• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ ආයතන හා මූල්‍ය රෙගුලාසි කාලීන අවශ්‍යතාවය අනුව වෙනස් විය යුතුයි -අගමැති

15 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනාගත පරම්පරාවට විශ්වාසනීය මඟක් ජනිත කළ හැක්කේ ඵලදායීතාවය ඉහළ නැංවීම මත යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) අරලිය ගහ මන්දිරයේ පැවැති “ජාතික ඵලදායිතා සම්මාන උළෙල අමතමිනි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ 2020 වසරේ ඵලදායිතාවය ඇඟයීමයි. මෙහිදී රාජ්‍ය, සේවා, නිශ්පාදන, පාසල්, පිරිවෙන් ආදී අංශ ගණනාවක් ඔස්සේ ඵලදායීතාවය අගයමින් සම්මාන ප්‍රධානය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” ඵලදායීතාවය අපට අභියෝගයක්. රටක සංවර්ධනයේ ඉදිරි පියවර වගේම, අනාගත පරම්පරාවට විශ්වසනීය මඟක් ජනිත කළ හැකි වන්නේ ඵලදායිතාවය මතයි. අපේ රටේ නිෂ්පාදන ඵලදායිතා ඉහළ නැංවිය යුතුව තිබෙනවා. ඒ අභියෝගය ජයගැනීමේදී පුමුඛතාවයන් හඳුනා ගැනීම වැදගත්. අපි අලුත් තරුණයින්ගේ නිර්මාණශීලීත්වයට ඉඩදෙන්න ඕනේ. මේ වෙනස තුළින් අලුත් දේවල් බිහි කරන්නට ඉඩකඩ දෙන්න ඕන. සාම්ප්‍රදායික කෝණයෙන් බැහැරව, අලුත් කාලපරිච්ඡේදයකට සමාජයත්, රටත් ගෙනයාමට උත්සාහයේ යෙදෙන පිරිස්වල ඵලදායිතාව හඳුනාගෙන මේ ආකාරයෙන් ගෞරව දැක්වීම විශාල ධෛර්යයක්. රොනී ද මෙල් කියන්නේ අපේ රටේ විශිෂ්ටතම මුදල් අමාත්‍යවරයෙක්. එදා ඔහු කිව්වා හැම අයවැය ලේඛනයෙන්ම ගොඩනැගිලිවලට මුදල් වෙන්කලත් ගොඩනැගිලිවලින් ප්‍රයෝජනය ගන්නෙ පැය හයයි. ඊට පස්සේ උදේ පාන්දර වෙනකල් ගොඩ නැගිලි වහනවා. වෙනත් රටවල අතිරේක දැනුම එකතු කිරීමේ ක්‍රියාවලියට, අතිරේක පර්යේෂණ සදහා ඒ ගොඩනැගිලි යොදා ගන්න බව. ඵලදායිතාවයට බලපෑම් කරන රජයේ ආයතන හා මූල්‍ය රෙගුලාසි සමාලෝචනය කළ යුතු කාලයකයි අපි ඉන්නේ. එහෙම නොකලොත් සිද්ධවෙන්නේ කාලය නාස්තිවීමක්. ගමේ සිට ඉහලටම රටක් වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගයට සෑම ක්ෂේත්‍රයක්ම පරිවර්තනය විය යුතුයි. සමහර ආයතනවලට මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරනවා. මේ මහජනතාවගෙන් එකතු කරන බදු මුදල්. නමුත් කියන්න කනගාටුයි. මේ ආයතනවලින් ජාතික ධනයට කිසිවක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේ ඵලදායීතාවයක් නැති රජයේ සංස්ථා දෙපාර්තමේන්තු රාශියක් තියෙනවා. ඉදිරි කාලපරිච්චේදයේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව යම් යම් වෙනස්කම් සිදුකළ යුතුව තිබෙනවා. ඒ වෙනස්කම් මත අලුත් ජයග්‍රහණ වලට අපට පිවිසීමේ මාර්ගය උදාකරන්නේ ඔබයි. රාජ්‍ය වියදම් පාලනය කරගැනීමට ගැනීමට නොහැකිව, ඵලදායිතාවයක් නොමැතිව අපේ රටේ මහා ධනස්කන්ධයක් වැය වෙනවා. සූර්ය තාපය හෝ විදුලියෙන් ගමන්කරන වාහනවලට ප්‍රමුඛත්වය දෙන්න අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වුනා. අපේ රටට අල්ලපු රටේ විදුලි බලයෙන් දුම්රිය, ත්‍රී රෝද රථ ගමන් කරනවා. නාස්තිකාර වියදම්වලට ණය වෙනවා වෙනුවට අපිත් එවැනි තත්ත්වයකට පරිවර්තනය විය යුතුයි. වාහන තොගයක් දුවවන්න අපි කොයි තරම් අපි ණය ගන්නවද. ඒ වෙනුවට විදුලියෙන් හෝ සූර්ය තාපයෙන් ගමන් ගන්න වාහන යොදාගන්න පුලුවන්. දවසේ පැය විසි හතරෙන් පැය දොළහක්ම අපේ පිනට ලැබිලා තියෙන සූර්ය තාපය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරම්පරාවගෙන් මම ඉල්ලා සිටින්නේ මේ වෙනසට උර දෙන ලෙස යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කම්කරු අමාත්‍යංශ ලේකම් ආර්.පී. ඒ විමලවීර, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.

Post Views: 8
Previous Post

දහම් පාසල් ගුරු පුහුණුවක් ඇල්වල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දී

Next Post

ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්වන්න -ජනපති

editor

editor

Next Post

ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්වන්න -ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved