පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්රදානෝත්සවය ඊයේ (08) පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ.
පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, පළාත් පාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව යන පාඨමාලා සාර්ථකව අවසන් කරන ලද පුහුණුලාභින් සදහා මෙහිදී සහතිකපත් ලබා දී ඇත.
පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සඳහා මෙම ඩිප්ලෝමා පාඨමාලා පවත්වන ලදී. මෙවර පුහුණුලාභීන් 120ක් පාඨමාලා අවසන් කර සහතිකපත් පිරිනැමිණ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ අංශාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා ප්‍රධාන දේශනය පැවැත්වූ අතර ආයතනයේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සූරතිස්ස දිසානායක, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපක රත්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.