පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඒ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ගනු ලැබු තීන්දුවට අනුව තමා මෙලෙස ඉවත් වන බවයි.
තමන්ට පාර්ලිමේන්තුවට පිවිසිම සඳහා ඡන්දය ලබා දුන් සියළු දෙනාට සිය ස්තුතිය ද පල කල සිටියේය.