• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින්ට සහන දෙන්නැයි ඩලස්ගෙන් ඉල්ලීමක්

21 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

 

පලාත් පාලන මැතිවරණය වෙනසුවෙන් නාම යෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයින් හට සහන ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ඉල්ලීමක් කර සිටි.

ජනාධිපතිවරයා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
ජනාධිපති,
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

ගරු ජනපතිතුමනි,

පළාත් පාලන මැතිවරණයේ ගොදුරක් වූ රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම.

2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තුන්දහසකට (3000) අධික රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක පිරිසක් ජනවාරි මස 21 වැනි දින නාම යෝජනා පත් භාර දුන් බව ගරු ඔබතුමා ද පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අගමැතිතුමා ද මැනවින් දන්නා කරුණකි.

මෙම රාජ්‍ය නිලධාරීන් පිරිස, ඔබතුමා දේශපාලන නායකත්වය සපයන එජාපය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 48 ක් ද ස්වාධීන කණ්ඩායම් ද නියෝජනය කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතිය ප්‍රකාරව සියලු දෙනා වෙත වැටුප් රහිත නිවාඩු අනුමත කර තිබුණි. සති 7 ක කාලයක් සඳහා වැටුප් රහිතව ජනතා සේවයට කැප වීමේ ආදර්ශය ලබා දීම, කුමන පක්ෂයක් නියෝජනය කළ ද ඔවුන් ගේ අභිලාෂය වූ බව නිසැකය.

එහෙත්, අවාසනාවකට මැතිවරණ දිනය අප්‍රේල් 25 දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කළ නමුදු අද, (මාර්තු 21) දින වන විට, එය ද දින රහිත මෙන්ම වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත්ව තිබේ.

ගරු ජනාධිපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය කවන්ධයක් බවට පත් වීමේ ඛේදවාචකය පිළිබඳ සාකච්ඡාවකට වඩා මෙම ලිපිය මගින් මා ඔබතුමන් ගේ අවධානය කැඳවන්නේ, අතිශය දුෂ්කර ආර්ථික කොන්දේසි මධ්‍යයේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගත් රාජ්‍ය සේවකයන්ට අත්විඳීමට සිදුව ඇති අප්‍රසන්න වූ ද අයුක්තිසහගත වූ ද කඨෝර අත්දැකීම් පිළිබඳවයි.

මොවුන් සියලු දෙනා එකතුව ඇප මුදල් වශයෙන්, භාණ්ඩාගාරය තුළ තැන්පත් කොට ඇති මුදල රුපියල් කෝටි එකහමාරකට ආසන්න බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබතුමන්ට සිහිපත් කිරීම අවශ්‍ය නොවන නමුදු නිවාස ණය ඇතුළු විවිධ මූල්‍ය ආයතන වෙත ණය වාරික ගෙවන අතරතුර මූලික වැටුප පවා මාස ගණනාවකට අහිමිවීම ඔවුන්ගේ රාජකාරි ඉතිහාසය තුළ බරපතළ ඛේදවාචකයක් බව කිව යුතුව තිබේ.
එබැවින්, 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් යාමෙන් පසුව උද්ගත වූ තත්ත්වය තුළ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ පූර්වාදර්ශය අනුව යමින්, නොපමාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළ කැපකිරීමක් කළ දහස් ගණනක් වූ මෙම පිරිස ගැන මෙම සතිය තුළ දී තීරණයකට එළඹීම, ජනාධිපතිවරයා වශයෙන් ඔබතුමාගේ ද මහජන නියෝජිතයන් වශයෙන් අප සැමගේ ද බැහැර කළ නොහැකි ප්‍රමුඛ වගකීමකි.

එම නිසා, එහි පළමු පියවර වශයෙන්, රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන මගින් ඔවුන් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවීම යුක්තිසහගත බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබතුමා වෙත කාරුණිකව යෝජනා කරමි.

ගරු ජනාධිපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ කැපවීමක් උදෙසා රාජ්‍යයෙන් පුරවැසියාට හිමිවිය යුත්තේ ගෞරවය සහ කෘතවේදීත්වය මිස අවමානය හෝ අගෞරවයක් නොවන බවට පුරවැසි සමාජයේ හෝ දේශපාලන පක්ෂ අතර විවාදයක් තිබිය නොහැක.

බෙහෙවින්ම ස්තූතියි,
මම,

 

ඩලස් අලහප්පෙරුම (පා.ම.)
2023 මාර්තු 21 දින දීය.

 

පිටපත්
1. අග්‍රාමාත්‍ය – ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
2. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය – ගරු ජානක වක්කුඹුර මැතිතුමා
3. මැතිවරණ කොමිසමේ සභාපති – නීතිඥ නිමල් පුංචිහේවා මහතා
4. මැතිවරණ කොමසාරිස් ජනරාල් – සමන් රත්නායක මහතා
5. ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතන

Post Views: 1
Previous Post

IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා -ජනපති

Next Post

Citrus Hikka Wedding Fair 2023 ප්‍රදර්ශනයට අනාගත මනාල මනාලියන්ට ආරාධනා

editor

editor

Next Post

Citrus Hikka Wedding Fair 2023 ප්‍රදර්ශනයට අනාගත මනාල මනාලියන්ට ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved