• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් අපිට ඇමැතිකම් ගන්න කියනවා – විමල් විරවංශ

24 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල අයට ඇමතිකම් ගන්න එන්න කියා ඕනෑතරම් පවසා ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(23) රත්නපුර නගර ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘රුවන්පුර සම්ප්‍රාප්තිය’ සමුළුව අමතමිනි.

එහිදී වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය ” ඊළඟට බලන්න, මේ අර්බුදයේ නිර්මාතෘවරයකු අතට ඔටුන්න ගියා. මම අහගෙන අර ජනතා විමුක්ති පෙරමුණේ කවුදෝ කියනවා, ‘අපි මැච් එක දින්නා. ඒත් කප් එක නැහැ’ කියා. මැච් එක දිනුවානම් කප් එකත් තියෙන්න ඕනෙ. නමුත් කප් එක තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ අතේ. එහෙමනම් මැච් එක දිනලා තියෙන්නෙ කප් එක රනිල්ට දෙන්න ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ අර්බුදයට උත්තරයක් ද? මේක හරියට ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ. ‘ආර්ථිකය’ ගහෙන් වැටුණා. දැන් ‘රනිල්’ ඇවිත් ඇනගෙන ඇනගෙන යනවා. මේ අයට මේ අර්බුදය පියමං කරන්න කිසිම උවමනාවක් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. සයිප්‍රස්වල රැකියාවලට ගිය අය අතර දෙවැනියට වැඩියෙන් ඉන්නේ ශ්‍රී ලාංකිකයන්. ඒ රටේ විදෙස්ගත ශ්‍රමිකයාට පවා ගෙවනවා සමාජ ආරක්ෂණ මුදලක්. එසේ ශ්‍රී ලාංකිකයන්ට ගෙවනු ලැබූ එකී සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එහි බැංකුවක ගොඩගැසී තිබෙනවා. එම මුදල් ඔවුනට ලබා ගැනීමට බැහැ. නමුත් පිලිපීන ජාතිකයන්ට එම මුදල් ලබාගැනීමට පුළුවන්. ඒකට හේතුව තමයි පිලිපීනයේ කම්කරු ඇමති හෝ විදේශ රැකියා ඇමැති සයිප්‍රසයට ගිහිල්ලා දෙරට අතර ගිවිසුමක් අත්සන් කරලා ඒක ලැබෙන විදිහට හදා ගැනීම. මේ රටේ කම්කරු ඇමතිවරු, විදේශ රැකියා ඇමතිවරු එදාත් හිටියා, අදත් ඉන්නවා. නමුත් සයිප්‍රසයට ගිහිල්ලා අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව කරලා ඉහත කී යුරෝ බිලියන ගණන අපේ ශ්‍රී ලාංකිකයන් අතට ගන්න කිසිවක් කරනවා ද? ඒකවත් නොකරන්නෙ අර්බුදය වවාගෙන කන උපායමාර්ගයේ සිටින නිසයි. මේවා රොකට් සයන්ස් නොවෙයි, සාමාන්‍ය කාරණා. තාමත් බලන්නේ අම්මාගෙ දේහය ගෙදර තියාගෙන හැකිතාක් කාලයක් බූරුවා ගහන්න. එවැනි ප්‍රයෝජ්‍යවාදී ප්‍රවේශයක් නොවෙයි අද මේ රට ඉල්ලන්නෙ.

අර්බුදය වවාගෙන කන හින්දා තමයි ඉන්දියාව සමඟ ‘එට්කා ගිවිසුම’ අත්සන් කරන්නේ. දැන් මිනිස්සු ඉන්නෙ පීඩාවෙන් හෙම්බත් වෙලා, ඒ නිසා ඒවාට එරෙහිව සංවේදීව පෙරට එන එකක් නැහැ, කියලයි මේ පාලකයන් හිතන්නේ. ඒ නිසා ඉදිරියේදී අත්සන් කිරීම වළක්වා ගත්තු බොහෝ රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීමටයි සූදානම් වෙන්නේ. පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපූරු උපදේශකයකුත් ගෙනාවා, මේ රට, මේ අර්බුදයෙන් ගොඩගන්න. ඒ තමයි එරික් සෝල්හයිම් මහත්තයා. මෙහෙම යෝධයෝ ගෙන ඒමෙන් පෙනෙනවා, ‘මේ අර්බුදය පාවිච්චි කරනවා මිසක් විසඳන්නේ නැහැ’ කියා.

දැන් බලන්නකෝ ගන්න තීරණ දිහා. විදුලි බිල වැඩි කරනවා, කර්මාන්තවලත් විදුලි බිල වැඩි වෙනවා. බැංකු පොලී අනුපාතය 30% කරනවා, කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයෝ ගත්තු ණයවලට 30%ක් පොලී ගෙවන්න ඕනේ. ඒ අස්සෙ බදු පෝරියල් එකකුත් ආවා. මේ තමයි ගහෙන් වැටුණු මිනිහාට ‘ගොනා’ ඇනගෙන, ඇනගෙන යන විදිහ. අඩුම තරමින් කෘෂිකර්මාන්තය බලගැන්වීමේ සැලැස්මක්වත් මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා නැහැ. රවී කරුණානායක මුදල් ඇමති කාලයේ විදේශ විනිමය පනතක් ගෙනවිත් විදේශ විනිමය මෙරටට ගෙනාවත් එකයි, නැතත් එකයි කියන තත්ත්වයක් හැදුවා. අපි මේ රටේ නායකයන්ට කීවා, ‘ඒ පනත සංශෝධනය කරපල්ලා, අපනයනයෙන් උපයන ධනය මාස තුනක් ඇතුළත මෙරටට ගෙන්වීම අනිවාර්ය කරපල්ලා, එහෙම නොගෙනාවොත් ඒක කලින් පැවති ආකාරයට අපරාධ වරදක් ලෙස සලකා කටයුතු කරපල්ලා’ කියා. අසල්වැසි ඉන්දියාවේත් එහෙමයි. නමුත් ලංකාවේ එහෙම නැහැ. මම මේක පාර්ලිමේන්තුවේ ඇහුවාම අගමැති විදිහට හිටපු රනිල් වික්‍රමසිංහ කියනවා, ‘නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. ඒක ලිබරලයිස් කරලා තිබෙන එක හරි’ කියා. මම එවිට පැවසුවා, ‘ඉන්දියාවත් මා පෙන්වා දුන් ආකාරයටයි කටයුතු කරන්නේ’ කියා. එවිට ලැබුණු පිළිතුර තමයි ‘සිංගප්පූරුවත් මම(රනිල්) කියපු විදිහට තමයි කරන්නේ’ යන්න. සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයන් සමාන ද ? ඉන්දියාවත් අප වැනිම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන් ගොඩඒමට ගත්තු පියවර නිසා තමයි අද ලොව 06 වැනි ආර්ථික බලවතාගේ තත්ත්වයට පැමිණ තිබෙන්නේ.

මේක මුළු රටම නිෂ්පාදන සැලැස්මක් අනුව ඉදිරියට යා යුතු කාලයක්. මම කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් වුණාට පසුව, 2020 ජනවාරියේ එම අමාත්‍යාංශයට අයත්, ඈවර කිරීමට නියමිතව තිබූ රාජ්‍ය ව්‍යවසායක් වූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව බලන්න ගියා. යුද්ධයෙන් විනාශ වූවා යැයි පෙනෙන ගොඩනැගිලි , පණගැන්වීමට හැකිවේදැයි හිතාගන්න බැරි යන්ත්‍රසූත්‍ර එහි තිබුණා. නමුත් නියම සුදුස්සකු එහි සභාපති ලෙස පත් කරලා අපි වැඩ ඇරඹුවා. එදා අබලි යකඩවලට විකුණන්න රිෂාඩ් බදියුදීන් හිටපු කර්මාන්ත අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය අරගෙන තිබූ වාලච්චේන කඩදාසි කම්හල, රුපියල් මිලියන 02ක්වත් වියදම් නොකර අපි යළි පණ ගැන්වූවා. හිඟ විදුලි බිල නොගෙවා විදුලිය දෙන්න බැහැ, කීවා. නමුත් විදුලිය ද ලබා ගත්තා. අද ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මුද්‍රණය කරන්නේ වාලච්චේන කඩදාසියේයි. ඒ දිනවල මට මතකයි බැසිල් රාජපක්ෂ එවකට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට පවසා තිබුණා, ‘පිස්සුද වාලච්චේන ගොඩගන්න බැහැ. ඕක විකාර වැඩක්’ කියා. නමුත් අපි ඒ දේ කළා. අද ලොතරැයි පත් මුද්‍රණය කරන කඩදාසි පමණක් නොවෙයි, සමහර පුවත්පත් මුද්‍රණය කරන කඩදාසිත් වාලච්චේන කඩදාසි කම්හලෙන් ඉල්ලන තත්වයක් තිබෙන්නේ. අද පැය 24ම වැඩ කළත් නිෂ්පාදන ධාරිතාව මදි, ඉල්ලුම සපයන්න. එදා ඈවර කිරීමට තිබූ රාජ්‍ය ආයතනයක් අද ඉතා ඉදිරිගාමීව කටයුතු කරනවා. ජාතික කඩදාසි සමාගමට අයත් අනෙක් කඩදාසි කර්මාන්ත ශාලාව වූ ‘ඇඹිලිපිටිය’ රාජ්‍ය-පෞද්ගලික හිමිකාරිත්වය යටතේ යළි විවෘත කිරීමට අවශ්‍ය ගිවිසුම්වලට අපි එදා ගියා. ඩොලර් අර්බුදය හේතුවෙන් යම් යම් ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයන් තිබුණත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි විවෘත කරන තත්වයට ගෙන ඒමට අපේ තීරණ ඉවහල් වුණා. මේවා වචන නොවෙයි, අපි ක්‍රියාවෙන් සිදු කළ දේවල්.

මේ රටේ වහින ජලය, හමන සුළඟ, මහපොළොව ඩොලර් උපදවන්න පුළුවන් මූලාශ්‍ර. මේ පොළොවේ මොනවාද වවන්න බැරි? දැන් පිටරටින් මිදි එන්නේ නැහැ. අපේ මිදි වෙළඳපොළට එනවා. ඇපල් වෙනුවට ආදේශකයක් ද වෙළඳපොළට එනවා. මෙහෙම රටක් නැගිට්ටවන්න බැරිනම් කොහොම රටක් ද නැගිට්ටවන්නේ? රුසියාව මාස හයක් හිමෙන් වැසී තිබුණත් හිම නොමැති මාස හයේ ආහාරයට අවශ්‍ය සියල්ලම නිෂ්පාදනය කරනවා. මැක්ඩොනල්ඩ් ආයතනය දාලා ගියාම එවැනිම ආයතනයක් විවෘත කළා. ඒ තමයි නිසි නායකත්වය. යුද ජයග්‍රහණයට සෑහෙන තරමකින් දායක වූ ගෝඨාභය රාජපක්ෂට ඉතිරි වැඩෙත් පුළුවන් වෙයි, කියා අපි හිතුවා. නමුත් මේ ඔක්කොම ලෙඩවලට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බෙහෙත් ගන්නෙ ඇමෙරිකානු ඥානක්කාගෙන්. මම කියන්නෙ ‘අනුරාධපුරයේ ඥානක්කා’ ගැන නොවෙයි. ‘ජූලියා’ කියන ඥානක්කා ගැන.

මීට ඉහතදී උත්තර ලංකා සභාගයේ ලේකම් වෛද්‍ය වීරසිංහ මහතා පෙන්වා දුන්නා, ‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය අවුරුදු 08ක පාලන කාලය තුළ ISB ණය ඩොලර් බිලියන 3.5යි අරගෙන තිබුණේ’ කියා. ISB ණය කියන්නේ ජාත්‍යන්තර මුදල් වෙළඳපොළෙන් අධික පොලියට ගන්නා ණයයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන අවුරුදු හතරහමාරට ISB ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 12.5 ක්. ඒ ඩොලර් බිලියන 12.5 කියන්නේ නිදහසින් පසු අපි රටක් ලෙස රැගෙන තිබූ සමස්ත ණය ප්‍රමාණයට සමාන ණය ප්‍රමාණයක්. අවුරුදු හතරහමාරට අධික පොලියට, සහන කාල සීමා නැති ඩොලර් බිලියන 12.5ක ණයක් ගත්තාම ඊළගට එන ඕනෑම ආණ්ඩුවකට ඒ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි මම කියන්නේ, ‘රනිල් තමයි සීතල වතුර නෑවේ. හැබැයි ගෝඨාභයට තමයි හෙම්බිරිස්සාව හැදුනෙ’ කියලා. හැබැයි අපි පළමුවැනි කිඹුහුම යනකොට හිතුවා, නිව්මෝනියාවට යන්න නොදී බේරාගත යුතුයි, කියා. කැබිනට් මණ්ඩලයේදී අපි කිව්වා, ‘යෝධයෝ හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නෙ. නිව්මෝනියාවට යන්න කලින් අවශ්‍ය පියවර ගන්න’ කියා. එතකොට බැසිල් රාජපක්ෂ කියනවා, ‘ඕක පොඩි හෙම්බිරිස්සාවක්. නිව්මෝනියාවට යන්නේ නැහැ. මම සතියෙන් සනීප කරන්නම්’ කියා.

