• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘතිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

30 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෘතිම බුද්ධිය (Artificial Intelligent) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් සකස් කල යුතු බව ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligent) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

දැනට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හරහා දළ ජාතික ආදායමට වාර්ෂිකව එකතුවන කොටස ඇ.ඩො.බිලියන 1.9ක් පමණ වන බවත්, මෙයින් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මඟින් උපයන කොටස කොපමණද යන්න හඳුනාගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රමාණය වෙන් කර හඳුනාගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන් කෘතිම බුද්ධිය හරහා දළ දේශීය නිෂ්පාදනට එකතු වන ආදායම ඉදිරි වසර කිහිපය තුළ වේගයෙන් ඉහළ නංවා ගතහැකි ක්‍රියාමාර්ගවලට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා” අපගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ කඩිනමින් දියුණු කළ යුතු ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය නවීකරණය , සංචාරක ව්‍යාපාරය, සැපයුම් මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම වැනි කරුණු හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව අපි තාක්ෂණික කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.අද ලෝකය කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන් කරන බැවින් ශ්‍රී ලංකාව ද කෘතිම බුද්ධිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි වගේම ඒ සඳහා වැඩිපුර ආයෝජන සිදු කළයුතුයි. එය කිරීමට සිදුවන්නේ පෞද්ගලික අංශය හරහායි. මම අද මෙම සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වුණේ ඒ පිළිබඳ ඔබ සියලුදෙනාගේ අදහස් ලබා ගැනීමයි. ඒ වගේම මෙම වැඩසටහන් ආරම්භ කළ යුත්තේ කෙසේද? එහි වාසි අවාසි මොනවාද? කියා ඔබ සමග සාකච්ඡා කිරීමටයි. ලබන වසරේ කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරනවා. කෘතිම බුද්ධිය රට තුළ දියුණු කිරීමේ දී පළමුව ඊට සරිලන පරිසරයක් අවශ්‍යයි. ඒ සඳහා ආයතනයක් මෙන්ම දත්ත අවශ්‍යයි. එබැවින් මෙම වැඩසටහන් සකස් කළ හැකි අන්දම පිළිබඳ ඔබගේ අදහස් ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා. ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය තුළ අපට ඒ සඳහා දැඩි උත්සාහයක් දැරීමට සිදුවනු ඇතියි. රජය පාර්ශ්වයෙන් මේ වන විටත් ඊට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. අපේ රටේ වාර්ෂිකව බිහිවන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. මම යෝජනා කර තිබෙනවා අපට ඉංජිනේරුවන් 10,000ක අවම ඉලක්කයක් තිබිය යුතුයි කියා. කෘතිම බුද්ධිය භාවිතයේ දී අප සිංගප්පූරුව සහ ඉන්දියාව සැළකිල්ලට ගත යුතුයි. නැගෙනහිර ආසියාව, දකුණු කොරියාව, ජපානය සහ චීනය කෘතිම බුද්ධිය සමග ඉදිරියට ගියත් බටහිර ආසියාවේ කිසිදු රටක් තවම එහි නැහැ. ඒ නිසා අපට තවමත් ඉතා පැහැදිළි ක්ෂේත්‍ර තිබෙනවා. ඒ සඳහා අපට උපාය මාර්ග තිබිය යුතු අතර මෙම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල පර්යේෂණ අංශ වැඩිදියුණු කිරීම ද ආරම්භ කළ යුතුයි.යැයි ජනාධීපතිවරයා කියා සිටියේය.

තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ පුළුල් මාදිලියට AI තාක්ෂණය හෙවත් කෘතිම බුද්ධිය ගැළපෙන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී අදහස් පළ කළහ.

මීට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම එම ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡාවට එක්ව සිටි විද්වත්හු අදහස් පළ කළහ.

ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා කෘතිම බුද්ධි සංගමය, විශ්වවිද්‍යාල සහ ජාතික නවෝත්පාදන ආයතන නියෝජිතයන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

“Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට පෙන්වන කාලයක් උදා වී ඇත්තේ – ජනාධිපති

editor

editor

Next Post

ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට පෙන්වන කාලයක් උදා වී ඇත්තේ - ජනාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved