• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල් “ජන්ද කුට්ටියක්” බලාගෙන අන්තවාදී සංවිධාන 05ක තහනම ඉවත් කලා – මන්ත්‍රී ජයන්ත

29 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන 05 ක තහනම් කර ඇත්තේ ඡන්ද කුට්ටියක්” කඩා ගැනීමේ උවමනාවෙන් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(29) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පාස්කු ප්‍රහාරයට වගකිවයුතු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ තහනම් කොට තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහෙන් පහක තහනම ඉවත් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට ඉස්ලාම් අන්තවාදීන්ගේ “ඡන්ද කුට්ටියක්” කඩා ගැනීමේ උවමනාවෙන් මිස ගැඹුරු බුද්ධි අංශ වාර්තාවක් අධ්‍යයනයකින් නොවන බව මන්ත්‍රීවරයා කියා පැවසිය.

එක්සත් තවුහිද් ජමාත්(UTJ), සිලෝන් තවුහිද් ජමාත්(CTJ), ශ්‍රී ලංකා තවුහිද් ජමාත්(SLTJ), සමස්ත ලංකා තවුහිද් ජමාත්(ACTJ) හා ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා(JASM) යන ඉස්ලාම් අන්තවාදී සංවිධාන පහ පාස්කු ප්‍රහාරයට කිසිදු සබඳතාවක් නොමැති බවට සහ මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඇති බවට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා රටට සහතිකයක් ලබා දෙන්නේ ද? යනුවෙන් සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූදානම තමන්ට ලැබුණු අනුප්‍රාප්තික ජනාධිපති ධුරය ජනවරමකින් තහවුරු කර ගැනීම බවත් ඒ සඳහා ඔහු එක් පැත්තකින් දෙමළ බෙදුම්වාදීන්ගේ සහ අනිත් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ඡන්ද කුට්ටි කඩා ගැනීමේ ප්‍රබල මෙහෙයුමක් අරඹා ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, සිරගතව සිටින ප්‍රබල කොටි ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබා දීම, උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක ස්මාරක විනාශයට අනුග්‍රහය දැක්වීම යන ඉල්ලීම් ඉටු කර දීමෙන් දෙමළ බෙදුම්වාදීන් සතුටු කොට ඔවුන්ගේ ඡන්ද කුට්ටිය කඩා ගැනීම සහ ඉහත කී ඉස්ලාම් අන්තවාදී සංවිධානවල තහනම ඉවත් කිරීමෙන් ඉස්ලාම් අන්තවාදීන් සතුටු කොට ඔවුන්ගේ ඡන්ද කුට්ටිය කඩා ගැනීම මෙම මෙහෙයුමෙන් අපේක්ෂිත බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තම සිහින සහ තම බටහිර හාම්පුතුන්ගේ සිහින සැබෑ කර ගැනීමට, සෑම විටම රටත් ජනතාවත් අනතුරේ හෙළූ නායකයෙකු ලෙස කුප්‍රකට රනිල් වික්‍රමසිංහ මහතා, තම හිසට ජනවරමකින් “ජනාධිපති ඔටුන්න” දමා ගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට සිදු කෙරෙන මෙම පාවාදීම් කෙරෙහි දැඩි අවධානයෙන් සිටින ලෙස ද රටට හිතැති ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩු සමයේ අගමැතිවරයා ලෙස, බුද්ධි අංශ නිෂ්ක්‍රිය කරමින්, බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් නැගෙනහිර පළාතේ මතුවෙමින් තිබූ ඉස්ලාමීය අන්තවාදී, මූලධර්මවාදී ප්‍රවණතාවලට වැඩීමට ඉඩ දීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා අද විශ්මයජනක ලෙස ගැලවී සිටියත් එහි ප්‍රධානතම වගඋත්තරකරුවා ඔහු බව මෙරට සබුද්ධික ජනතාවගෙන් වසන් කළ නොහැකි බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන්නේ යැයි ද සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරයි

Next Post

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

editor

editor

Next Post

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved