• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි – ජනපති

14 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (13) පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.

ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වූ අතර, ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා ආරම්භ වුයේ මීට වසර හත්සීයකට පමණ පෙරයි. කේරළයේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉතිහාසයක් අපට තිබෙනවා. කේරළයේ ජනතාව මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමත් සමග නවගමුවේ පත්තිනි දේවාලය ආරම්භ වූ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ වන විට ඉන්දියාව ආසියානු කලාපයේ ප්‍රබල රටක් ලෙස බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් බටහිර ආසියානු රටවල් ද ප්‍රබල තත්ත්වයට පත් වී තිබීමත් විශේෂත්වයක්. ඉන්දියාව වැනි ප්‍රබල රටක් සමග ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගත හැකියි. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ආර්ථිකමය වශයෙන් ඉදිරියටම ඒමට හැකි වී තිබෙනවා . එම මූල්‍ය ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්මටත් මනා පිටිවහලක් වෙනවා. මට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාව දැඩි තරගකාරී ආර්ථික රටාවකට නතු කිරීමටයි. හරිත ආර්ථිකයක් හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා නීතිරීති අවශ්‍යයි. තරගකාරී , හරිත, ඩිජිටල් ආර්ථිකයක් සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ඉන්දියාව සමග සමීප සබඳතා පැවැත්විය යුතුයි. ලංකාවේ ආර්ථික අරමුණු සහ ඉලක්ක ජය ගැනීමට දෙරටේ සහයෝගීතාවය ඉතා වැදගත්. දෙරට අතර නව ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාව සොයා බලා අදාළ අංශ ඒ සඳහා යොමු කළ යුතුයි. ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ සංසරණය වීම පිළිබඳව මෙහිදී කතා වුණා. ඉන්දියාවේ රුපියල පමණක් නොවෙයි , ඩොලර් පවා සංසරණය වෙනවා නම් මෙරට ආර්ථිකයට එය ඉතාම වැදගත් වෙනවා. ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා. රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතුයි. ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව මම කියන්න කැමතියි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ “ ඉන්දියාවේ ජනතාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කර දිගු කලක් ගත වෙනවා. මෙම ව්‍යාපාර ආරම්භ කිරීම මගින් දෙරට අතර මිත්‍රත්වයේ පාලමක් ඇති කර ගැනීමට හැකිවී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජනතාවට සෞභාග්‍යමත් ලෙස බලපානු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකදී ම ඉන්දියාව එම ජනතාවත් සමග සිටියා . පසුගිය වසරේ පැවැති මූල්‍ය අර්බුදයේ දී ඉන්දියා රජය ප්‍රමඛ ව්‍යාපාරික ප්‍රජාව ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් උදව් උපකාර ලබා දුන්නා. මේ වන විට ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයෙන් ගොඩ එමින් තිබෙන බව කිව යුතුයි. මූල්‍ය අර්බුදය අවස්ථාවේදීත් ඉන්දියානු ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය යහපත් බවට ලොවට පණිවිඩයක් ලබා දීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරන ඉන්දියානු ව්‍යාපාරිකයන්ට පසුගිය වසර 40 පුරාම මෙරට පැවති රජයන්හි සහයෝගය හිමි වු සිහිපත් කළ යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ ආකාරයටම සහයෝගය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමට ඉන්දියානු රජය සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබා දෙන බව මෙහිදී සිහිපත් කරනවා.එය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන පොරොන්දුවක් බව කිවයුතු යැයි ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩනමන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

ව්‍යවසායකත්වයේ නව මානයන් සොයා යන තාරුණ්‍යයේ චාරිකාව ඇරඹුණ වගයි SPARK 2023

Next Post

ජාතික නිවාස කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී වැඩ භාර ගනි

editor

editor

Next Post

ජාතික නිවාස කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී වැඩ භාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved