• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඉදිරි මහ කන්නයට පෙර අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

20 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (19) පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසීය.

එහිදී වැඩබිම් කළමනාකරු කසුන් ගුණවර්ධන මහතා විසින් ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමක් සිදු කරන ලදී.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හි දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවන්හිදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජලය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවේ. මේ හේතුවෙන් මිණිපේ ගොවි බිම් සඳහා වඩා විශ්වාසනීය හා අඛණ්ඩව ජල සැපයුමක් පිණිස මිණිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74ක දිගින් යුතු මිණිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කෙරිණි.

මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාවක් ඇති අතර මිණිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල – මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාව ලැබෙයි. එයින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000කි.

ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,000ක් වන අතර China Gexhouba Group Company Limited (CGGC) සමාගම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

1948 වසරේ ඉදිකෙරුණු මිණිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1980 වසරේදී ය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු නැවත සිදුවන්නේ වසර 40කට පසුව වීම විශේෂත්වයකි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘති කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජේරත්න, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික වලිසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

Dialog TV සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට Norsat වෙතින් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක්

Next Post

ඓතිහාසික සෙංකඩගල පුරවරයට විසල් නගර සංවර්ධන ව්‍යාපෘතියක්

editor

editor

Next Post

ඓතිහාසික සෙංකඩගල පුරවරයට විසල් නගර සංවර්ධන ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved