මෙරට නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්රමුඛ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහා කළේ නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණෙන් ගාල්ල අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද විශේෂ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙරට ආනයන වියදම අඩුකොට,ආනයන ආදේශන නිෂ්පාදනයන් වැඩිකොට,ප්‍රවර්ධනය කරන නිෂ්පාදන කර්මාන්තයන් තුළින් අපනයන ආදායම වැඩිකරගැනීම රජයේ ප්රමුඛ අරමුණ බවත් ඒ වෙනුවෙන් රජය උපරිමව කටයුතු කරන බවත්ය.
එමෙන්ම අලුතින් රටට හදුන්වා දෙන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය හරහා ඊට අවශ්‍ය නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කෙරෙන ආරක්ෂනවාදී පරිසරය නිර්මාණය කරන බවත් සදහන් කළේය. එයට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේදී අගය එකතුකල නිෂ්පාදනයන් වෙත යොමුවීම හරහා අපනයන ආදායම ඉහළ නංවාගත හැකි ආකාරයත් පෙන්වාදුන් අමාත්‍යවරයා මෝටර් රථ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය , ඖෂධ කර්මාන්තය , ඛනිජ සම්පත් ආශ්රිත අගය එකතුකල නිෂ්පාදන කර්මාන්තයන් ආදී කර්මාන්ත ක්ෂේත්රයන් ඉහළ අපනයනය ආදායම් වෙනුවෙන් වැඩි විභවයක් පවතින බවත් සදහන් කළේය.
මෙම උත්සව අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අක්මීමන ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා අබේසිරිගුණවර්ධන ඇතුළු රාජ්‍ය නිළධාරින්,හිටපු පලාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ ,අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහේවත්ත ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.