• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බල මණ්ඩලයේ වැරදි නිසා ගොවින්ට සිදු වන්නේ ආසාධාරණවයක් – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

5 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු පලාතට විදුලිය ලබා දීමට සම්ප්‍රේෂණ පද්ධතිය සකස් නොකිරීමේ සම්පුර්ණ වගකීම විදුලි බල මණ්ඩලය සතු බවත් ඒ හේතුවෙන් ගොවීන්ට ජලය ලබා නොදීම විශාල ආසාධාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඔහුගේ ජන්ම දිනය යෙදුණු ඊයේ (04) දින එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය වන Youth Republic විසින් සංවිධානය කෙරුණු පක්ෂ ප්‍රතිපත්ති ඇතුළත් බ්‍රේල් ක්‍රමයට සැකසූ ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සර් මොහොමඩ් මාකන් මාකර් මාවත, කොළඹ 03 පිහිටි එම ආයතනයේ දී සිදු වු අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත පිළිගැන්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. දෘශ්‍යාබාධිත ප්‍රජාව මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ම ජනතාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ නිරන්තරයෙන් පෙනී සිටිනු ඇත.

එහිදී මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා මෙසේ අදහස් පල කලේය ” පළවෙනි එක ලංකාවේ නීතිගත කරලා තියෙනවා ජල ලේකම් කාර්යාංශයක්. ඒක පනතකින් සම්මත කරලා තියෙනවා. ඒ ජල ලේකම් කාර්යාලයේ වගකීම තමයි මහවැලිය, ඒ වගේ ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, ජලාපවාහන අංශය සියල්ල එක්ක එකතු වෙලා ජල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ජල ප්‍රතිපත්තියේ මූලික දේ තමයි, පානීය ජලයට මුල් තැන දෙනවා. ඊළඟට වාරිමාර්ග කටයුතු සඳහා, කෘෂිකර්මාන්තයට මුල් තැන දෙනවා. ඊළඟට ජල විදුලියට මුල් තැන දෙනවා. එතකොට මේ පසුගිය මැයි මාසයේ දී වාර්තා වුණා මෙවර අර එල්නිනෝ කියන තත්ත්වය වර්ධනය වෙලා තියෙනවයි කියලා පැසිෆික් සාගරය දෙසින්. එතකොට අනිවාර්යයෙන් ම සිද්ධ වෙන දේ තමයි ඊසාන දිග මෝසම් සුළඟ අවුල් වෙන එක. ඒ වැස්ස අවුල් වෙන එක. ඒක දැනන් හිටියා අපේ බලධාරීන් මේ මැයි මාසේ. මොකද මම ම මේ සියලු අංශ පාර්ලිමේන්තුවට කැඳවලා අපේ ක්‍රමෝපාය පාර්ලිමේන්තු අනු කමිටුවේ ඉදිරියේ මැයි මාසේ විසිහතර වෙනිදා ඔවුන්ට දැනුම් දුන්නා මෙවැනි තත්ත්වයක් උද්ගත වෙනවා මේකට සූදානමක් ඇති කර ගන්න කියලා. ඉතින් ඒ ගැන කිසිම වැඩපිළිවෙළක් සිද්ධ කරලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ම ඔය දකුණේ විදුලිබල අර්බුදය කියන එක නම් ගොවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ ජලය පිළිබඳ ලොකු ගැටළුවකුත් නෙමෙයි. මොකද තාම මහ නියඟයක් ඇතිවෙන්න තරම් මාස ගණනක් පායලා නැහැනේ. මේ බොහොම මෑත කාලයේත් වර්ෂාව තිබුණා. මේ සැප්තැම්බර්, අගෝස්තු කියන්නේ කොහොමත් අන්තර් මෝසම් වැසි නැති කාලයක්. ඒකට ප්‍රධාන හේතුව දකුණට විදුලි බලය විධිමත් ව ගෙනියන්න බලාගාරයක් ඉදි නොකිරීමත් ඒකට විරුද්ධ වුණා ඒ කාලේ හිටපු අපේ ජනාධිපතිතුමාත්. මහින්ද රාජපක්ෂ මහත්මයත් ඒ වගේම එහෙම ඉදි නො කළත් ප්‍රශ්නයක් නෑ. විධිමත් ග්‍රිට් පද්ධතියකට සම්ප්‍රේෂණය ගෙනියන්න පුළුවන් නම් ලක්ෂපාන පැත්තෙන්. ඉතින් එහෙම සම්ප්‍රේෂණ පද්ධතියක් හදන්න ආධාර ලැබිලා තියෙනවා. අවුරුදු අටක් දැන්. ඒකට. ඒකේ වැඩ අවසන් කරලා නෑ. ඉතින් ඒකේ කාගේ වරද ඉතින් ඒක ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම. ඔවුන් ඉටු කරලා නෑ. ඉතින් අම්බලන්ගොඩ ඉඳන් ගාල්ලට තියෙන මාර්ගය අවසන් කරලා තිබුණත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න විදියකුත් නෑ. ඊළඟට පොල්පිටිය ඉඳන් බලංගොඩ හරහා හම්බන්තොටට තියෙන පාර සම්ප්‍රේෂණ මාර්ගයත් කරලා නෑ. ඉතින් මේවට වගකියන්න ඕන ලංකාවේ විදුලිබල මණ්ඩලය. එහෙම නැතුව ගොවියෝ නෙමෙයි. එහෙම නම් කලින්ම කියන්න තිබුණා ජල ලේකම් කාර්යාලයට ගොවියන්ට වවන්න එපා කියලා. වතුර නැහැ කියලා. ඉතින් එහෙම කිව්වෙත් නැහැ. ගොවියෝ වැහුවා. දැන් වතුර නැහැ. කියනවා ලයිට් කපන්න වෙනවයි කියලා. ඒක තර්ජනයක්. ඒක වැරදියි රජයක් එහෙම තර්ජනය කරන එක. මොකද ලංකා විදුලිබල මණ්ඩලයේ අඩුපාඩුවක් නිසා තමයි ඔය වතුර රඳව ගෙන ඉන්නේ. ඒ වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. අර සම්ප්‍රේෂණ මාර්ගය තිබුණා නම්. ඉතින් ඒ වගේ ම මම අනතුරු අඟවනවා ඔක්තෝබර් මාසයේ වැසි නොලැබී යන්න තියෙන ඉඩකඩක් තියෙනවා. මම කියන්නෙ නෑ 100%ක් එහෙම වෙනවා කියලා. ඉඩකඩක් තියෙනවා. එහෙම වුනොත් මහ කන්නයේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න නියමිතයි. දැවැන්ත විදුලි අර්බුදයක් ඇති වෙන්නත් නියමිතයි. ඉතින් ඒක නිසා මේ දවස්වල රස්නෙත් වැඩියි. ඒ නිසා ඇතැම් විට විදුලි පරිභෝජනයේ අඩු වෙලා තිබුනත් පොදුවේ කර්මාන්ත වැසී ගිහිල්ලා, නිවාසවල විදුලි පරිභෝජනය අඩු වෙලා තිබුනත් මේ රස්නෙ නිසා විදුලි පරිභෝජනය වැඩි වෙනවා, ජල පාවිච්චිය වැඩි වෙනවා, වායුසමනය වැඩි වෙනවා, ඒ නිසා ඉතින් මේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න තියෙනවා. ඔක්තෝබර් වෙන කොට. ඉතින් ඒකට අපිට පේන්නේ නැහැ පූර්ව සූදානමක්, ලංකා විදුලිබල මණ්ඩලයත් සුපුරුදු ආකාරයට, පුද්ගලික විදුලිය මිල කියන ක්‍රියාවලියට යොමු වෙලා තියෙනවා. ඒ වගේ ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලිය ආදියට සැලසුමක් දැන් අවශ්‍යයි. ඇත්තටම ආපදා කළමනාකරණ පනත අනුව ජනාධිපතිතුමා ගේ මූලිකත්වයෙන් ඒ පිළිබඳ කමිටුවක් තියෙනවා. ඒ කමිටුව අවුරුදු දහයකින් රැස් වෙලා නෑ. ඉතින් මේ කිසිම වගකීමක් නැති භාවය තමයි අපිට මෙතන පේන්න තියෙන්නේ.

මේ මොහොතේ පානීය ජලය ගොවිතැනට ජලය දීම තමයි ප්‍රමුඛ. ඒක කරන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් ලංකා විදුලිබල මණ්ඩලය ගොවියන්ට වන්දි ගෙවන්න ඕන. මොකද ලංකා විදුලිබල මණ්ඩලයට හොඳට ලාබයි මේ දවස් වල මේ දෙගුණ තෙගුණ කිරීම නිසා විදුලි ගාස්තු ඒ වගේ ම ජල බිලත් වැඩි වෙලා තියෙනවා. ජල බිල වැඩි කරන්න නම් කිසිම හේතුවක් මට පේන්නේ නෑ. මොකද පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශය. ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය පසුගිය මාස හයේ ලාබයි. මං දන්නෙ නෑ ඒක වැඩි කරන්නේ ඇයි කියලා. ඒක වැඩි කරන්නේ ඒ ආයතනය පුද්ගලික අංශයට විකුණන්න ද කියන සැකයක් ඇති වෙලත් තියෙනවා. ඒ ගැන යම් යම් පිරිස් ඇවිල්ලා දැන් ජල සම්පාදන මණ්ඩලයේ සාකච්ඡා කරනවා. පුද්ගලික අංශයේ ඇතැම් සමාගම්. ඉතින් ඒ ඇතැම් සමාගම් වලට ආකර්ෂණීය වෙන විදිහට මේ මේක මිල කරා ද කියන්නත් බැහැ. හැබැයි පැහැදිලිව ම මුදල් අමාත්‍යාංශය ලබා දීපු වාර්තාවට අනුව ඒ ආයතනය ලාභයි. මොකද ගණන් වැඩි කලානේ පසුගිය දවස්වල. ඒ ගණන් වැඩි කිරීමත් එක්ක ජල ගාස්තු වැඩි කිරීමත් එක්ක ලාභයි. මොකද ජලය නිකං නේ හම්බ වෙන්නේ. විදුලි බිල විතර නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ම මම කියන්න ඕනේ ඔය විදුලි මේ ජලය කියන එක පුද්ගලික අංශයට දෙනවා නම් සමාගම් වලට එංගලන්තෙන් පාඩමක් ඉගෙන ගන්න කියලා. එංගලන්තයේ මේ පුද්ගලික අංශයට මේක දුන්නා. දැන් මුළු එංගලන්තෙ ම දුක් විඳිනවා. මේ දවස් වල මේ නියඟයත් එක්ක, ජල විදුලි, ජල ගාස්තු ගෙවා ගන්න බැරුව. විශාල උද්ඝෝෂණයක් ඒ නිසා මේ වෙන රටවල් වලින් ඉගෙන ගන්න. මේවා පුද්ගලික අංශයට දෙනවා නම් 2024ට විතරක් හයර් කරා වගේ අදහසක් ඇවිල්ල ඇත්තටම මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මතක තියා ගන්න ඕනේ ඒගොල්ලන්ට දීපු ජනවරම දැන් ඉවරයි. ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ බලයක් තියෙන බව ඇත්ත. නමුත් රටක් බංකොලොත් කළාට පස්සේ යම් පක්ෂයක්, යම් නායකයෝ පිරිසක් ඒ අයට දඬුවම් දෙනවා ඇරෙන්න මේ පුරාජේරු දොඩවන්න අපේ ජනාධිපති කෙනෙක් හදන්න වගේ ඒවට කතා කරන්න ඇත්තටම දැන් දේශපාලනමය සදාචාරාත්මක වශයෙන් වත් අයිතියක් නෑ යැයි මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

දකුණේ විදුලිය ගැටළුව විසදන්න සාගල මැදිහත් වෙයි

Next Post

4th Children’s world peace summit දිනු කස්මීරා දියණිය අතිපුජ්‍ය බානගල හිමි බැහැදකියි

editor

editor

Next Post

4th Children's world peace summit දිනු කස්මීරා දියණිය අතිපුජ්‍ය බානගල හිමි බැහැදකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved