• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බඹර අවදානම නිසා රඹෑව සංගිලිකනදරාව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

11 July 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

බඹර අවදානමට වනජීවීයෙන් මාස කීපයක් පුරා පිහිට පැතූවද, විසදුමක් නොලැබීමෙන් පසුගිය සතියේ දින 04 ක් වසා දැමූ මැදවච්චිය, රඹෑව සංගිලිකනදරාව විද්‍යාලය නැවත වසා දැමීමේ තත්වයක මතුව ඇතැයි වාර්ථා විය.

අනුරාධපුර අධ්‍යාපන කළාපයට අයත්, රඹෑව අධ්‍යාපන කොට්ඨාශයේ සංගිලිකනදරාව විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක පැවති විශාල බඹර වද (බඹර කූඩ) 05 ක් හා සියඹලා ගසක පැවති විශාල බඹර වදයක් හේතුවෙන් මෙලස පසුගිය 04 වැනි දින පෙරවරුවේ එම පාසල වසා දමා ඇත්තේ නැවත දැනුම් දෙනතුරුය.ඒ පවතින අධික සුළඟ මෙන්ම උකුසු හා පරවි ප්‍රහාරයන් හමුවේ බඹරුන් ඇවිස්සී පාසල් දරුවන්ට බඹරුන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පැවතීම හේතුවෙනි.

1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දරුවන් 610 ක් අධ්‍යාපන ලබන හා ගුරුභවතුන් 45 අධ්‍යාපනය ලබා දෙන විද්‍යාලයක් වන සංගිලිකනදරාව විද්‍යාලයේ සිසු දරුදැරියන් හා ගුරුභවතුන් බඹර ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක් පවතින බැවින් මෙම බඹර වද ඉවත් කර දෙන ලෙස මාස ගණනකට පෙර සිටම අවස්ථා කීපයකදීම රඹෑව සංගිලිකනදරාව විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන ඩී.එම්.එන්. කේ.දිසානායක මහත්මිය විසින් ලිඛිතව හා වාචිකව වනජීවී දෙපාර්තමේන්තුව, රඹෑව ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම්කාර්යාලය ඇතුළු ආයතන මෙන්ම නිළධාරීන් දැනුම්වත් කර ඇතත් ඊයේ (11) පස්වරුව වන තෙක් අදාළ ආයතන හරහා වනජීවී නිළධාරීන් විසින් එම බඹර වද ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් පවතින අවධානම ඉහළයාම මත අධ්‍යාපන බළධාරීන් දැනුම්වත් කර පසුගිය 04 වැනි දින පෙරවරු 11.00 සිට පසුගිය 07.00 වැනි දින දක්වා දින දක්වා පාසල වසා දැමීමට පාසල් බළධාරීන් කටයුතු කර තිබිණි.

පාසල වසා තිබූ කාළය තුළද බඹර වද ඉවත් කිරීමට අදාළ ආයතන දැනුම්වත් කළද ඵලක් නොවූ බව දෙමාපියන් පවසා සිටි අතර, පුද්ගලිකව බඹර වද ඉවත් කරන පිරිස් එක් වදයක් ඉවත් කිරීමට රුපියල් 6000 ක මුදලක් ලබා ගන්නා බවත්, බඹර වද 06 ක් ඉවත් කිරීමට රුපියල් 36000 ක මුදලක් වැය වන පසුබිමක, එවැනි ආර්ථික ශක්තියක් තමන්ට නොමැති බවද දෙමාපියන් පවසති.එවැනි පසුබිමක එක් දරුවකුගේ පියකු විසින් භූමිතෙල් අදාළ බඹර වද වටේට ඉස බඹරුන් පන්නා දැමීමට උත්සහ කළද, ඒ අවස්ථාවේ බඹරුන් භූමිතෙල් සැරට ගියද නැවත වද කරා පැමිණීම හේතුවෙන් එම ක්‍රමයද අසාර්ථක වූ බව පැවසීය.අනතුරුව දෙමාපියන් එක්ව බඹර වද අසල දුම් ගසා බඹරුන් පන්නා අදාළ වද කඩා දැමීමට කටයුතු කළ බවද දෙමාපියන් පැවසීය.

ඒ අනුව දින 04 ක් වසා දැමුණු පාසල නැවත අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කර ඇත්තේ පෙරේදා (10) දින වන අතර, නැවත්ත බඹරුන් පෙර සේම බඹර වද 03 ක් ගොඩනැගිල්ලකත්, පාසලේ බෝධියෙහි තවත් විශාල බඹර වදයකුත් සාදා ඇතැයි දෙමාපියන් පවසති.

හදිසියේහෝ පාසල් කාළය තුළ මෙම බඹර වද ඇවිස්සී බඹර ප්‍රහාරයක් සිදු වුවහොත් තම දරුවන්ගේ ජීවිත අනතුරකට පත් වීමේ අවදානමක් පවතින බව දෙමාපියන් පවසති.මේ සම්බන්ධව නැවත නැවතත් වනජීවී කාර්යාලය දැනුම්වත් කළද ඵලක් නොවූ බව දෙමාපියන් පැවසීය.ඊයේ (11) දිනද දෙමාපියන් පිරිසක් සවස් යාමේ නැවත පැමිණි බඹරුන් එළවීමට දුම් ගැසීමට සූදානම් වන බවද ඔවුන් පැවසීය.

වනජීවී නිළධාරීන් පැමිණ සුරක්ෂිතව මෙම බඹරුන් රැගෙන ගොස් රක්ෂිතයකට මුදා හැරීම සාර්ථක ක්‍රමය වූවත් වනජීවී නිළධාරීන් ඒ සඳහා කටයුතු නොකිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද අඩාල වන බව දෙමාපියෝ පවසති.

මේ සම්බන්ධයෙන් අප මැදවච්චිය සංගිලිකනදරාව විද්‍යාලයේ විදුහල්පතිනිඩී .එම්.එන්. කේ.දිසානායක මහත්මියගෙන් විමසීමක් කළ අතර ඒ මහත්මිය කියා සිටියේ,

පාසලේ ගොඩනැගිල්ලක හා ගසක විශාල බඹර වද පැවතුණා, පහුගිය දින වල බඹරු ඇවිස්සිලා හිටියා, ඒ නිසා අවදානම් සහිතව ළමයි තියාගෙන පාසලේ වැඩ කටයුතු කරන්න බෑ, ඒ නිසා කළාප කාර්යාලය හා කොට්ඨාශ කාර්යාලය දැනුම්වත් කරලා පාසල දින 04 ක් වසා දැම්මා.පාසල වසා දැමුනත් ගුරුභවතුන් පාසලට පැමිණියා.දරුවන්ට අධ්‍යාපන කටයුතු පමණයි සිදු වුණේ නැත්තේ. මේ අවදානම ගැන මම අදාළ ආයතන දැනුම්වත් කළා ලිඛිතව හා වාචිකව.නමුත් වනජීවී එකෙන් මේ වන තුරු පාසලට ආවේ නෑ, දෙමාපියෝ තමයි පහුගිය දවස් ටිකේ දුම් ගහලා මේ බඹරු ඉවත් කරලා, වද කඩා දැම්මේ.ඊට පස්සේ පහුගිය 10 වැනිදා නැවත පාසල විවෘත කළා අධ්‍යාපන කටයුතු වලට,නමුත් නැවතත් තෙමහල් පන්ති කාමරයක බඹර වද 03 කුත්, බෝධියෙහි බඹර වදයකුත් ලෙස බඹරුන් වද 04 ක් හදලා තියෙනවා.ආයෙත් දැන් අවදානමක් ඇති වෙලා තියෙනවා.මම අවුරුදු 05 ක් වෙනවා මෙම පාසලට ඇවිත්, කාලෙන් කාලෙට මේ බඹරු වද හදනවා, මම මේ ගැන නිතරම වනජීවියට කියනවා .හැබැයි එක දවසක්වත් මේ පාසලට වනජීවියෙන් ඇවිත් මේ බඹර වද ඉවත් කරලා නෑ.දෙමාපියෝ තමයි ඉවත් කිරීම් කරන්නේ.මම අදත් වනජීවියට කථා කළා.තාම නම් ආ‌වේ නෑ, මේ තත්වයත් එක්ක භයයි ළමයි පාසල තුළ තියාගන්න යැයි පැවසීය.

අනතුරුව අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාලයෙන් විමසීමක් කිරීම සඳහා එම කාර්යාල‌යේ දුරකථන අංක 0252235058 වෙත ඇමතුම් කීපයක් ලබා ගත් අතර, ඒ සෑම අවස්ථාවකම අනුරාධපුර කළාප භාර වනජීවී අධ්‍යක්ෂකවරයා රැස්වීමක බව පැවසීය.අනතුරුව ලබා ගත් ඇමතුමකට එහි නිළධාරියකු උස් ස්වරයෙන් කියා සිටියේ අධ්‍යක්ෂවරයා රැස්වීමක, රැස්වීම් එකක් නෙමෙයි දවසට තියෙන්නේ, අපිට වැඩ ගොඩක් තියෙනවා යනුවෙනි.ඔහුගේ නම හා තනතුර කුමක්දැයි විමසූ විට ඔහු දුරකථනය විසන්ධි කළ අතර, නැවත ඇමතුමක් ගත් අවස්ථාවේ වෙනත් නිළධාරියකු ඇමතුම ලබා ගත් අතර, පෙරඋස් ස්වරයෙන් ඇමතූ නිළධාරියා නැවත සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටි විට ඔහු කාර්යාලයෙන් පිටට ගිය බව පැවසීය.ඒ නිළධාරියාගේ නම හා තනතුර විමසූ විට තමා එය නොදන්නා බවද දුරකථන ඇමතුම ගත් නිළධාරියා පැවසීය.අනතුරුව දුරකථන ඇමතුම ලබා ගෙන සිටන නිළධාරියා කවුදැයි අප විමසූ විට ඔහු ක්ෂණිකව දුරකථනය එම කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රංජිත් ධර්මබන්දු යන නිළධාරියකු වෙත යොමු කරනු ලැබීය.ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ මේ ගැන සොයා බලා පිළිතුරක් ලබා දෙන බවයි.ඒ අනුව ඔහුගේ ජංගම දුරකථන අංකයද අප ලබා ගෙන ඔහුට නැවත ඇමතුමක් ලබා ගෙන විමසීමේදී කියා සිටියේ, මේ දැන් යනවා අපේ කට්ටියක් ඒ පාසලට, දැන් ඉන්නේ රඹෑවේ, අද මේ බඹර වද ඉවත් කරලා දෙනවා යනුවෙනි.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 18
Previous Post

ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික පිරිනැමේ

Next Post

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි

editor

editor

Next Post

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved