• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර තුනකට පසු ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල යළි ඇරඹේ

2 July 2023
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික මහෝත්සවය වන ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල වසර තුනකට පසු යළි ආරම්භ කෙරේ.

කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පසුගිය සිකුරාදා (30) මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 31 වැනි වරටයි. මෙය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එය සංවිධානය කරයි.

පසුගිය සමයේ රට තුළ ඇති වු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ වසර දෙකක් මෙම සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි විය.

2020 සහ 2021 වර්ෂවලට අදාළව සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, ගොඩනැගිලි ව්‍යාපෘති, විද්‍යුත් හා යාන්ත්‍රික ඉදිකිරීම්, හරිත ඉදිකිරීම් සහ ප්‍රාදේශීය ව්‍යාපෘති යන අංශ ඔස්සේ සම්මාන 65 ක් මෙහිදී ලබා දීම සිදු කෙරුණි.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය නියාමනය කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතාවයන් හදුනා ගැනීමත්, එම විශිෂ්ටතාවයන් ලබා ගැනීමට භාවිතා කළ ක්‍රියාවලින් ඇගයිමත්, ශ්‍රි ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීයභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීමත් මෙම ජාතික සම්මාන උළෙලේ මුලික අරමුණ වේ.

ඉදිකිරීම් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ඇති දෙවැනි විශාලතම කර්මාන්තයයි. අභ්‍යන්තර වශයෙන් එය රටෙහි ආර්ථිකයට එසේත් නැති නම් දළ දේශීය නිෂ්පාදිතයට 8% කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට දායකත්වය ලබා දෙයි.

2014 අංක 33 දරණ ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන පනත මඟින් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක කරා ලගා විමටත්, එය වඩාත් ක්‍රමවත්ව නියාමනය කිරීමටත් අවශ්‍ය පසුබිම සකසා දී තිබේ. ගෝලීය ප්‍රමිතින්ට අනුකූලව විශ්වාසනීය සහ නිපුණ ඉදිකිරීම් කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීම වෙනුවෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය විසදෙමින් පවතින මොහොතක මෙරට ඉදිකිරීම් කර්මාන්තය ආරක්ෂා කරමින් එම කර්මාන්තකරුවන් විදේශීය ව්‍යාපාරවලට යොමු කරවීමද යුගයේ අවශ්‍යතාවයක් බවට හඳුනා ගෙන තිබේ. රජය ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග සකස් කරමින් පවතී. ඉදිකිරීම් කර්මාන්තය සංවර්ධනය කිරීම තුළින් වඩාත් සුභාවාදී වෙනසක් මෙන්ම රටේ වේගවත් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටද මාවත විවර වේ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු හා තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එච්. රුවිනිස්, එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. අමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Post Views: 19
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි

Next Post

බංකොලොත් කරපු අයට දඩුවම් නොකර මේ රට අඟලක්වත් ඉදිරියට යන්න බෑ – මන්ත්‍රී පාඨලි

editor

editor

Next Post

බංකොලොත් කරපු අයට දඩුවම් නොකර මේ රට අඟලක්වත් ඉදිරියට යන්න බෑ - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved