Perera and Sons Bakers (Private) Limited (P&S) දශක 12කට අධික කාලයක් පුරා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෙන් ම පුළුල් ම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වී ඇත.
පසුගිය දා සිය 200 වැනි අලෙවිසැල නුවරඑළිය ප්‍රදේශයේ දී විවෘත කිරීමට කටයුතු කළ P&S සමාගම, අලෙවිසැල් 200 ක් දක්වා සිය ජාලය පුළුල් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම ක්ෂණික සේවා අවන්හල් ජාලය යන ජයග්‍රාහී විරුදාවලිය සිය නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට සමත් විය.
වසර 120ක ඉතිහාසයකට උරුමකම් කියන P&S සමාගම 1902 වසරේ දී ආරම්භ කරන ලද අතර, එතැන් සිට එය ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් සමීප සන්නාමයක් බවට පත් විය. දිනපතා, මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී රසයකින් හා උසස් තත්ත්වයෙන් යුතු ගුණාත්මක අහාරමය නිෂ්පාදන ලබා දෙන P&S සමාගම විසින් ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුතුව උත්සවාකාරයෙන් සිය 200 වැනි අලෙවිසැල නුවරඑළියේ දී විවෘත කෙරිණි.
Perera and Sons Bakers (Private) Limited සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, ගිහාන් පෙරේරා මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් පළ කරමින්, “අපගේ සන්නාම ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන, 200 වැනි අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව සිහිපත් කරන්නේ ඉමහත් සතුටකින්. මෙම නව අලෙවිසැල මගින් අපගේ ශාඛා ජාලය පුළුල් වීම වගේ ම, නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවට අපගේ උසස් තත්ත්වයන් යුතු රසවත් නිෂ්පාදන පිරිනැමීමට ලැබීම ගැනත් අපි සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාව තුළ වසර 120කට අධික කාලයක් සේවා ලබා දෙමින් ලබාගත් අත්දැකීම් සමඟින්, අපි විශ්වසනීය බවින් ඉහළ ක්ෂණික සේවා අවන්හල් සන්නාමයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේ ම අප අඛණ්ඩව වර්ධනය වන විට නිෂ්පාදන හා සේවාවන්ගේ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු නවෝත්පාදන හඳුන්වා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා. මෙම නව අලෙවිසැල හරහා නුවරඑළියේ වගේ ම ඒ අවට පාරිභෝගික ජනතාව වෙත සේවා ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අපගේ සාර්ථකත්වයට ශක්තියක් වෙමින්, විශ්වාසයෙන් අප හා බැඳුණු පාරිභෝගික ජනතාවට හදවතින් ම ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
සිය සාර්ථක ව්‍යාපාරික උපාය මාර්ග පිළිබඳව උදාහරණ සපයමින්, මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමී ව නුවරඑළිය අලෙවිසැල විවෘත කිරීමට කටයුතු කළ P&S සමාගම අනාගතයේ දී සිය ජාලය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම ජයග්‍රහණය P&S සමාගමට මෙන් ම මෙරට සමස්ත ක්ෂණික ආහාර ක්ෂේත්රය වෙත ද ඉතා වැදගත් සංධිස්ථානයක් වන අතර, එය කොවිඩ්-19 වසංගතය නිසා බිඳ වැටුණු ව්‍යාපාරික ක්ෂේත්රය අභියෝග නොතකමින්, දියුණුවට සහ වර්ධනයට පත් වෙමින් පවතින බවට හොඳ ම සාක්ෂියකි.
මධ්‍යම, දකුණ, උතුරු මැද, වයඹ, සබරගමුව, ඌව සහ බස්නාහිර ආදී වශයෙන් දිවයිනේ පළාත් නවයෙන් හතක් ආවරණය කරමින් සිය සේවා ලබා දීමට සමත් වී ඇති P&S සමාගම නුවරඑළියේ දී විවෘත කළ මෙම නව අලෙවිසැල හරහා අභියෝග ජයගනිමින් සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමට තමා සතු හැකියාව පිළිඹිබු කරන අතර, එමගින් නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය ආර්ථිකයට ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව ද පැවසිය යුතු ම ය.
සිය ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය යන ගුණාංග සමගින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරන P&S සමාගම සිය පුළුල් අලෙවිසැල් ජාලය සහ විශ්වාසවන්ත පාරිභෝගික පදනම සමඟින් ශක්තිමත්ව සාර්ථක ගමනක යෙදෙන අතර, නුවරඑළිය අලෙවිසැල විවෘත කිරීමත් සමඟින් නව පාරිභෝගිකයන් වෙත සිය නිෂ්පාදන හා සේවා ගෙන යාම සඳහා සිය කැප වීම තව තවත් පුළුල් කර ඇති බව පැවසිය යුතු ම කරුණකි.
පිටපත – PR