• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රචණ්ඩත්වය රනිල්ට පුරුදුයි – අනුර දිසානායක

9 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයන් හඹාගෙන ගොස් පහර දී ප්‍රචණ්ඩකාරී තත්වයක් නිර්මාණය කිරීම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පුරුද්දක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (09) ජාතික ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

එහීදි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ජනාධිපතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටිනවා. ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයන් හඹාගෙන ගොස් පහර දී ප්‍රචණ්ඩකාරී තත්වයක් නිර්මාණය කිරීම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පුරුද්දක් බවට පත්කර ගෙන තිබෙනවා. ජනතාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් රැස්වීම් පවත්වන්න, උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදෙන්න හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද මූලික අයිතියක් ලෙස වගේම භාවිතය ඇතුලේ පසුගිය කාලය පුරාවටම මේ රටේ ජනතාවට තිබුණ බව මාධ්‍යවේදීන් හැටියට ඔබත්, මේ රටේ පුරවැසියනුත් දන්නවා. නමුත් කිසි ජනවරමක් නැති ජනතාවගේ කිසි බලයක් නැති, පාර්ලිමේන්තුවේ සිටින වංචනිකයන්, දූෂිතයින්, ත්‍රාඩයින් 133කගේ අනුහසින් ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ, එම ධූරය ආරක්ෂා කර ගැනීමටත් 133දෙනාගේ රැකවරණය වෙනුවෙනුත් පොදු ජනතාව වෙත මර්දනය දියත් කරමින් ඉන්නවා. පසුගිය 26 වෙනිදා ජාතික ජන බලවේගයේ අපි පාරට බැස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා. නියමිත පරිදි මැතිවරණ පවත්වනවා වෙනුවට මැතිවරණය කඩාකප්පල් කරන රනිල්ට විරුද්ධව අපි ඉතාමත් සාමකාමී අරගලයක යෙදුණා. විහාරමහාදේවී උද්‍යානයේ සිට පිටකොටුව දක්වා යාමට සැලසුම් කර තිබුණා. අපි මාර්ග බාධකවල සිටි පොලිස් නිලධාරීන්ට පැහැදිලි කළා. සාමකාමීව පාරේ එක් තීරුවක් පාවිච්චි කරමින්, අපේ මතය ඉදිරිපත් කරන්න යන්න අවස්ථාව දෙන්න යැයි අපි ඉල්ලා සිටියා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එය සාමකාමී උද්ඝෝෂණයක්, ඉතාමත් විනයානුකූල උද්ඝෝෂණයක්. නමුත් පොලීසිය මඟ හරස්කොට එයට විවිධ කඳුළු ගෑස්, ජල ප්‍රහර එල්ල කරමින් එය මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටියා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ නිමල් සොහොයුරා ඝාතනය වීම. ඒ වගේම තවත් සොයුරෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නවා. පෙරේදා අන්තර් විශ්විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවන් සාමකාමී උද්ඝෝෂණවල නිරත වුණා. රනිල් වික්‍රමසිංහගේ මැර කණ්ඩායම් යොදවා පන්න පන්නා ඔවුන් දැඩි මර්දනයට ලක්කළා. අනතුරුව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාට පසුව විශ්වවිද්‍යාලයට පවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදී විශ්විවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් කඳුළු ගෑස්වලට ලක්වීම නිසා මිය ගියා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ පාසල් සිසුන්ටත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එයට විරුද්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, දරුවන් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෘග ක්‍රියාමාර්ගයට එරෙහිව ඔවුන්ගේ හඬ ප්‍රකාශ කර සිටියා. රනිල් වික්‍රමසිංහ එයට පිළිතුරු දෙන්නේ එම දරුවන්ටත් ගුරුවරුන්ටත් පන්න පන්නා ප්‍රහාර එල්ල කිරීමෙන්. ඒකට විරෝධතාවය දැක්වීමට පාරට බැස්ස කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ටද පොලිස් හා හමුදා යොදවා පහර දෙන්න පටන් ගත්තා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ මේ ආණ්ඩුව මේ රටේ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් තිබෙනවා. මේ ඡායාරූපවලින් මේ නිල හමුදාවන් බව පෙනෙනෙවා. ලී පොලු රැගත් හමුදාවන්, යකඩ පොලු රැගත් හමුදාවන්, මේ අයුරින් සන්නද්ධ කිරීමට තිබෙන නීත්‍යානුකූල බලය මොකක්ද? විවිධ වර්ගයේ කුරුඳු පොලු අරගෙන මේ සාමකාමී උද්ඝෝෂණයන්ට පහර දෙන සංස්කෘතියක් රනිල් වික්‍රමසිංහ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. කකුළුවා හොඳින් දිය කෙළිමින් ඉන්නේ වතුර රත්වෙනතුරු පමණක් බව. ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයට පහර දීලා, හිර කරලා මැඩ පවත්වන්න පුළුවන් කියලා හිතනවානම් එය රනිල් වික්‍රමසිංහ දකින දවල් හීනයක් පමණයි.

අද මාර්තු 09ය. අද පළාත් පාලන ආයතනයන් සඳහා නව මන්ත්‍රීවරු තෝරාගැනීමට තිබූ දිනය. රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව මගින් මැතිවරණය වළක්වන්න බැරිවුණා. අධිකරණය මගින් මැතිවරණය වළක්වන්න බැරිවුණා. අවසානයේ ඔහු මේ ඡන්දය වළක්වන්න කඩාකප්පල්කාරයෙක් ලෙස හැසිරෙනවා. රටේ ජනතාවගේ ජන මතයට ඉඩනොදී, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකට ඉඩ නොදී ඔහුගේ ඇත්ත තරම ජනතාව ඉදිරියේ හෙළිදරව් වන නිසා, ඒ වගේම මාලිමාවේ ජයග්‍රහණය, ඔහුගේ ප්‍රභූ පැලැන්තියේ බලය ගිලිහී යන නිසා, මේ ඡන්දය කඩාකප්පල් කළා. අධිකරණ තීන්දුව හමුවේ නැවත මැතිවරණයට දිනයක්, මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේදී, දොලවත්ත මන්ත්‍රීවරයා උපයෝගී කරගෙන එම අධිකරණ තීන්දුව බරපතළ ලෙස ප්‍රහාරයට ලක්කරනවා. ඔහු වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරනවා. වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස වරප්‍රසාද කමිටුව පිළිගතහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැඳවිය යුතු වෙනවා. මේ තමන්ගේ අනීතික බලය උපයෝගී කර ගැනීම සඳහා අධිකරණ පද්ධතියට එල්ල කරන ලද ප්‍රහාරයක්.

විශේෂයෙන්ම අධිකරණය පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වෙලා නැහැ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මුදල් විධායකය විසින් යටපත් කරගෙන සිටීම වැරදියි. ඒ නියෝගයේ තිබෙන්නේ, පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති මුදල් රඳවා ගැනීම වැරදියි යන්නයි. ඒ නියෝගයෙන් සිදුවෙන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්තිමත් වීමක්. ඔවුන් අර්ථකථනය කිරීමට උත්සාහ ගෙන තිබෙන්නේ, පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය ශක්තිමත් කරනවා වෙනුවට, විධායකයට පාර්ලිමේන්තුව යටපත් කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසඳා දුන්නේ එයයි. එපමණක් නොවෙයි, තැපැල් ඡන්දයට දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඡන්ද දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. හැබැයි රට තුළ විශාල කුකුසක් තිබෙනවා. මේ ජනාධිපතිවරයා නව ඡන්ද දිනයත් වැළැක්වීම සඳහා කුමන වර්ගයේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළ හැකියැයි කියලා. තමන්ගේ පළාත්පාලන ආයතන නියෝජිතයන් තෝරා පත්කර කර ගැනීම මේ රටේ ජනතාවගේ ප්‍රජාතනත්ත්‍රවාදී අයිතියක්. රනිල් වික්‍රමසිංහ ඒ අයිතිය ජනතාවට දෙන්නේ නැහැ. ඔහු කඩාකප්පකාරයෙක් ලෙස හැසිරෙනවා. ජනතාව විශාල ලෙස අසීරුතාවයන්ට ලක්වී තිබෙනවා. දරුවන්ට වහ දී තමනුත් ජීවිතය අහිමිකර ගන්න තත්වයට ඔවුන් පත්වෙලා තිබෙනවා. දරුවන් සමග ළිඳට පනින තත්වයට පත්වෙලා. මිනිසුන්ට කන්න නැති තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ මිනිසුන්ගේ වරදක් නිසා නොවෙයි.

මේ පාලකයො මහජනයාගේ ධනය සොරකම් කරලා, කාබාසිනියා කිරීමේ ප්‍රතිවිපාකයි. ඒකට විරුද්ධව ජනතාව නැගී සිටිනවා. ඒකත් මර්දනය කරනවා. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ, ඡන්ද කඩාකප්පල් කරලා, ජනතාවගේ සාධාරණ නැගිටීම් මර්දනය කරලා, තමන් වටා පැරදුණු කණ්ඩායමක් එකතු කරගෙන, ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙන්නයි. අද කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු පස්සට තල්ලු වෙනවා. සාගල රත්නායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ්, රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන වගේ කිසි ජනවරමක් නැති, පාර්ලිමේන්තුවට එන්නවත් නොදුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් එකතු කරගෙන හා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආශීර්වාදයෙන් මේ ගමන යන්න හදනවා. ඔවුන්ට ජනතාව සමග තරහක් තිබෙනවා. විශ්විද්‍යාල සිසුන් සමග තරහක් තිබෙනවා. ඒ තරහා රනිල් වික්‍රමසිංහ මගින් ඉටුකර ගනිමින්, ඔවුන් අමන්දානන්දයට පත්වෙමින්, මේ මර්දනය දියත් කරමින් තිබෙනවා. මේ මර්දනය හමුවේ අපි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි හැමදෙනාම මේ රටේ ඉපදුනු මිනිස්සු. අපට මේ රට පිළිබඳ සුජාත අයිතියක් තිබෙනවා. කිසිවෙකුට අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. මේ රටේ සෑම පුරවැසියෙකුම ඊට එරෙහිව නැගී සිටිය යුතුයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ අපි අවධාරණය කරනවා, ජන වරමක් නැති, ජන බලයක් නැති ව්‍යවස්ථා වගන්ති අස්සෙ රිංගලා, තමන්ගේ වියරු මනසින් මර්දනකාරී බලය උපයෝගී කරගෙන මේ රටත් මේ රටේ ජනතාවත් යටපත් කරමින් මේ රට පාලනය කරන්න දරන රනිල්ගේ වියරු උත්සාහය පරාජය කරන බව. ඔහු මැර කණ්ඩායම් එක්ක, පොලු ගත්තු හමුදාවන් එක්ක, යකඩ බට ගත්තු හමුදාවන් එක්ක එනකොට අපි ඔහුව අභිමුඛ වෙන්නේ මේ රටේ මහජනයාගේ බලයත් එක්ක. ව්‍යවස්ථාවේ වගන්ති නොවෙයි බලවත්, මේ රටේ මහජනයාගේ බලය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ඇති කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී, කඩාකප්පල්කාරී ක්‍රියාවන් වහාම නතර කළ යුතුයි. එසේ නොවුණහොත් මේ රටේ මහජනයාගේ බලයත් සමග රනිල් වික්‍රමසිංහ අභිමුඛ වෙන්න අපි සූදානම්. විශේෂයෙන්ම අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, සියලු සංවිධාන, පුරවැසියන්, එක්ක ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා අවශ්‍ය වෙන, පුළුල්තම බලවේගයක් අපි නිර්මාණය කරනවා. වහාම මේ මර්දන ක්‍රියාමාර්ග නතර කළ යුතුයි. මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන විශාල සැකයක් තිබෙනවා. නිමල් සහෝදරයා මිය යන්නේ, කඳුළු ගෑස් වැදිලා, පැයක් එකහමාරකට ආසන්න කාලයක් ඔහු ඉඳලා, වමනෙ දමා, ක්ලාන්තයක් ඇවිත්, අවසානයේ ඔහු මිය යනවා. එය මිනිස්සුන්ට යට වීමකින් හෝ ප්‍රහාරයකින් හෝ වාහනයකට යටවීමකින් නොවෙයි. මේ කඳුළු ගෑස්වල ප්‍රතික්‍රියාවක් හේතු කොටගෙන තමයි ඔහු මිය යන්නේ. මේ මරණය ඝාතනයක්.

පෙරෙයිදා දිනයේ මිය ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරී, ප්‍රියන්ත වන්නිනායක සොහොයුරා මිය යන්නේ වෙඩි උණ්ඩයකට හේ හදිසි අනතුරකට නොවෙයි. කඳුළු ගෑස්වල ප්‍රහාරය හේතුකොටගෙන. මුහුණ සෝදාගෙන ටික වේලාවකින් ඔහු මිය යනවා. මේවා ඝාතන. මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන පවා විශාල සාධාරණ සැකයක් තිබෙනවා. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතුයි. රසායනික අවි පාවිච්චි කරනවාදැයි සැකයක් තිබෙනවා. ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම්වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවාදැයි සැකයි. රනිල් වික්‍රමසිංහ ඉතාමත් මුග්ධ වියරු මනසකින් මේ රට පාලනය කරන්න උත්සාහ දරනවා. මේ අනතුර අපි කලින්ම හඳුනා ගෙන තිබෙනවා. මේ අනතුර පරාජයට පත් කිරීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. රනිල්ගේ මේ වියරු මුග්ධ ක්‍රියාමාර්ගයන්ට ජාතික ජන බලවේගයත් මේ රටේ පොදු මහජන බලයත් යටපත් කරන්න බැරි බවත් අවසානයේ ජයග්‍රහණය කරන්නේ මේ රටේ මහජනයාගේ බලය බවත් රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ මර්දනකාරී ක්‍රියාමාර්ග වහාම නතර කළ යුතුයි. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග අපි මුළුමනින්ම හෙළා දකිනවා. ඒ වගේම මේ මර්දනකාරී ක්‍රියාමර්ග පරාජයට පත් කිරීම සඳහා ගොඩනැගිය හැකි පුළුල්තම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් සමග කටයුතු කිරීමට අපි සූදානම්.යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 4
Previous Post

AkzoNobel අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කරයි

Next Post

සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ අබේවික්‍රම වැඩ භාර ගනී

editor

editor

Next Post

සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ අබේවික්‍රම වැඩ භාර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved