• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොදුජන පෙරමුණේ යාන්ත්‍රණයට මුළුමනින්ම ඡන්දේ දිනාගන්න යොදවා ඇති බව මන්ත්‍රි රංජිත් කියයි

10 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම මෙහෙයවන්නේ මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “ අද මේ රටේ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්, ඒ වගේම මතවාදයම වශයෙන් සහ දේශපාලන භාවිතයෙන් ඉතාම ඉහළ ජන ආකර්ශනයක් තිබෙන දේශපාලන පක්ෂයක යාවජීව සාමාජිකයෙක් විදිහට පෙරට වඩා ගෞරවයක්, ආඩම්බරයක් අපිට තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට පෙරට වඩා ශක්තිමත්. බොහෝ පිරිස් කිව්වා පොහොට්ටුව ඉවරයි කියලා. හැබැයි මේ හැමෝටම අමතකයි අපි ඉතා කෙටිකාලයක් තුළ රටපුරා අපේ සළකුණ තියලා හමාරයි. අපිට දීපව්‍යාප්ත සංවිධාන ජාලයක් තිබෙනවා. අපි පහුගිය සති හයක කාලසීමාව තුළ දිවයිනපුරා අපේ බලමණ්ඩල කැදෙව්වා. අපි බස් දාලා මිනිස්සු ඇද්දුවේ නැහැ. එකම වේදිකාව තැනින් තැන ගෙනිච්චෙත් නැහැ. ස්වභාවිකවම පාක්ෂිකයෝ අපේ මේ වැඩපිළිවෙලට ආකර්ශනය කරගැනීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ වගේම රට සමස්ථයක් ලෙස ආරක්ෂා කරලා දිපූ නායකත්ව උරුමය තිබෙන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි. අපේ පක්ෂයේ කිසිදු නායකයෙකුගේ අත්වල ලේ ගැවිලා නැහැ. කාටවත් කියන්න බැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන ඝාතනවලට සම්බන්ධයි කියලා. අරගලවලට සම්බන්ධයි කියලා, ජනයා කැලඹීමට සම්බන්ධයි කියලා කියන්න බැහැ. මහත්මා ගාන්ධිතුමා විශ්වාස කළ ආකාරයට අපේ අවිය අවිහිංසාව. හැබැයි මේ දේශපාලනයේ ගැඹුර සහ දිග, පළල දන්නේ නැති සමහර පිරිස් ඔවුන් ජාතික නායකයෝ කියලා හිතනවා. හැබැයි තවත් සමහර අය හිතනවා ඔවුන්ට තිබෙන්නේ වෙනම ලකුණක් කියලා. එහෙම ලකුණු හදාගත්ත පිරිස් අද හුදකලා වෙලා. මේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ. අපි කිසිවෙකු සමඟ ගැටුමකට යන්නේ නැහැ. අර්බුද කරලා හරි පුද්ගල අවශ්‍යතාවයන්ට හරි දේශපාලන පක්ෂ ගොඩනගන්න බැහැ. හැබැයි අපි සතුටුයි රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ රටේ මහජනතාව පිළිඅරගෙන හමාරයි. අපි අවුරුදු 05 ක 06 දේශපාලන ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. මේ රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂවලට වඩා තරුණ දේශපාලන පක්ෂයක්. හැබැයි අපේ දේශපාලන මතය මහජනතාව අතරට අරගෙන ගිහින් හමාරයි. 2015 ජනාධිපතිවරණය පරාජය වීමත් එක්ක ඒ පරිච්ඡේදය අවසානයි කියලා හිතුවා. හැබැයි සති දෙකක් යන කොට දස දහස් ගණනින් මේ රටේ මහජනයා තංගල්ල කාල්ටන් නිවසට යන්න පටන් ගත්තා. මේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භය. ඒ නිසා අරගලයට පස්සේ තව පිරිසක් කල්පනා කළා ආය නම් ඉඩක් නැහැ කියලා. හැබැයි 2015 ජනාධිපතිවරණයේ පරාජයටත් වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදය ජනතාව අතරට ගිහිල්ලා. අද පෙහොට්ටුව ජාතික ලකුණ වෙලා. ඒ නිසා ඉදිරියට එන ඕනෑම මැතිවරණයකට අපි මුහුණ දෙන්නේ පොහොට්ටුව ලකුණින්. පොහොට්ටුවෙන් නැතිව ඕනෑම එකකින් කිව්ව පිරිස පොහොට්ටුවෙන් නාම යෝජනා බලාපොරොත්තු වෙනවා. එසේ කල්ලි කණ්ඩායම් හදාගෙන ගිය බොහෝ පිරිස් පොහොට්ටුව ලකුණින් තමයි පාර්ලිමේන්තුවට ගියේ. හිටපු ජනාධිපතිවරු පවා පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා ගත්තේ. මේක තමයි පොහොට්ටුවේ ප්‍රබලත්වය. මේ ලකුණ තුළ තිබෙන්නේ පුද්ගලාබද්ධ මතවාදයක් නොවේ. මේ තුළ තිබෙන්නේ මේ රටේ හැබැ අයිතිකාරයන්ගේ නියෝජනයක්. ඒ නිසා අපි මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම මෙහෙයවන්නේ මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙනි. අපි හැමදාම මැතිවරණ ජනමතය පිළිබඳ විශ්වාස කරපු පක්ෂයක්. ඒ නිසා පළාත් පාලන මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක් , මහා මැතිවරණයක් හෝ ඊට එහා ගිය ජනාධිපතිවරණයකට අපි සූදානම්, ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වෙන්න. හේතුව ජනතා පරමාධිත්‍ය තිබෙන්නේ එතන. ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශ කළා පළාත් සභා ක්‍රමය සක්‍රිය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ 225 සතුයි කියලා. එය ඉතා හොඳයි. අපි එය අගය කරනවා. ඒ වගේම එතුමා සඳහන් කළා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගැන්වීමේ වැදගත්කම. අපි එතුමන්ගේ උනන්දුව අතිශයින්ම සතුටු වෙනවා. හැබැයි ඒ වගේම අපි ඉල්ලා සිටිනවා 13 බලාත්මක කිරිම පිළිබඳ ජනමතය විමසලා බලමු. හැබැයි ඊටකලින් තිබුණු බලය පළාත් සභාවලට දෙමු. මුලින්ම අපි අත්හදාබැලීම් කරමු. ඉන්පසු මේ 13 බලාත්මක කිරීම පිළිබඳව සළකා බලමු. ඒ නිසා අද අපිට වැදගත් වන්නේ මේ රටේ සෑම ජන කොටසකටම තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වතාවරණය ඇති කරන්න ඕන. මේ රටේ දෙමළ ජනාතාවට පමණක් නොවේ මුස්ලිම්, සිංහල සහ බර්ග වෙනත් ජන කණ්ඩායම්වලට එක හා සමාන ප්‍රශ්න තිබෙනවා. ආර්ථිකය ඇනහිටීම නිසා මේ ප්‍රශ්න පෙරට වඩා බරපතල වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය මේ ගැටලු පරාජ කරන්න පුළුවන් මතවාදමය දේශපාලන ප්‍රවේශයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්තොත් ආර්ථිකය හැසිරවිම පිළිබඳව, සමාජ සංවර්ධනය පිළිබඳව, රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන අයිතිය පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව ඉතාම හොඳ පැහැදිලි ජනතා ආකර්ෂණය දිනාගත්ත මතවාදයක් තිබෙනවා. ඒ නිසා අපේ දේශපාලන භාවිතය තුළම මේ දේශපාලන මතවාදය ප්‍රදර්ශනය කරලා තිබෙනවා. අපි වෙලාවට පක්ෂ සම්මේලන පවත්වනවා. බල මණ්ඩල කැඳවනවා. ශාඛා සමිති පිහිටුවනවා. පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පිරිස් අපි බල ගන්වනවා. ඒ නිසා අපේ භාවිතය කඩාකප්පල්කාරිත්වය පිළිබඳ එකක් නොවේ. ඒ නිසා අපි අද දකිනවා අරගලය මතවාදමය වශයෙන් පරාජයට පත්වෙලා. ”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

වතු ප්‍රජාව සම්බන්ධයෙන් හරි දත්ත පද්ධතියක් රටේ නැහැ – විපක්ෂනායක

Next Post

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

editor

editor

Next Post

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved