• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්තමාන ආණ්ඩුව ජනවරමක් නෑ – විපක්ෂනායක සජිත්

6 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැති අලි පොහොට්ටු ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ(05) මිනුවන්ගොඩ පැවැති ජන රැළියක් අමතමිනි.

එහීදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කලේය ” හොඳට මතක තියා ගන්න මේ වර්තමාන ආණ්ඩුව වරමක් නැති ආණ්ඩුව. මේ වර්තමාන ආණ්ඩුව අලි පොහොට්ටු ආණ්ඩුවක්. මේ වර්තමාන ආණ්ඩුවට වරම තිබෙන්නේ කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවේ විතරයි. මේ වගේ වරමක් නැති ආණ්ඩුවක් එක එක සංවිධාන එක්ක ගිවිසුම් ගහලා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරන්න බැහැ. අද මැදියම් රැයේ සිට ගෑස් තුන්සිය ගාණකින් නග්ගන්න යනවා. පෙට්‍රල් නැග්ගුවා. තව දෙවතාවක් විදුලි බිල වැඩි වෙනවා. තව සියයට 75කින් විදුලිය වැඩි කරනවාලු. ඇහුවාම ජනාධිපතිතුමා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්ව නිසා මේක කරනවාලු. අපි කටේ කෙල ලේ රහ වෙනකම් අපි ඉල්ලුවා අයි.එම්.එෆ් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. ඒත් මොකක්වත් කළේ නැහැ. දැන් හැම එකම අයි. එම්. එෆ් එක පිට දාලා මිනිස්සුන්ව තලනවා පෙළනවා පොඩි කරනවා. මිනිසුන්ට සහන දෙන්න සල්ලි නැහැ. හැබැයි නිදහස් දින උළෙලේ තාවකාලික වැසිකිළි පද්ධතියට ලක්ෂ 142ක් වැය කරන්න සල්ලි තියෙනවා. කොහොමද ප්‍රමුඛතාවය. ඒ නිසා මම එකක් කියන්න කැමැතියි රණසිංහ ප්‍රේමදාත් අයි. එම්. එෆ් එකත් එක්ක ගණුදෙනු කළා. හැබැයි රණසිංහ ප්‍රේමදාස අයි. එම්. එෆ් එකත් එක්ක ගණුදෙනු කරන කොට මිනිසුන්න්ට දෙන සහන කැපුවේ නැහැ. හතලිස් තුන් ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිළ ඇදුම් දුන්නා නේද? හතලිස් තුන් ලක්ෂයක් පාසල් දූ දරැවන්ට දිවා ආහාරය දුන්නා නේද? ජන සවිය ක්‍රියාත්මක කළේ නේද? අපේ මහීල් ගුණසේකර මැතිතුමා ඉන්නවා. මිනුවන්ගොඩ ආසනයේ විතරක් ඇගලුම් කර්මාන්තශාලා 03ක්ම රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පය යටතේ මෙතුමාගේ නායකත්වයෙන් ඉදි කරා. හැබැයි එදා පාද යාත්‍රා ගියා ඇගලුම් කම්හල් අපිට එපෝ. සුද්දියන්ට ප්‍රේමදාස යට ඇදුම් මස්සන්නට ගමේ කොල්ලෝ කෙල්ලෝ දාන කර්මාන්ත ශාලා අපිට එපෝ කිව්වා විතරක් නෙවෙයි කර්මාන්තශාලා පුච්චන ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක කළා. කර්මාන්තශාලා ගිනිබත් කළා. දැන් කර්මාන්ත ශාලා ගිනිබත් කළ හාදයෝ කියනවා රට හදන්න සුදුසු ඒ අයලු. මිත්‍රවරුනි මම දෙයක් අහන්නම්, ගිනි තියලා පුළුවන් ද රටක් හදන්න.? පුච්චල පුළුවන්ද රටක් හදන්න. මිනි මරලා පුළුවන් ද රටක් හදන්න. මිනිස්සු මරන එක නෙමෙයි කරන්න ඕන. මිනිස්සු ජීවත් කරන එක. ඒ නිසා මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි මේ අනීතික වරමක් නැති ජනතාවගේ ආශිර්වාදය අවලංගු වුණු මේ ආණ්ඩුව ගහන ගිවිසුම් ගරු කරන්නට අපි බැඳලා නැහැ. හැබැයි අයි. එම්. එෆ් එකත් එක්ක අපි සාකච්ඡා කරනවා. අයි. එම්. එෆ් එකත් එක්ක අපි එකට වැඩ කරනවා. හැබැයි රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂ හොර හැත්තයි රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගේ කරපිට බර පටවලා ගහපු අයි. එම්. එෆ් ගිවිසුම් නොවෙයි මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් මිනිසුන්ට හුස්මක් අරගෙන දරු පැටව් එක්ක හොදින් ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ අයි. එම්. එෆ් ගිවිසුම ගැසිය හැකි එකම දේශපාලන දර්ශනය සමගි ජන බලවේගයේ දේශපාලන දර්ශනය යි. දේශපාලන කණ්ඩායමයි විතරයි. ඕන කෙනෙක්ට රසවත් විචිත්‍ර කතා කියන්න පුළුවන්. හොරු ඇල්ලීම ගැන. හදවතට තට්ටු කරලා අහන්න හොර පවුලේ හොරෙක්ව ජනාධිපති කරන්නට ගෙනි ගෙට ගිය කණ්ඩායමට පුළුවන් ද ඒ හොර පවුලේ හොරු ටික අල්ලන්න. කවුද මේ රට කාපු රට විනාශ කරපු රට බංකොලොත් කරපු රට කාබාසිනියා කරපු මේ රජ පවුල රටේ රජ පුටුවට ගේන්න ගෙන් ගෙට ගියේ අපිද? සජිත් ප්‍රේමදාස ද? සමගි ජන බලවේගය ද? නෑ මිත්‍රවරුනි. අද රට හදන්න පුළුවන් කියලා මහා ලොකුවට දේශපාලන සංදර්ශන කරන කණ්ඩායම තමයි ඒම ගෙන් ගෙට ගියේ. මේ රටේ හොරු අල්ලන්න පුළුවන් රට කාපු හොර පවුලත් එක්ක ඩීල් නැති කණ්ඩායම, රට කාපු හොර පවුලත් එක්ක ඩීල් නැති ගිවිසුම් නැති මිත්‍රතා නැති එකම කණ්ඩායම සමගි ජන බලවේගයයි. අපි හොරැ අල්ලනවා විතරක් නෙවෙයි. හොරු හොරා කාපු හැම මුදලක්ම හැම ඩොලරයක්ම හැම සම්පතක්ම අපි අපේ මාතෘභූමියට ලබා ගන්නවා ලබා ගන්නවාමයි. එහෙම ප්‍රකාශ කරනවා විතරක් නෙමෙයි ඒක ගන්න ක්‍රමයකුත් තියෙනවා මිත්‍රවරුනි. පළමුවෙන්ම ස්ටෝලන් ඇසෙස්ට් රිකවරි ඇක්ට් කියලා පාර්ලිමේන්තුවේ නව නීතියක් අපි සම්මත කර ගන්නවා. හොරා කාපු සම්පත් රටට ආපසු ලබා ගැනිමේ පනතයි ඒ. එය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ටෝලන් ඇසෙස්ට් රිකවරි මැනේජ්මන්ට් අතෝරටි එකක් හෙවත් රටින් හොරා කාපු සම්පත් නැවතත් ලබා ගැනීම සඳහා වන කළමනාකරණ අධිකාරියක් අපි ස්ථාපනය කරනවා. මේ රටට අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙළ සදහා මේ රට ගැන ලොකුම කැක්කුමක් තිබෙන දක්ෂ පක්ෂ හපන්කම් සහිත රටේ තාරුණ්‍යය පන්ති පක්ෂ ආගම් ජාති භේදයකින් තොරව හොරු අල්ලන වැඩසටහනට සහ හොරා කාපු සල්ලි ටික ලබා ගන්න වැඩසටහනටයි අපි ඒ අයවත් සම්බන්ධ කර ගන්නවා. තරුණ නීතීඥවරු, විෂය පිළිබඳ විශේෂඥවරු මෙන්ම අනිවාර්යෙන්ම නියත වශයෙන්ම ඔබ දකින්න ඇති මේ රටේ මහජන අරගලය පොදුජන අරගලය වෙනුවෙන් කැපකිරීම් කළ තරුණ කණ්ඩායම් ටික ඉන්නවා. පහුගිය දවසේත් රාජ්‍ය භීෂණයට රාජ්‍ය ත්‍රස්තවාදයට ඒ අය ලක් වුණා. ඒ තරුණ නායකත්වයටත් මේ රටේ හොරු අල්ලන වැඩසටහනේ ප්‍රමුඛතම කාර්යභාරයක් අපි ලබා දෙනවා. යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

ජනතා විමුක්ති පෙරමුණ බලය ගන්න මිනිස්සු මරපු පක්ෂයක් – ඇමති ප්‍රසන්න රණතුංග

Next Post

2030 දී ලෝකයට අවශ්‍ය පරපුර අපි හදනවා – අනුර දිසානායක

editor

editor

Next Post

2030 දී ලෝකයට අවශ්‍ය පරපුර අපි හදනවා - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved