27 April 2024
#දේශීය

IMF යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කළ බවට පළ වන ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ආදායම් යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කළ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ රෝහල් බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා හෝ රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ පහසුකම් සඳහා හෝ මුදල් අය කළ යුතු බවට කිසිදු යෝජනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර නොමැති බවයි.

පසුගියදා (06) ඇතැම් පුවත්පත් වල සහ සමාජ ජාල වෙබ් අඩවි වල, රජයේ රෝහල් බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා හා විශ්ව විද්‍යාල සිසුන්ගේ පහසුකම් සඳහා මුදල් අය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇතැයි ප්‍රවෘත්තියක් පළ කර තිබුණි.

එහෙත්, එවැනි කිසිඳු යෝජනාවක් හෝ සාකච්ඡාවක් සිදු නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රජය ඉතා අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් ක්‍රියා කරන මේ මොහොතේ මෙවැනි ප්‍රවෘත්ති පළ කරමින් රජය අපහසුතාවයට පත් නොකරන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියි. මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීමේ දී සත්‍ය හා නිවැරදිභාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහවුරු කර ගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *