• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ට බාල සිරප් තර්ජනය නැති බව කීමට කිසිදු රසායනාගාර පරික්ෂණයක් කර නෑ – රවි කුමුදේශ්

23 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දරුවන්ට බාල සිරප් තර්ජනය නැති බව කීමට කිසිදු රසායනාගාර පරීක්ෂාවක් සිදු කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ මේ වන විට ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමත් සමඟ සියලුම සිරප් සහ දියර ඖෂධ අලෙවිය අත්හිටුවීමේ තත්වයක් ඇති බවයි.

මෙම සිදු වීම සිදු වන්නේ ගැම්බියාවේ කැස්ස සිරප් වර්ගයක් හේතුවෙන් ළමුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වී සති සති කිහිපයක් ඇතුලතය.

මෙය ඖෂධ තත්වපාළණය පිළිබදව විශාල ආන්දෝලනයක් වන බැවින්, තාකෂණික මාෆියාවක් ලෙස වර්ධනය වෙමින් අප වතින ශ්‍රී ලංකාවේ ඖෂධ තත්ව පාලනය පිළිබදවද අනිවාර්‍යෙන්ම නැවත හැරී බැලිය යුතු ගැටළුවක් බව ඔහු පැවසිය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ කොලිටිය, කාලාන්තරයක් තිස්සේ පුද්ගල අභිමතයකට.කොටු කර ගනිමින් සිටින අතර, අප මේවන විටත් තත්ව පාළණය සදහා සිදු කරමින් සිටින්නේ ලියකියවිලි සහ සහතික පරීක්ෂා කරමින් ලබා දෙන පුද්ගල කේන්ද්‍රීය අභිමත නිර්දේශයන් පමණි.

ලෝකයේ බොහෝ රටවල ඕනෑම ඖෂධයක් ගෙන්වීම, ලියාපදිංචිය පමණක් නොව, ලියාපදිංචි ඖෂධයක නව තොග වෙළදපලට ඉදිරිපත් කිරීමට පෙර පවා රසායනාගාර පරීක්ෂාවක් මගින් ඒවායේ තත්ව පාළණය තහවුරු කල යුතු නමුත් ලංකාවේ ඖෂධ සදහා රසායනාගාර පරීක්ෂාවක් සිදු වන්නේ භාවිතා කරමින් සිටින ඖෂධයක ගුණාතමක බවේ බරපතල ගැටළුවක් මතු වූ අවස්ථාවකදී පමණක් බව කුමුදේශ් මහතා කියා සිටියේය.

එබැවින් ගැම්බියාව ඉන්දුනීසියාවට සිදු වූවා සේම අපද, ගැටළුව සදහා රසායනාගාර පරීක්ෂණ මගින් තත්ව සහතික ලබා ගැනීමට නියමිතව ඇත්තේ, මරණ කිහිපයකි පසුව ඇතිවන තත්වයක් තුල පමණි.

ඉන්දුනීසියාවේ ළමුන් 99 දෙනෙකු මිය ගිය උග්‍ර වකුගඩු ආබාධ (AKI) වලට අදාලව, ඇතැම් සිරප් ඖෂධවල අඩංගු සංඝටක අඩංගු බව ඉන්දුනීසියාව පසුව සොයාගෙන ඇත. රසායනාගාර පරීක්ෂණ කිසිවක් සිදු නොකොට සහතික ලියකියවලින් සහ මිලෙන් පමණක් තත්වයෙන් උසස් බව තහවුරු කර අපේ රටේ වෙළදපල තුල ඇති ඖෂධ වලින් එසේ සිදු නොවීමට අදාලව වාසනාව හැරුණුකොට අන් හේතුවක් නැත.

ඖෂධ තත්ව පාළණය සදහා රට තුල පවතින ජාතික ඖෂධ තත්වපාළණ රසායනාගාරය තුල අත්‍යවශ්‍ය උපකරණ නැත. අත්‍යවශ්‍ය විශේෂඥ දැනුම නැත. පුහුණු වීම් සදහා විදේශ සවාරි ගිය බලධාරීන් කල කිසිවක් නැත. ඒ අතර තුර අප කොලිටිය ගැන කොල කෑලි පමණක් බලමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහලම විශේෂඥයින්, ‘ගණන් වැඩි එක කොලිටි’ යැයි සම්මතයක් නිර්මාණය කර, ඖෂධ තැරැව්කරණයක නියලෙමි සිටී.

එබැවින් අප අඩුම තරමින් අපේ රටේ ළමුන් සිය ගණනක් බිලි වන්නට ප්‍රථම, ඉන්දුනීසියාවේ, ගැම්බියාවේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න වහා සොයා බැලිය යුතුය. අපේ රටේ වෙළදපල තුල ඇති අවධානම සහිත සිරප් වර්ගවල පමණක් හෝ රසායනාගාර තත්ව පාළණය තහවුරුව මහජනතාවට ලබා දිය යුතුය.

ඉන්දුනීසියානු සෞඛ්‍ය අංශ වලට අනූව, ළමුන් තුළ AKI රෝගීන් 200 ක් පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු පහට අඩුය.

ඒ අතර, මෙම මස මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගැම්බියාවේ ළමුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් මියයාමට සම්බන්ධ කැස්ස සිරප් හතරක් සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

WHO විසින් එහි භාවිතා කරන ලද සිරප් වල ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් “පිළිගත නොහැකි ප්‍රමාණ” අඩංගු බව සොයා ගන්නා ලදී. එම සිරප් “උග්‍ර වකුගඩු ආබාධ සමඟ සම්බන්ධ විය හැකි” බව එම සංවිධානය පවසයි.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ දේශීයව භාවිතා කරන සමහර ඖෂධවල ද එම රසායනික සංයෝග හමු වූ බවද තහවුරු කර ඇත.

ඒ අතර ගැම්බියාවේ භාවිතා කරන කැස්ස සිරප් ඉන්දුනීසියාවේ දේශීයව අලෙවි නොකළ බව තහවුරු වීම මගින් මෙය නිශ්චිත නිශ්පාදන වරගයකට සීමා නොවූ ගැටලුවක් විය හැකි බවට ඉගි පල වෙනවා. එය රටක් ලෙස අපගේ අවධානය යොමු විය යුතු තත්වයකි.

ළමා මරණ හේතුවෙන් අදාල එක් කැස්ස සිරප් කම්හලක් නවතා ඇති අතර කැස්ස සිරප් සිද්ධිය සම්බන්ධයෙන් එරට මව්වරු යුක්තිය ඉල්ලා සිටිති.

විෂ සහිත කැස්ස සිරප් ගැම්බියාවට යවන ලද්දේ කෙසේද? ඉන්දුනීසියානු බලධාරීන් මෙතෙක් අසනීප දරුවන්ට අදාල සිරප් ඖෂධ වර්ග හෝ වෙළඳ නාම හෝ හෙළිදරව් කර නැත. ඒ වෙනුවට සියලු සිරප් සහ දියර ඖෂධ විකිණීම සහ නිර්දේශ කිරීම තාවකාලිකව තහනම් කර ඇති බව රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 4
Previous Post

22 සංශෝධනය සිදු කිරිම ජනතා ජයග්‍රහණයක් -රාජ්‍ය ඇමති රෝහණ

Next Post

රැමිස් පද්ධතිය කඩිනමින් සම්පූර්ණයෙන් බලාත්මක කෙරේ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් 

editor

editor

Next Post

රැමිස් පද්ධතිය කඩිනමින් සම්පූර්ණයෙන් බලාත්මක කෙරේ - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved