27 April 2024
#දේශීය

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, ඉහළවැව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් අද (17)  පෙරවරුවේ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව ඉහළවැව ප්‍රදේශයේ පදිංචි විනීතා හේමමාලා සමරවික්‍රම නම් 63 හැවිරිදි කාන්තාවකි.

නිවසක දරුවකු බලා ගැනීමේ රැකියාවක නියතු හේමමාලා මහත්මිය අද (17) උදෑසන සිය නිවසේ සිට අදාළ රැකියාව සඳහා යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉහළවැව ගම්මානයට ගමන් කරන අතුරු මාර්ගයේ සිට අනුරාධපුර-තලාව ප්‍රධාන මාර්ගයට ගමන් කරමින් සිටියදී වන අලියකු සිදු කළ පහරදීමකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ මොරගොඩ තේක්ක රක්ෂිතය තුළ අලි රංචු පිටින් සිටින බවත්, රක්ෂිතය වටා ඇති අලි වැට සහ අලි අගල හරහා නිරන්තරයෙන් අලි ගම් වදින බවත්ය, තවත් ජීවිතයක් බිලි ගැනීමට පෙර මේ සඳහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසත්ය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *