27 April 2024
#දේශීය

22 සංශෝධනය සිදු කිරිම ජනතා ජයග්‍රහණයක් -රාජ්‍ය ඇමති රෝහණ

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයකින් සම්මත විම ජනතා අභිලාශයන් මුදුන්පත්විමක් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය අභියෝග රැසකට මුහුණ දි සිටින රජයක්.මේ වන විට ජනතාව යම් සහනයක් ලබා දි තියෙනවා.වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම අනුව අපේ රටට ඔබින යෝග්‍ය නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැදගත්.ඒවා ගැටලුවලින් විසදා ගත යුතුයි.මෙය ජනතාව ඉල්ලු සං‍ශෝධනයක්.ජනතාව දේශපාලනඥයින් වගේම අනෙක් සියලු පාර්ශව ඉල්ලු දෙයක්.විශේෂයෙන් ජනාධිපතිවරයා සතුව තිබු විශේෂ බලය පාර්ලිමෙන්තුවට ලබා දිමක් සිදු කරලා තියෙන්නේ.විශේෂයෙන් කොමිෂන් සභා ශක්තිමත් කිරිම වගේම අගමැතිවරයා ඉවත් කිරිමට නොහැකි යන කරුණු සේම , මහ බැංකු අධීපතිවරයා පත් කිරිම වැනි දේ ව්‍යවස්ථාදායක සභාව මගින් සිදු කිරිමට බලය ලබා දිලා තියෙනවා.ද්විත්ව පුරවැසිභාවය වැනි කරුණු මේ තුළ අඩංගු වෙනවා.ඉදිරියේදි රජය විසින් පුර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට යාමට හැකියාවක් ලැබිවේවි එය කොතරම් කාලයක් යයිද කියන එක තියනවා.අපි කියන්නේ මේ රටට ගැලපෙන වත්මන් කාලයට ගැලපෙන ජනතාව ඉල්ලන ව්‍යවස්ථාවක් සැදිමට කාලය එළඹ ඇති බවද දිසානායක මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *