• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

Sri Lanka – Leopard Dynasty” වනජීවී ච්ත්‍රපටය ලෝකය පුරා විකාශනය කෙරේ

19 November 2022
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විනාඩි 45කින් සමන්විත “Sri Lanka – Leopard Dynasty” වනජීවී ච්ත්‍රපටය ලෝකය පුරා විකාශන කටයුතු ආරම්භ කෙරේ.

“ආර්ථික අර්බුධය” – “සංචාරක කර්මාන්තය” මේ දිනවල නිතර කතා බහට ලක්වන මාතෘකා දෙකක්. මේ කථා කරන්න යන්නේ ආර්ථික අර්බුධය ගැන නම් නෙවේ. ඒ් පිළිබදව ඔනෑතරම් ලිපි, වාර්ථා, තර්ක, විතර්ක,මතවාද, අදහස් හා යෝජනා පලවී ඇත. ඔබද මාද ඇතුළුව අපි සැවොම අඩු වැඩි වශයෙන් එයින් පීඩාවට පත්වී ඇතිබව නොරහසකි. එවන් පසුබිමක් තුල රටක් වශයෙන් කුමන හෝ ජයග්‍රහණයක් ලබන්නේ නම් එය මහත් අස්වැසිල්ලකි.

රටේ පවතින ඩොලර් අර්බුදයට ලගම විසදුම සංචාරක කර්මාන්තය බව කවුරුත් දන්නා කරුණක්. ලෝකප්‍රකට ජාත්‍යන්තර සංචාරක සගරාවක් වන Lonely Planet සගරාව 2019 වර්ෂයේ ලෝකයේ හොදම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබ්ණ. ඒ මෙරටේ ඇති සුන්දරත්වය නිසාමය. කදුවැටි, දිය ඇලි, සුන්දර මුහුදු තීරය, ඓතිහාසික නිර්මාණ, ජෛව විවධත්වයෙන් යුතු ප්‍රදේශ සහ ජාතික වනෝද්‍යාන ඉන් කිහිපයක් ලෙස හැඳින්විය හැකිය.

අපට ඉතා වැදගත්, ඒ වගේම සංචාරක ආකර්ශනය දිනාගත් වනෝද්‍යාන කිහිපයක්ම ඇත. එම වනෝද්‍යාන සහ එහි වන සතුන්ගෙ සුන්දරත්වය පිළිබදවද නොයෙකුත් වාර්ථා වැඩසටහන් මෙන්ම කෙටි වීඩියෝ පටද සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සහ වෙනත් කාරණා වෙන්වෙන් මෙරට තුල නිර්මාණය කොට ඇත. ජාත්‍යන්තර වනජීවී චිත්‍රපට නිෂ්පාදන සමාගම් සහ විදේශීය කණ්ඩායම් විසින්ද මෙරට තුල රූගත කර නිෂ්පාදනය කොට ජාත්‍යන්තර නාලිකාවල විකාශය වූ වනජීවී චිත්‍රපට කිහිපයක්ම තිබේ.

යාල සහ විල්පත්තු වනෝද්‍යාන වල සුන්දරත්වය සහ එහි වෙසෙන වන සතුන්ගේ හැසීරීම් පිළිබදව නිමවුණු “Sri Lanka – Leopard Dynasty” වනජීවී වාර්ථාමය ච්ත්‍රපටය මේ දිනවල, ජාත්‍යන්තර වනජවී නාලිකාවක් වන “Nat Geo WILD” නාලිකාව තුල විකාශණ කටයුතු ආරම්භ වී තිබේ. මේ වන විට එය ජර්මනියේ විකාශය වන අතර ඉදිරි දිනවල සහ ඉදිරි වසර කිහිපය තුල ලොව පුරා විකාශය වීමට නියමිතය.

මෙහි සුවිශේෂීම කරුණ වන්නේ, “Sri Lanka – Leopard Dynasty” වනජීවී වාර්ථාමය ච්ත්‍රපටය මුළුමනින්ම දේශීය නිෂ්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණය කොට ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසින් “Nat Geo WILD” නාලිකාව තුල විකාශය වන ප්‍රථම වනජීවී වාර්ථාමය ච්ත්‍රපටය වීමයි. මෙහි නිෂ්පාදකයා වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතා දක්ෂ පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් වන මහේන්ද්‍ර පේර්රා මහතායි.

මෙය තමන් සහ තම කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් මෙන්ම රටක් වශයෙන් අප ලැබූ ඉමහත් ජයග්‍රහණයක් බව මෙහි අධ්‍යක්ෂක තිවංක රුක්ෂාන් පෙරේරා මහතා පවසයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ Academy of Art විශ්ව විද්‍යාලයෙහි තිර රචනය, සංස්කරණය සහ සිනමාකරණය පිළිබද උපාධිදරයෙකි. ඔහු විසින් නිර්මාණය කරන ලද වනජීවී කෙටි චිත්‍රපට මෙන්ම වෙනත් කෙටි චිත්‍රපටද ඇමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල පැවැත්වෙන ප්‍රධාන පෙලේ චිත්‍රපට උළෙලවල් නියෝජනය කරමින් මෙරටට ජයග්‍රහණ රැසක්ද ගෙන ඒමට සමත්ව තිබේ. මීට දින කිහිපයකට ඉහතදී ද ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති “WILDLIFE CONSERVATION FILM FESTIVAL” අන්තර්ජාතික චිත්‍රපට උළලේද ආසියාවේ හොදම වනජීවී ච්ත්‍රපටයට හිමි සම්මිනයද මෙම “Sri Lanka – Leopard Dynasty” වනජීවී ච්ත්‍රපටයට හිමිවීම තවත් ලැබූ විශාල ජයග්‍රහණයකි. සෑම වසරකම ඇමරිකාවේ මෙය පවත්වන අතර, ලෝකයේ ඉහළ පෙලේ වනජීවී වැඩසටහන් මෙම උළ‍ෙල සදහා ඉදිරිපත් කරනු ලබයි. මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය සහ සංස්කරණ කටයුතුද සිදුකර ඇත්තේ තිවංක රුක්ෂාන් විසින්මය.

මෙහි රූගත කිරීමේදී විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදූවූ බව එහි ප්‍රධාන කැමරා ශිල්පියා වන ධනූෂ බණ්ඩාර මහාතා පවසයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර නාලිකාවක විකාශය කිරීම සදහා සුදුසුකම් ලැබීමට නම් ඉතා උසස් තාක්ෂණයෙන් යුතු පිරිවිතරයන්ට අනුකූලව රූපරාමු පටිගත කලයුතු වීමත්, විවිධ මානව ක්‍රියාකාරකම්, දේශගුණික, කාළගුණික තත්වයන් සහ වෙනත් විවිධ ගැටළු රැසකට මුහුණදීමට සිදු වූ බවත්, එම ගැටළු වලට සාර්ථකව මහුණ දීමට හැකිවූයේ නිෂ්පාදක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතාගෙන් ලැබුනු ඉතා අගනා සහය මත බවත්, එසේ නොවන්නට මෙවැනි නිර්මාණයක් බිහි නොවීමටද බොහෝ දුරට ඉඩ තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසයි.

විනාඩි 45කින් සමන්විත “Sri Lanka – Leopard Dynasty” වනජීවී ච්ත්‍රපටය රූපගත කොට නිෂ්පාදන කටයුතු අවසන් කිරීමට වසර 02ක් පමණ ගත වූ බවත් එය ලෝකය පුරා විකාශනය වීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට යම් හෝ පිටුවහලක් වන්නෙ නම් එය මේ මොහොතේ රටක් වශයෙන් අප ලබන ජයග්‍රහණයක් බව තිවංක රුක්ෂාන් පෙරේරා මහතාගේ අදහසයි. ඉදිරියෙදී මෙය “Nat Geo WILD” නාලිකාව තුලින් ශ්‍රී ලාංකික ඔබටද නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත.

සහය කැමරාකරණයෙන් ඩිලාන් සිගේරත්, කැමරා සහයක ලෙස රොෂාන් පෙරේරාත් සහ නිෂ්පාදන කළමණාකරු වශයෙන් පියසෙන ජයවික්‍රම මහතාත් මේ සදහා තම දායකත්වය ලබා දී ඇත.

 

 “SRI LANKA – LEOPARD DYNASTY” will be shown in Germany on NAT GEO WILD. There will also be several reruns in Germany (schedule below).
https://www.wunschliste.de/spielfilm/sri-lankas-leoparden-dynastie

 

https://tv.de/sendung/sri-lankas-leoparden-dynastie/sri-lankas-leoparden-dynastie,1581655180/

 

 “WILDLIFE CONSERVATION FILM FESTIVAL” අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන දිනූ නිර්මාණ පහත ලින්කුවේ ඇත.
https://www.wcff.org

 

පිටපත – PR

Post Views: 10
Previous Post

ආහාර තාක්ෂණයේ සහ ඇසුරුම්කරනයේ නව මානයන් සමගින් Pro Food, Pro Pack & Ag-biz- 2022 ප්‍රදර්ශනය ඇරඹේ

Next Post

සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් උතුරට ලබා දීමට කටයුතු කරනවා – ජනපති

editor

editor

Next Post

සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් උතුරට ලබා දීමට කටයුතු කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved