත්‍රය මත දිගහරින්න දරන උත්සහය ව්‍යර්ථ කිරීම වෙනුවෙන් යම් විධිමත් විෂයානුබද්ධ සංවාදයක් මේ සමාජයට උවමනයි. මේ රටේ ආර්ථිකය ගොඩනගා ගැනීම වෙනුවෙන් රටක් විදිහට අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේදය පිළිබඳව හැමෝම එකතුවෙලා තීන්දුවක් ගනිමු. ” යැයි මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

DFCC “Visit Kandy 2022” ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

Next Post

තඹුත්තේගම මුදල් මංකොල්ලයට සම්බන්ධ පොහොට්ටුවේ මන්ත්‍රීගේ පක්ෂයෙන් එලවයි

editor

editor

Next Post

තඹුත්තේගම මුදල් මංකොල්ලයට සම්බන්ධ පොහොට්ටුවේ මන්ත්‍රීගේ පක්ෂයෙන් එලවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved