• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට පාලනය කරන හැටි දන්නේ නැතිව බලය අල්ලන්න හදනවා – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

31 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කිසිවෙකුට රට පාලනය කරන ක්‍රමය පිළිබඳව කිව නොහැකි බවත්, ඔවුන් රැළි මවමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ප්‍රවිශ්ටයක් කරා යෑමේ උත්සහයක යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම විනය ගරුක දේශපාලන පක්ෂයක්. දැන් 69 ලක්ෂයේ ජනවරම ගැන අපේ සමහර නිදහස පතාගෙන ගිය පිරිස කිබුල් කඳුළු හෙලනවා. හැබැයි මේ 69 ලක්ෂයේ මේ ජනවරම විනාශ කළේ මේ හෙළිකොප්ටරයේ පිරිසමයි. මේ පිරිස තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ඉලක්ක කරගෙන කල්ලි කණ්ඩායම් විදිහට වෙන් වුණා. පක්ෂ එකොළහේ කණ්ඩායමක් හදා ගත්තා. ඒ පක්ෂ නායකයින්ගේ සමහරක් පිරිස අපේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය අයයි. ඒ පිරිස් තමයි පක්ෂය විනාශ කරන්න කටයුතු කළේ. තව කණ්ඩායමක් ස්වාධින වෙනවා කියලා ස්වාධින වුණා. මේ පෙහොට්ටුවෙන්ම ඇවිල්ලා පොහොට්ටුවට ලැබෙන ඡන්දවලින්ම පාර්ලිමේන්තුවට ගිය පිරිස් දැන් කියනවා ඔවුන්ටත් මතයක් තිබෙනවා කියලා. ඒ නිසා මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවාදි දේශපාලන පක්ෂයක් විදිහට අපි කිසි කෙනෙකුට පුද්ගලික න්‍යාය පත්‍ර නෑ. අපි කටයුතු කරන්නේ ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ. ඒ නිසා බදු වැඩි වන විට , විදුලි බිල, භාණ්ඩ මිල වැඩි වන විට අපි සූදානම් මහජනතාව ඉදිරියට ගිහිල්ලා ජනවරම උරගා බලන්න. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මතවාදි භාවිතයන් වලට මිනිස්සු රවට්ටන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපි බලමු මේ කල්ලි කණ්ඩායම්වල අනාගත දේශපාලන ඉරණම. අපි කලබල වෙන්නේ නෑ. අපි පක්ෂයක් විදිහට හැම අවස්ථාවකම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තදින් විශ්වාස කළා. අද ඕනම කෙනෙකුට පුළුවන් ජනමතය විකෘති කරන්න මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා. අද අපේ රටේ මිනිස්සුන්ට මේ පිරිස ඒත්තු ගන්වනවා විකල්පයක් නෑ, ඒ නිසා අපි තමයි විකල්පය, අපි සමඟ එකතු වෙන්න කියලා. හැබැයි මේ කිසිම කෙනෙකුටවත් අපි විකල්පය කියන මේ තියන ප්‍රශ්නවලට උත්තර නෑ. මේ අයට ඕනෑකම තියෙන්නේ බලවත් වීමට මිසක් බලය තහවුරු කර ගන්න නොවේ. රාජ්‍ය සේවය අඩපන කරන්න, මිනිසුන්ගේ දෛනික ජිවිතයට බාධා කරන්න, උද්ඝෝෂණය කරන්න, මේ තමයි බලවත් වීම. මේ කියන කිසි කෙනෙකුට අවුරුදු 50 ක දේශපාලනයක් කරලත් ඉතා කලාතුරකින් තමයි මේ පොඩි මැතිවරණ කොට්ඨාශයක් දිනාගන්න අවකාශය ලැබෙන්නේ. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පාඩමක් උගන්වන්න යහපාලන ආණ්ඩුව බලයට පත් කරලා ඒ කරගත්ත සැන්තැසියනම් හිතන්නවත් එපා. එයට හේතුව මේ මවන්නේ රැලි පමණයි. අපි වැඩ කරලා, පළපුරුද්ද තිබෙන, අත්දැකීම් තිබෙන, නිර්මාණශිලි පිරිසක් තමයි එළඹෙන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෝ විදිහට 254 ක් පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි මැතිවරණයට රැළි මවන්නේ නැතිව හොඳ සූදානමකින් යුතුව කටයුතු කරනවා. අපිට පේනවා පහුගිය සති කිහිපයක කාලසීමාවක තුළ සමහර දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් එළඹෙන පළාත් පාලන මැතිවරණය සලකන්නේ බලය ඇල්ලිම සඳහා කරන දේශපාලන ප්‍රවිශ්ටයක් විදිහට. අපි දැක්කා සමහර අවස්ථාවන් වල කැබිනට් එකත් පත් කරලා ඉවරයි. ජනාධිපතිවරණයත් තීන්දු කරලත් ඉවරයි. මේ විදිහට අතීතයේදි අවස්ථා 03ක දි මේ ආකාරයටම බලය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළකට අපේ රටේ දේශපාලන පක්ෂ යොමු වුණා. ඒ නිසා මේ යාචක මානසිකත්වයෙන් රටක් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා රටක් කරන විදිහ මේ පුද්ගල ස්වරූපයන් හරහා කරන්න බෑ කියන එක මේ පිරිස් තීන්දු කරන්න ඕන. කොහොමද බලය අරගෙන රට කරන්නේ. පළාත් පාලන ආයතනයක්වත් කරගන්න බැරිවෙච්ච පිරිසක් පළාත් පාලන ආයතනයක කටයුතු කරන්නේ කොහොමද. මේ කිසිකෙනෙක් රට පාලනය කරන ක්‍රමය ගැන කියන්නේ නෑ. රැළි මවමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ප්‍රවිශ්ටය විදිහට පෙන්නුවත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ බොහෝ පිරිස්වලට ජනතාව නිසි පාඩම උගන්නාවි.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේ ය.

 

Post Views: 3
Previous Post

එදා බඹරේ වැල්ලේ කැරකුණ නිසා ඡන්ද තිබ්බා .. දැන් එහෙම නෑ – අනුර කියයි

Next Post

යාවත්කාලීන තාක්ෂණය මඟින් කාර්මික ප්‍රවර්ධනය කල යුතුයි – කර්මාන්ත ඇමති

editor

editor

Next Post

යාවත්කාලීන තාක්ෂණය මඟින් කාර්මික ප්‍රවර්ධනය කල යුතුයි - කර්මාන්ත ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved