27 April 2024
#දේශීය

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 134 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 44 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

 

 

 

Navy takes hold of Kerala cannabis worth over Rs. 44 million in northern waters

A special search operation conducted by the Navy off Valvettithurai, Jaffna in the dark hours of 09th April 2023 led to the recovery of more than 134kg (wet weight) of Kerala cannabis adrift in waters.

The stock of Kerala cannabis has been kept in the naval custody until it is handed over to authorities for onward action.

Leave a comment

Your email address will not be published. Required fields are marked *