නාවලපිටිය, මොන්ටික්රිස්ටෝ වත්ත ප්රදේශයේ නිවසක කාමරයක සාරියකින් බැද තිබු තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙකුට මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (27) පස්වරුවේදි මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 09 ක් වු එම නිවසේම පදිංචිකරුවකි.
නිවසේ සිටින තවත් කුඩා දරුවෙකු බැඳ තිබු තොටිල්ලක නැග සෙල්ලම් කරමින් සිටියදී ගෙල සිරවී ඇති බවට පොලිසිය කල මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.