• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට ලැබෙන GSP ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

26 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බවට රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) පවසා සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (25) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

ඒසේම රුමේනියානු අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළ අතර රුමේනියාව 2016 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ජනප්‍රිය රැකියා ගමනාන්තය වේ.

රුමේනියාව මේ වන විට මහා පරිමාණ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් එමගින් ශ්‍රී ලාංකිකයන් සඳහා අමතර රැකියා අවස්ථා හිමිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී මහතා මෙහිදී පැවසීය.

අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියේය. වත්මන් ආර්ථික අර්බුදයට අදාළ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ ඔහු යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය මෙරටට අවශ්‍ය බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බවට රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම හමුවට කොළඹ රුමේනියානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ආචාර්ය වික්ටර් චියුජියා මහතා, රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඩයනා ටේස් මහත්මිය සහ එහි උපදේශක බොග්ඩන් ඇල්ඩියා මහතා ද සහභාගී විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ආචාර්ය ජයන්ත ජයමාන්න සහ සුගීස්වර සේනාධිර යන මහත්වරුද එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් මෙරටට ඖෂධ පරිත්‍යාගයක්

Next Post

  මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

  මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved