• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් – කෘෂි ඇමැති මහින්ද

8 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පතින නියඟයෙන් හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීම සඳහා අවශ්‍යය කටයුතු සිදු කරන බවත්, එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන බැවින් එම මුදලද වැඩි කිරීමට අවධානය යොමු කරන බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර කහටගස්දිගිලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ නෙළුගොල්ලෑකඩවැව හා කුඹුක්ගොල්ලෑව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කෘෂිකර්ම අමාත්යය මහින්ද අමරවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක යන මහත්වරුන් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

CSIAP ව්‍යාපෘති යටතේ, රුපියල් මිලියන 19 ක් වැය කරමින් කහටගස්දිගිලිය කුඹුක්ගොල්ලෑව වැව සංවර්ධනය කරන අතර, එහිදී වැව් බැම්ම, සොරොව් හා ඇළ වේළී පද්ධතීන් ප්‍රතිසංස්කරණය කෙරේ. රුපියල් මිලියන 7.3 ක් වැය කරමින් නෙළුගොල්ලෑව වැව යටතේ පවතින ඇළ-වේළී පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරේ. මෙම වැව් ද්විත්වය ප්‍රතිසංස්කරණය කරන කිරීම මගින්, පෙර වර්ෂයන්ට වඩා යල-මහ දෙකන්නයේ වැඩි කුඹුරු අක්කර ප්රමාණයක් වගා කිරීමේ හැකියාව ඇති වන බව ගොවීන් පැවසීය.

එම වැව් දෙකෙහිම සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් හා නිළධාරීන් නීරීක්ෂණය කළ අතර, ගොවීන් එහිදී ඇළ -වේළී පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇති වී ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්වත් කර සිටියේය, එහිදී මහින්ද අමරවීර මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ, ගොවීන්ගේ ඉල්ලීම් අනුව ගොවීන්ට ජලය ලබා ගැනීමට පහසු වන ලෙස අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙසයි.

තවද ගොවීන් විසින් තම අස්වනු හා පොහොර ප්‍රවාහන කටයුතු සඳහා කුඹුරු හරහා කෘෂි මාර්ගයක් ඉදි කර දෙන ලෙසද ඉල්ලා සිටි අතර, ගොවීන් මාර්ගය ඉදි කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් එය කඩිනමින් ඉදි කර දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී පොරොන්දු විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය, ” ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නා වහාම නියඟය නිසා විපතට පත් වෙන ගොවිජනතාව දිහා බලලා ඒ පිළිබඳ අවශ්‍යය කටයුතු වලට ප්‍රවේශ වෙන්න කියලා.අපි බලාපොරොත්තු වෙනවා ලැබෙන වාර්ථාව අනුව ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කරලා ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදලක් ලබා දෙන්න. දැනට අපිට කෘෂිරක්ෂණ මණ්ඩලය හරහා දෙන්න දැනට නියම වෙලා තියෙන්නේ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක්.නමුත් සමහර ප්‍රදේශවල තත්වය බැලුවම ඊට වඩා වෙනස්, අපි උත්සහයක් දරණවා ඊට වඩා වැඩි මුදලක් ලබා දෙන්න.දැනට ලක්ෂයක වන්දියක් ලබා දෙන්න කටයුතු කරනවා.සමහර ප්‍රදේශවල ඒක ප්‍රමාණවත් නෑ, මුදල් හොයා ගන්න පුලුවන් වුණොත් ඒක වැඩි කරලා දෙන්න කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු ව්‍යාපෘති නිළධාරීන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 4
Previous Post

සහස්පුර , තුරුඉතුරුගම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹේ

Next Post

උද්ඝෝෂණ කර ආණ්ඩු පෙරලන්න අදහස් තිබේනම් රටට කරන විශාල අපරාධයක් – රාජ්‍ය ඇමැති තාරක

editor

editor

Next Post

උද්ඝෝෂණ කර ආණ්ඩු පෙරලන්න අදහස් තිබේනම් රටට කරන විශාල අපරාධයක් - රාජ්‍ය ඇමැති තාරක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved