දේශීය රබර් වගාකරුවන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණෙන් රබර් ආනයනය නියාමනය කිරීමට පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල නියෝජිතයන්ගෙන් එම කමිටුව සමන්විත ය.
මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (07) පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම කමිටුව පත් කෙරිණි.
අදාළ කමිටුව මගින් රබර් ආනයනය නියාමනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් ලබන බදාදා (12) දින ලබා දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.