යුරෝපා රටවල දැන් දරාගත නොහැකි ලෙසට උද්ධමනය ඇති වෙලා. තනි ඉලක්කමක තිබූ උද්ධමනය දැන් 10%කට වැඩි අගයකට ඇවිල්ලා. බ්‍රිතාන්‍ය නව අගමැතිනිය මේ තත්ත්වය මත මාස 2කින් ඉල්ලා අස්වුණා. ප්‍රංශයේ ජනතාව, ‘නේටෝ එකෙන් අයින් වෙයල්ලා. යුක්රේන යුද්ධයට පැටලෙන්න එපා. අපට අඩු මිලට රුසියාවෙන් බලශක්තිය අරගෙන දීපල්ලා.’ කියමින් වීදිවල උද්ඝෝෂණය කරනවා. ලන්ඩන් නගරාධිපති කියනවා එහි වැසියන්ට, ‘ඔබට තෝරා ගැනීමට වෙනවා, ශීත කාලයේ දී කෑම ද, උණුසුම ද යන දෙකෙන් එකක්’ යනුවෙන්. යුරෝපයේ ශීත කාලය කියන්නේ රුසියාව තම බලශක්තිය පිළිබඳ බලය වැඩියෙන් පෙන්වන කාලයක්. ශීත කාලයෙන් පසුව යුරෝපයේ ඇති වන අර්බුදකාරී තත්වයත් සමගම එහි සිටින ශ්‍රී ලාංකිකයන් ද මෙරටට පැමිණේවි. එවිට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම විශාල වශයෙන් බිඳ වැටෙනවා. මේ සියල්ල මත අපට දැන් ඉන්නවාටත් වඩා අර්බුදකාරී තත්ත්වයකට ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙනවා.

මේ අභියෝගයන්ට මුහුණ දීමට නම් මහජනයා සමඟ විශ්වාසයෙන් බැඳුණු, අර්බුදය විනිවිද දකින පාලනතන්ත්‍රයකට මේ රටේ පාලනය මාරු වෙන්න ඕනේ. මීට පස්සේ අපි උඩරට හෝ පහතරට ප්‍රභූ පෙළැන්තියේ නායකයෝ බලයට ගෙනඒමට කිසි ලෙසකින්වත් දායක වෙන්නේ නැහැ. අපේ පෙළැන්තියේ තරුණ දරුවන් අතට මේ රට ගනිමු. මේ පොළොවට සැබෑ ලෙසම ආදරය කරන මිනිස්සු අතට මේ රට ගනිමු. දැන් බලන්න, අලුතින් රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත් වූ අයෙක් රාජ්‍ය ලුණු සමාගමක සභාපතිවරයකු කැඳවලා කටයුතු කළ ආකාරය. රාජ්‍ය අමාත්‍යවරයා සභාපතිගෙන් අහනවාලු ‘සභාපතිතුමා මට අපේ දිස්ත්‍රික්කයේ ලුණු ටිකක් බෙදලා දෙන්න විදිහක් හදන්න බැරි ද?’ කියලා. එයාට උවමනා හදන ලුණු ටික එයාගේ ඡන්දදායකයාට බෙදන්න. එහෙම කළාම ඒ ආයතනය හෝ රට හැදෙනවා ද? මෙන්න මෙහෙම මරි, මෝඩ විදියට හිතන සංස්කෘතියෙන් මේ රටේ දේශපාලනය ගලවා ගන්න ඕනේ. ‘තමාට පෙර රට’ කියන උතුම් සංකල්පය මත ඉඳගෙන වැඩ කරන මහා බලඇණියක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම කළොත් මේ මව් පොළොව ඉහළම තැනට ඔසවා තබන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා.

දැන් බලන්න, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් වෙළෙඳපොළේ තිබූ ඒකාධිකාරී බලය නැති කරලා තරගකාරී නව සමාගම්වලට(බොහෝවිට විදේශ සමාගම්) වෙළඳපොළට එන්න ඉඩ හදලා දුන්නා. සාමාන්‍ය කාලයකදී නම් ඕක කරන්න සංස්ථාවේ සේවකයා ඉඩ දෙන්නේ නැහැ. ජනතාව ඊට කැමති වෙන්නෙත් නැහැ. ‘මොකක් හරි කරලා අපේ බඩ පුරවාපල්ලා’ කියන විෂම මනසට ජනතාව එනකොට, මේ පාලකයෝ ඒ රත් වුණු කබලෙන් තමන්ට උවමනා රටට අහිතකර රොටී පුච්චා ගැනීමයි මේ සිදුවෙන්නේ. මේ අය මේ කටයුතු කරන ආකාරය, අම්මාගේ මිනිය මැද සාලේ තියාගෙන බූරුවා ගහන පුත්තුන්ගේ ක්‍රියාකලාපයට මදක්වත් වෙනස් වෙන්නේ නැහැ.

අපේ රටේ රාජ්‍යත්වය ඉතිහාසය පුරා විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. රජු කියන්නේ ‘රංජනය කරන්නා’ හෙවත් ‘පිනවන්නා’ කියන එකයි. අපිට හිටියේ ජනතාව පිනවන රජවරු. පොහෝ දිනයේ තමන්ගේ ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයත් රැගෙන රෝහලට ගොස් රෝගීන්ට ප්‍රතිකාර කළ මහා ඉහළ ගුණාංග හොබවපු රජවරු අපට හිටියා. එවැනි රජවරු අතින් තමයි අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැගුණේ. ඒ දියුණු ශිෂ්ටාචාරය තමයි අද වලපල්ලට ඇදලා දමන්න හදන්නේ.

මම දැක්කා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පවසනවා, ‘ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට උගන්වන්න’ කියා. දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව අපේ කිසිදු චෝදනාවක් නැහැ. නමුත් මව්බස බිල්ලට දීලා ඉංග්‍රීසි උගන්වන්නේ කවුද? විපක්ෂ නායකතුමනි, මව්බසින් තමයි මිනිස්සුන්ට හීන පෙනෙන්නේ. මව්බස තමයි සංකල්ප උපදවන්න පුළුවන් බස. ලංකාවට විශේෂ අනන්‍යතාවක් එන්න එක හේතුවක් තමයි සිංහල භාෂාව. අක්ෂර මාලාවක් සහිත භාෂාවන් ගොඩක් ලෝකයේ නැහැ. ප්‍රංශ, ඉතාලි භාෂාවලට තිබෙන්නේ ඉංග්‍රීසි අක්ෂර. මේ භූමිය අක්ෂර මාලාවක් සහිත භාෂාවක් ගොඩනඟා ගත්තු භූමියක්. ‘ඇ’ කියන හඬට අදාළ අක්ෂරය තිබෙන එකම භාෂාව තමයි සිංහල. ඒ වගේම දෙමළ දරුවන්ට අනන්‍ය වූ දෙමළ භාෂාවත් අතහැරලා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට ඉගැන්විය යුතුයි, කියන විපක්ෂ නායකයකු නම් සිටින්නේ මේ රටට ඉදිරියේදී කුමක් වෙයිද?

 

ඒ නිසා අපට ලොකු වගකීමක් තිබෙනවා. එය වටහාගෙනයි අපි උත්තර ලංකා සභාගය ගොඩනගනු ලැබුවේ. මමත් වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිල සහෝදරවරුනුත් ඇමති කට්ට දිහා බලාගෙන කැබිනට් එක ඇතුළේ කකුල් වනමින් හිටියෙ නැහැ. අපි කැබිනට් මණ්ඩලය ඇතුළේ සටන් කළේ, මාර්තු දෙවැනිදා එළියට ඇවිත් කතා කළේ, ‘කෙහෙල්මල් ඇමති පට්ටම නුඹලා තියාගනිල්ලා’ කියන ස්ථාවරයේ සිටයි. බොහෝ පිරිස් ඇමතිකමට පුදුම මළ පෙරේතකමක් දක්වනවා. ‘රාජ්‍ය ඇමතිකමක් හෝ දෙන්න සර්’ කියා පවසනවා. දැන් පොහොට්ටුවේ අයියලා වර්ණනා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. ඒක ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ වගේ එකක් ද දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් ඔහේ බලාගෙන හිටපු යහපාලනය වෙනුවට, බලසම්පන්න පාලනයක් බිහි කළාම ඔන්න බොලේ ඒකෙ රජ වෙලා ඉන්නවා රනිල්. එයා ඡන්දෙන් පැරදුනා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු දෙකහමාරක් විතර ඔළුව කසමින් ඉඳලා. දැන් පොහොට්ටු නායකයන්ගේ ප්‍රතාපවත් වීරෝදාර චරිතය රනිල් වික්‍රමසිංහයි.

මේක විකෘතියක් නොවෙයි ද? දැන් රූපමය ලෙස බලන්නකෝ, මහින්ද මහත්තයාගේ ඇඟට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔළුව බද්ධ කරලා. නාමල් බේබි පැටියා නම් දැන් කියනවා, ‘රනිල් දැන් හොඳයි. බටහිරට ගැති නැහැ. අපට හරි ෂෝක් එයා.’ කියා. මෙහෙමත් කටවල්වලින් කතා කරන්න පුළුවන්නේ. ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල සහෝදරවරුන්ට ඇමතිකම් ගන්න එන්න කියා ඕනෑතරම් කියනවා. අපි අහනවා, ‘මේ අර්බුදයෙන් රට ගොඩගන්න තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?’ කියා. ‘IMF වැඩපිළිවෙළ’ කියලයි එයා කියන්නේ. IMF එක හයිය තියන වෙලාවට සලකන විදිහට නොවෙයි රටක් හොම්බෙන් යන කොට සලකන්නේ. එතකොට බෙල්ල මුලින් අල්ලා ගන්නවා. ඒක තමයි ඇමෙරිකානු ආධාර නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ ජනතාවට ඉදිරියේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදු වේවි’ කියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඩොලර් බිලියන 2.9ක් දීලා ක්‍රියාත්මක කරන්න කියන සැලැස්මෙන් මේ රටේ කර්මාන්ත, ව්‍යාපාර වැහෙනවා. විරැකියාව වැඩි වෙනවා. මන්දපෝෂණය වැඩි වෙනවා. සමාජ පීඩනය වැඩි වෙනවා. ඒ සැලැස්ම නොවෙයි අද මේ රටේ ඉල්ලන්නේ. මේ රටේ නිෂ්පාදනය බිඳවට්ටලා කොහොමද මේ අර්බුදයෙන් එළියට එන්නේ? ඒ නිසා අපි සංවිධානගත වෙලා මේ පොළොවට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙමු. මේ ජාතිය ඉතාම ප්‍රතාපවත් විදිහට අභියෝගවලට මුහුණ දීලා ජයගත්තු ජාතියක්. ඒ මහා උත්තුංග මානසිකත්වය ගොඩනඟලා මේ පොළොව ඇදවට්ටලා තිබෙන ඉරණමෙන් එළියට ගනිමු.

මේ පණිවිඩය අරගෙන අපි ගම්දනව්වලට යමු. ගිහිල්ලා උත්තර ලංකා සභාගය විදිහට මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහි සමාජ සංවිධාන ගොඩනගමු. අයිස් පෙත්තට අහු වෙලා ඉන්න තරුණ තරුණියන් ඉන්න මුදවාගන්න කටයුතු කරමු. ඒ වගේම ඒ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහි සටනේ කොටස්කරුවන් බවට තරුණ දරුවන් පත්කර ගනිමු. ඒ හරහා අපේ සමාජය තුළ අලුත් කතිකාවක් හදලා බිඳවැටෙමින් තිබෙන ආර්ථිකය ගොඩනගන මාවතට අපි අපේ රට රැගෙන යමු

ඒ වෙනුවෙන් රත්නපුරේදී පෙරමුණ ගත්තු වාසුදේව නානයක්කාර, ගාමිණී වලේබොඩ, දීපාල් ගුණසේකර යන සහෝදරවරුන් ප්‍රමුඛ සියලුදෙනාට මගේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා. උත්තර ලංකා සභාගය උත්තර නැතුව අනාථ වූ රටට උත්තර සපයන රජයේ, බලය හොබවන සභාගය බවට පෙරළන්න එක් වෙමු! රොක් වෙමු! පෙරමුණ ගනිමු! ඒ සඳහා ඔබ සැමට ශක්තිය ලැබේවා’යි පතනවා.”යැයි වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

ජානිපෙ භාණ්ඩාගාරික, රත්නපුර දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ඇතුළු උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් රත්නපුර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

Post Views: 0
Previous Post

ජනතාව විරද්ධ වු මහින්ද, ගෝඨාව ආරක්ෂා කරන්නේ රනිල් – අනුර දිසානායක

Next Post

දීපාවලි විශේෂ සැමරුම් උත්සවයක් ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

දීපාවලි විශේෂ සැමරුම් උත්සවයක් ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved