• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනවා – ඇමති ප්‍රසන්න

27 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෙනම දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනු ලබන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට 2023 වසර සඳහා පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් ලබා දීමේ උත්සවයට පසුගිය සිකුරාදා (24) දින සහභාගී වෙමිණි.

මෙහිදී 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමින් විභාගය සමත් සිසු දරුවන් 60 දෙනෙකු සඳහා සහතික පත් හා ත්‍යාග ප්‍රදානය කිරීම ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතින් සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා “ පසුගිය සමයේ රට තුළ ඇති වු කොවිඩ් වසංගතයත් ඒ වගේම ඊනියා අරගලයත් නිසාම මේ පාසල් අතර තිබුණ සම්බන්ධතා අපෙන් ඈත් වුණා. මම දේශපාලනයට ආපු කාලයේ ඉදන් මං විවිධ තනතුරු දැරුවා. මම අවුරුදු 25 දී පළාත් සභාවේ මුල්ම ඇමතිකම ගත්තා. ඒ ප්‍රවාහන, මහාමාර්ග, නිවාස, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ධූරයයි. දෙවන පාර මට ඇමතිකම ලැබෙනකොට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සේවා යන ඇමතිකමත් ලැබුණා. ඉන් පසුව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ලෙස කටයුතු කරන විට තමයි මට අධ්‍යාපන ඇමතිකම ලැබුනේ. මට ලැබුණු විෂයන් වලින් මං හරිම ආසාවෙන් කරපු විෂයක් තමයි අධ්‍යාපන විෂය. ඒ හරහා අපට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. මට ඒ ආභාෂය මගේ පියාගෙන් ලැබුනේ. රෙජි රණතුංග ශිෂ්‍යත්ව පදනම ආරම්භ කරන්න කලින් එතුමාගේ වැටුපෙන් තමයි පාසල්වලට උදව් උපකාර සිදු කරේ. මගේ මව ගුරුවරියක් නිසා අම්මා කතා කරලා කිවුවා අසංවිධානාත්මක විදිහට වැඩ කරන්න එපා, ළමයි ටික එකතු කරගෙන පදනමක් හදාගන්න කියලා. ගුරුවරුන්ව දේශපාලන න්‍යාය පත්‍රවලට ගන්න හොඳ නෑ කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. මොකද මගේ අම්මත් ගුරුවරියක්. අපි දේශපාලනය කරන පවුලක් නමුත් අපේ අම්මා කවදාවත් දේශපාලන වැඩවලට සම්බන්ධ වෙන්නේ නෑ. මම හැමදාම ගුරුවරුන්ට ගුරු ගෞරවය දී කටයුතු කළා. 3,4 ශ්‍රේණිවල අකුරු කියවන්න පුළුවන් දරුවන් ප්‍රමාණය කොපමණ සිටිනවාද කියා සමීක්ෂණයක් සිදු කළ බව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. 3,000ක් අතරින් බලනකොට 30ක් 40ක් ප්‍රමාණයක් තමයි හරියට කරන්න පුළුවන් අය ඉන්නේ කියලා සමීක්ෂණයෙන් හෙලි වී තිබෙනවා. දෙමාපියන්ට පුංචි බයක් දැනෙන්නේ නැද්ද තම දරුවන් ගැන. මට නම් බයක් ඇතිව තිබෙනවා. අපි දරුවන්ගේ අධ්‍යාපනයට මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. දරුවන්ව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගන්න එපා කියලා ජනාධිපතිතුමා කියා සිටියා. අද වෙලා තියෙන දේ ගැන කණගාටුවෙන් වුණත් කියන්න සිදු වෙනවා. අද ගුරුවරුන් පාලනය කරන්නේ වෙනම දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන වෘත්තිය සමිති කණ්ඩායම්. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ගුරුවරුන්ට අයිතියක් තියෙනවා. ඉතිහාසයේ ගුරුවරුන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොව දරුවන්ගේ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී සිටියා. කොවිඩ් වසංගත කාලයේ ගුරුවරු වැඩි පඩි ඉල්ලලා පාරට බැහැලා කටයුතු කළ යුතු ආකාරය අපි දැක්කා. වෘත්තිය සමිති තමන්ගේ නියෝජිතයින් වෙනුවෙන් තමන්ගේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී ඉදලා ඔවුන්ගේ අයිතිවාසිකම් රකින්න ඕනි. දරුවන්ව ප්‍රාණ ඇපේට තියා ගන්න හොඳ නෑ. මේ දරුවෝ තමයි රටේ අනාගය භාර ගන්න ඉන්නේ. අද බලන්න වෘත්තිය සමිති මොකක්ද කරන්නේ කියලා. පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් සාමන්‍ය පරිදි සිදු කෙරෙනවා. සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ දරුවෝ ඒ පාසල්වලට යනවා. ඒ දරුවන්ට බාධාවක් නෑ. අපේ දරුවෝ යන පාසලේ ගුරුවරු ටියුෂන් කරලා දරුවන්ට අධ්‍යාපනය දෙනවා. පාසල් තුළ අධ්‍යාපනය නෑ, පාසල් වහලා. මොකක්ද මේ කරන්න හදන්නේ. අධ්‍යාපනය කියන්නේ වෙනම දෙයක්. විදුහලේ පරිපාලන අයිතිය විදුහල්පතිට ලබා දෙන්න ඕනේ. අවශ්‍ය ගුරුවරු තියා ගන්න දෙන්න ඕනේ. ප්‍රතිඵල පෙන්වන්න උනන්දු කර වන්න ඕනි. ගුරුවරු හැමදාම උදේම පාසලට ගිහින් හවසට එනවා. හැමදාම එකම විදිය. ඒ ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන්න වැඩපිළිවෙලක් කරන්න කියලා දවසක් මගේ අම්මා මට කිව්වා. මම ඒක උපදේශක මණ්ඩලයට කිව්වම මේක කළ යුතු දෙයක් කියලා ඔවුන් එය අනුමත කළා. විව් කමිටුවක් තිබ්බා ඒකට මේ වැඩසටහන දැම්මා. ඒකේ හිටියා වෘත්තිය සමිති කිහිපයක් දාපු ගමන් ඒ වැඩේට විරුද්ධ වුණා. උපදේශක මණ්ඩලය කිව්වා ඔබතුමා තනි තීන්දුවක් අරගෙන කරන්න මේකේ හොඳ ප්‍රතිඵල ඔබතුමාට දරන්න පුළුවන් කියලා. අපි ප්‍රාථමික පුහුණු වැඩසටහන් කළා. බස්නාහිර පළාතේ ගුරු වැඩ වර්ජනයක් ගියා. කැමැති අය කරන්න අකමැති අය කරන්න එපා කියලා මාත් එක්ක කතා කරන්න ආපු අයට කිව්වා. ප්‍රාථමික ගුරුවරු දාලා ඒ අයගේ දැනුම යාවත්කාලීන කරලා වැඩසටහන ඉවරවෙන කොට මේ ගැන ප්‍රතිචාර දක්වන්න කියලා කොළයක් බෙදුවා. අවුරුද්දකට සැරයක් මේක කරන්න කියලා 99% කිව්වා. වැඩසටහන කරන්න බෑ කියපු ගුරුවරු ගිහින් අන්තිමට ඒ වැඩසටහන කළා. ඇයි ඒ ? ගුරුවරුන් කැමැතියි ඒ ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයෝ වෙන්න. සෑම ක්ෂේත්‍රයකම තරගයක් තියෙනවා. අද වෘත්තිය සමිති ග්‍රහණයට අහුවෙලා ගුරුවරු බයෙන් ඉන්නවා. ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට ගියේ නැත්තම් තමන්ගේ මාරුව කර ගන්න බැරිවෙයි, තමන්ට මාරුවක් ලැබෙයි කියලා. අද මාරුවීම් කරන්නේ දේශපාලන අධිකාරිය නෙමෙයි වෘත්තිය සමිති. අපේ දරුවෝ කොළඹ හොද පාසල්වල යවලා උගන්වනවා වගේම ගමේ දරුවන්ටත් ඒ අවස්ථාව උදා කර දෙන්න ක්‍රමයක් අපි හදන්න ඕනි. මගේ පියා කිව්වෙත් එයමයි. මිනුවන්ගොඩ දරුවන්ට කොළඹ ආනන්දයට යන්න බැරි නම් ආනන්දය කොළඹට ගේන්න ඕනි. ඒ කියන්නේ ආනන්දය වගේ පාසලක් මෙහි හදන්න ඕන කියන එකයි. අද ඇයි මේ ළමයි ටියුෂන් පන්ති පස්සෙම යන්නේ. මගේ අම්මා ගුරුවරියක්. මම නම් ටියුෂන් පන්ති ගිහින් නැහැ. අපේ ගුරුවරු උදේ පාසලේදී උගන්වලා හවසටත් නොමිලේ අපිට ඉගැන්වුවා. ඒ තැනට අපේ අධ්‍යාපනය ගේන්න අවශ්‍යයි. ඒ සදහා වැඩ පිළිවෙලක් අපි සකස් කළ යුතුයි. සමාජය ඉදිරියට යන්න නම් හොද දරුවෝ හැදෙන්න ඕන. ඒකට ඔවුන්ට හොද අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඒ වගේම විෂය බාහිර වැඩ වලටත් දරුවන් යොමු කළ යුතුයි. අපි පාසල් කාලේ කරපු දේවල් අදටත් අපි ආසාවෙන් කතා කරනවා. අධ්‍යාපනය, ක්‍රීඩාව, සංස්කෘතිය, කලාව මේ දේවල් එක්ක යා යුතුයි. හිතන්න පුළුවන් හොද ගුරු මණ්ඩලයක් අපිට ඉන්නවා. ඔවුන්ට අලුත් දේවල් කරන්න ඉඩ දෙන්න ඕනි. බාධා කරන්න හොද නැහැ. ඒක අසාර්ථක වුනොත් තව අලුත් දෙයක් කරනවා. වැටි වැටි තමයි දිනන්න ඕනි. ඒ වගේම මම ගුරුවරුන්ගෙන් ඉල්ලනවා, දරුවන්ව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගන්නේ නැතුව දරුවන්ගේ අධ්‍යාපනයට ඔබ සියලු දෙනා ලබා දිය යුතු දායකත්වය ලබා දෙන්න කියලා.” යනුවෙන්ද පැවසීය.

පාසල් සිසු දරුවන්ට පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණි.
2023 වසරට අවශ්‍ය නිල ඇඳුම් වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබී තිබේ. දේශීය ව්‍යාපාරකයින් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබයි. ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මඟින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට මිනුවන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා පෙරේරා, මිනුවන්ගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ටි.එස්. විජිතා සෝමසිරි, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.කේ.ආර්.ප්‍රියන්තිකා රදලියගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

 

Post Views: 11
Previous Post

ධීවර කටයුතුවල යෙදී සිටි අයෙකු දියේ ගිලී මිය යයි

Next Post

රනිල් ඡන්දය කඩාකප්පල් කලා – අනුර දිසානායක

editor

editor

Next Post

රනිල් ඡන්දය කඩාකප්පල් කලා - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved