• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමහර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු නින්දෙන් අවදිවෙලා කතා කරනවා – මන්ත්‍රී රංජිත්

10 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන් වූ පිරිසට නිදසහසේ පියාසර කිරීමට ඉඩදි තිබෙනූයේ අප ප්‍රජාතන්ත්‍රවාදි බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන සහ ඒ වෙනුවෙන් පෙනි සිටින දේශපාලන ව්‍යාපාරයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අපේ සමහර සහෝදර පක්ෂවල නායකයෝ අපේ පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලලා ආණ්ඩුවේ වගකීම් දරණ අය කොවුලෝ වගේ තමයි මේ අවස්ථාවේ හැසිරෙන්නේ. ඒ අය එළියට ඇවිත් කියනවා දෑත් ශක්තිමත් කරනවා, මෙය පෞද්ගලික මතය, හොඳ දෙයක් කරනවානම් සහයෝගය දෙනවා කියලා. හැබැයි ඒ අයට අමතකයි ඒ කොවුල් පැටව් රැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔය හුඟක් දෙනෙකුට 2020 මහ මැතිවරණයේදි ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා පසුබිම සකස් කරලා දුන්නේ. දැන් ඒ පිරිස එළියට ඇවිත් නිදහසේ කොවුල් පැටව් වගේ පියාඹමින් තම මතය ප්‍රකාශ කරමින් යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පිරිසට නිදසහසේ පියාඹන්න ඉඩදිලා තිබෙන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදි බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන, ඒ වගේම ඒ වෙනුවෙන් පෙනි සිටින දේශපාලන ව්‍යාපාරයක් නිසයි. ඒ නිසා අපි දැක්කා සමහර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු නින්දෙන් අවදිවෙලා කතා කරන අවස්ථාවන් පහුගිය කාල සීමාවන් තුළ. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට පහුගිය අවුරුදු එකහමාර කාලසීමාව තුළ පොදු අභිලාශයන්, පොදු මතවාද සාමුහිකව දරාගන්න පුළුවන් මිනිස්සුන් අපේ පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ අපි හදුනගත්තා. ඒ නිසා තමයි සමහර පිරිස් වෙන පාරවල් හොයාගෙන ගිහිල්ලා අලුත් දේශපාලන ව්‍යාපාර බවට පත්වෙන්න උත්සහ කළේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරටත් වඩා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. ඊට හේතුව අපිත් එක්ක කටයුතු කරන්නේ මේ පොදු මතවාද ,පොදු අභිලාෂ වෙනුවෙන් පෙනි සිටින පිරිසක් පමණයි. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පෙනි සිටින පිරිසක් පමණයි අපිත් එක්ක කටයුතු කරන්නේ. පෞද්ගලික මතය, මේ මගේ අදහස කියන අය පක්ෂය තුළ රැදි ඉන්නේ නෑ. අපි ඉදිරි මැතිවරණයකට මුහුණ දෙනකොට අපිට පේනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදය පමණක් පෙනි සිටින පිරිසක් අපිට මැතිවරණය ජයග්‍රහනය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය, බහුපක්ෂ ක්‍රමය පමණක් නොවේ මේ රටේ මහජනතාවගේ ආර්ථික නිදහස වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක්. අපි කිසිදු පක්ෂයක කිසිදු කණ්ඩායමක මතය නොවේ නියෝජනය කරන්නේ අපේම මතයයි. අපේ මතය ඉතා පැහැදිලියි. අපි දැක්කා 1956 ස්වභාෂා රැල්ල ආවා. එය ලොකු රැල්ලක්. පංචමහා බලවේගයකට එකතුවෙලා මේ රටේ දේශපාලන ව්‍යාපාරය උඩු යටිකුරු කළා. මෙය අවුරුදු 10 විතර ඉස්සරහට ක්‍රියාත්මක වූණා. 1965 දස වසරක සාපය කියලා රැලල්ක් ද 1970 ජනරජ රැල්ලක් ඇතිවුණා. ඉන්පසු 1994 විහාරමහා දේවී රැල්ලක් හදනවා. චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ ඡායාරූපයක් දාලා. 2005, 2010 කාලසීමාව තුළ ජාතිකවාදි නැඹුරුවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් රට තුළ ගොඩනැගුණා. ඉන්පසු 2015 එය හොඳ නැ කියලා අපි යහපාලනයක් කරන්න ඕන කියලා අලුත් දේශපාලන මතදාරාවක් එළියට ගත්තා. අපි දැක්කා යහපාලනේ ප්‍රතිඵලය. එයින් රටේ ආර්ථිකය හොඳටම කඩා වැටුණා. ඉන්පසු 2019 අපි දැක්කා සුරක්ෂිතතාවය සඳහා වන රැල්ලක් ගොඩනගන්න ඕන කියලා. මම මේ කතා කරපු හැම රැල්ලක්ම ධනාත්මක රැළි. කුමක් හෝ දෙයක් කරන්නයි මේ රැළි මඟින් මේ දේශපාලන ව්‍යාපාර උත්සහ කළේ. හැබැයි මීට අවුරුද්දකට එකාහාමාරකට ඉස්සරවෙලා ජනතා විමුක්ති පෙරමුණ, සමඟි ජනබලවේගය යන මේ සියලුදෙනා එකතුවෙලා කෘතිම රැල්ලක් නිර්මාණය කළා. ඒ රැල්ල පෙර සඳහන් කළ රැළි මෙන් ධනාත්මක රැළි නොවේ. මෙය වෛරී දේශපාලනය ප්‍රකාශ කරන රැල්ලක්. පෙර සඳහන් කළ රැළි හැම එකකටම වැඩපිළිවෙළක් තිබුණා. මේ අලුතින් හදපු රැල්ලට අලුත් නමක් දුන්නා අරගලය කියලා. ඒ අරගලය මඟින් එදා පැවති පීඩණය පාවිච්චි කළා. ඒ නිසා අපිට පේනවා ඒ රැල්ල කිසියම් කෘතිම එකක් බව. ගෑස් නෑ, විදුලිබල කප්පාදුවක් තිබෙනවා කියලා එය පාවිච්චි කළේ. එය ගෝඨා ගෝ හෝම් කියලා පටන් අරගෙන රාජ්‍ය අස්ථාවර කරන තැනට අරගෙන ගියා. මේ රැළි හදපු පිරිස මේ රැල්ල හැදුවේ රටේ ආර්ථිකය අකර්මන්‍ය කරලා. මෙය පටන්ගත්තේ 2018. විදේශගත ශ්‍රමිකයන්ට කිව්වා මුදල් එවන්න එපා මේ පිරිස හොරකම් කරනවා කියලා. එයින් රටට බිලියන 06 ක් විතර ආදායම් ලැබෙන්න පුළුවන්කම තිබුණු විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් ඒ ප්‍රවාහය නතර කෙරුවා. යාන්තම් රට ඔලුව උස්සගෙන එනකොට මහා පාරේ කැරළි ගහලා සංචාරක ව්‍යාපාරය නැවතවාරයක් තිබුණු තැනට තල්ලු කෙරුවා. කර්මාන්ත ශාලාවල වැඩවර්ජන, ගුරුවරු මහා පාරට බැස්සුවා. මේ තමයි ආර්ථික අස්ථාවර කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග. පහුගිය කාලසීමාව තුළ මේ රටේ ජනජිවිතය විශලා අවිනිශ්චිතාවයකට මේ පිරිස තල්ලු කරගෙන ගියා. ඊට පස්සේ මිනිස්සු තුළ නිතිය සහ සමාජය පිළිබඳ තිබෙන විශ්වාසය මුළුමනින්ම බිඳවැටුණා. සමස්ථ සමාජ ජිවිතයම අඩාල කළා. මේ රැල්ල හැදුවේ ඒවා මත. මේ රැළිවල තිබුණේ නෑ විසදුම් හොයන ක්‍රමවේදයක්. ඒ නිසා ඔය හදපු රැළි නැතිවුණේ ඒ රැළි හදන්න ඇති කරලා තිබුණු පසුබිම කෘතීම නිසයි. එය දැන් නෑ. දැන් නැවතවාරයක් මිනිස්සු විශ්වාස කරනවා මේ කල්ලි කණ්ඩායම්වලට රටක් කරන්න පුළුවන්කමක් නෑ කියලා. මේ කල්ලි කණ්ඩායම්වලට පුළුවන්කම තියෙන්නේ අවිශ්චිතතාවයන් උත්පාදනය කරලා ඒ මත තමන්ගේ දේශපාලන ව්‍යාපාර පවත්වාගෙන යන්න පමණයි. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ඒ වගේ රැළි හදන්නේ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ගරු කරන දේශපාලන පක්ෂයක්.අපිට පේනවා අද තත්වය කිසියම් යහපත් ආකාරයකට පරිවර්තනය වෙමින් පවතිනවා. විදුලිබල කප්පාදුවක් නෑ. ගෑස් සැපයුම ස්ථාවරයි. පොළිම් නැ. අතරමැදි වෙළඳපොලක් නෑ. භාණ්ඩවල මිලත් අඩුවෙමින් පවතිනවා. හැබැයි මේ තියෙන සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා නෑ. විශාල පිරිස් සේවා ව්‍යුක්තයි. තව පිරිසක් ඌන සේවා නියුක්තයි. විභාග පස්සට ගිහිල්ලා. තවම මිනිස්සු පාරට බහින එක නතර වෙලා නෑ. ඒ නිසා අපි අත්පත් කරගත්ත ජයග්‍රහණ ස්ථාවර කරන්න අවශ්‍ය වැඩපිළිවෙලකට අපි අවතීරණ වෙන්න ඕන. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ අධිෂ්ඨාණය තිබුණා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කළා. අපිට තිබෙන ප්‍රශ්න බොහෝමයක් තවම විසඳාගත යුතුව තිබෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ කවුද ජනාධිපති අපේක්ෂකයා කරලා මේ ප්‍රශ්නය විසඳගන්නවා කියන තැනට තල්ලු වෙන්න ඕන නෑ. එයට කාලය තිබෙනවා. අපි හොඳ වැඩපිළිවෙලක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ඕන මේ රටේ තිබෙන සියලුම ප්‍රශ්න විසඳාගන්න පුළුවන් ක්‍රමවේදයක්. මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි එවැනි වැඩපිළිවෙළක් මේ රටට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපි ඒ වෙනුවෙන් මේ දවස්වල ගම් නියම්ගම් වලට ගිහිල්ලා මේ රටේ හැබෑ මිනිස්සු හමුවෙලා ඒ මිනිස්සු සමඟ කතා කරනවා. අපි අපේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරනවා. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද පහුවෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් වැඩපිළිවෙළක් සහිතව මේ රටේ මහජනතාව වෙනුවෙන් පෙනි සිටින්න පුළුවන් ශක්තිමත් නායකයෙක් ඒ දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙන්න සූදානම් බව කියා සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

ලෝකයම බුදු දහම සොයන අවස්ථාවක අපේ නායක හිමිවරුන් ඉටු කරන කාර්යභාරය සුවිශේෂයි – අගමැති

Next Post

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved