• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.

මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට බන්කොලොත්භාවයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළ අද අප ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් තවදුරටත් අප රටේ ආර්ථිකයෙහි වෙළෙඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශ ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට ද සිදු වෙයි. අප නැවතත් මෙම පරණ ක්‍රමයටම යනවාද නැති නම් විධිමත් ආර්ථික ක්‍රමවේදයක් තුළින් නැගී සිටිනවාද යන්න තීරණය කළ යුතුයි. ඒ වගේම අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි. යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි. තේ කර්මාන්තය රාජ්‍ය සහාය ඇතිව ගොඩනැඟුණු කර්මාන්තයක් නොවෙයි. මෙය පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා ඉන් අනතුරුව සාර්ථක වූවන්ගේ ව්‍යාපාරයක්. එහිදී ඇතැමුන් අසාර්ථක වුණා. නමුත් බොහෝ දෙනෙක් සාර්ථක වුණා. ඇතැමුන් වගාකරමින් සිටි ඉඩම් පවා මතභේදාත්මක ලෙස නැවත පවරාගැනීම් සිදුකර තිබුණා. අප දැන් අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තවමත් මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තේ කර්මාන්තයට ශක්තිය තිබෙනවා. ඉදිරි වසර 20- 30 පිළිබඳ අවධානය යොමු කරමින් ක්ෂේත්‍රය තුළ මතුව තිබෙන ගැටලු හඳුනාගත යුතුයි. ගෝලීය දේශගුණික විපර්යාස සමග අපට ඉදිරියේ දී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වෙනවා. තේ කර්මාන්තය රැකගැනීමට නම් මෙම නිවර්තන දේශගුණික කලාපය දේශගුණික විපර්යාස වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒ පිළිබඳව යෝජනා අප ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කර තිබෙනවා. මෙම තත්ත්වය ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිදු වූ දැවැන්ත කාර්මීකරණයේ අහිතකර පළවිපාකයක් ලෙස ද හඳුන්වා දිය හැකියි. අප මේ පිළිබඳව කතා කළ යුතුයි. අපට දේශගුණික විපර්යාසවලට අනුගත වීමට සිදුව තිබෙනවා. ඒ වගේම ජලය පිළිබඳව තත්ත්වය ද ඉතා භයානක බව කිවයුතුයි. පසුගිය දිනක මා කියවූ වාර්තාවක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ජලමූලාශ්‍ර වලට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු දක්වා තිබුණා. ජල මූලාශ්‍ර බොහෝමයක් මධ්‍යම කඳුකරයේ පවතින නිසා එය තේ කර්මාන්තයට ඍජුවම බලපානවා. අපි තව වසර 50කින් 60කින් අපේ වෙළඳපොල පවතින්නේ කොතැනද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි. 2050දී ලෝක ජනගහන වර්ධනය පිළිබඳව පුරෝකතන දෙස අවධානය යොමු කිරීමේ දී ඉන්දියාවේ ජනගහණය තවත් මිලියන 400කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. කෙන්යාව, මලාවි සහ මැදපෙරදිග යන රටවල ජනගහනයත් ඉහළ යමින් තිබෙනවා. ඒ හා සමගාමීව එම රටවල ඒකපුද්ගල ආදායම ද ඉහළ යනවා. නමුත් ශ්‍රී ලංකාවේ ජනගහනය ඉහළ යන්නේ නෑ. ඒනිසා අපේ නිෂ්පාදනය වර්ධනය කරගන්නෙ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. චීනය ජනගහනය ක්‍රමිකව පාලනය කර ගනිමින් පවතිනවා. එනිසා අප චීනය සමඟ කටයුතු කළ යුතුයි. ඉදිරියේ දී චීනයේ තේ වැඩි වශයෙන් වෙළඳපොලට පැමිණෙන නිසා එයින් ඔබට හොඳ අවස්ථාවන් නිර්මාණය වනු ඇතියි. ඒ වගේම ඉන්දියාවද තේ වෙළෙඳපොළට පැමිණෙනවා. එනිසා අප ඉන්දියාව සහ චීනය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අපිට තනිව ගමනක් නැහැ. ඔවුන්ගේ වෙළඳපොල ‍රටාවන් හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. ලෝකයේ නැගෙනහිර හා බටහිර රටවල් තේ මිලදීගෙන කිරි හෝ බිස්කට් සමඟ සකස් කරගෙන පානය කරනවා. ඒ සඳහා පමණක් තේ නිෂ්පානය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අද Green tea ලෝකය තුළ ප්‍රචලිත පානයක් බවට පත්ව තිබෙනවා. අප තේ ආශ්‍රිත නව සොයාගැනීම් හා නිෂ්පාදන පිළිබඳ සිතා බැලිය යුතුයි. මම කුඩා කාලයේ අපේ නිවසේ ඉතා විශාල මුළුතැන්ගෙයක් තිබුණා. නමුත් දැන් නිවාසවල දකින්න තිබෙන්නේ ඉතා කුඩා මුළුතැන්ගෙයක්. තවත් වසර 20කින් 30කින් පමණ ඉදිවන නිවාස වල මුළුතැන්ගෙයක් නැතිව ආහාර නිෂ්පාදනය කරන යන්ත්‍ර එකක් හෝ දෙකක් දක්නට ලැබේවි. මේවා අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝග බව සිහියේ තබා ගත යුතුයි. අප එම අභියෝග හඳුනාගෙන ඊට ගැළපෙන විකල්ප සමඟ ඉදිරියට යා යුතුයි. ස්වීඩ්න් ජාතික ආර්ථික විශේෂඥයෙකු වූ Gunnar Myrdal විසින් 1960 දශකයේ ලියන ලද Asian Drama කෘතියෙහි ශ්‍රී ලංකාවද විශ්ලේෂණයට ලක් කරමින් ඔහු සඳහන් කර තිබුණේ “බ්‍රිතාන්‍යයන් සිය කළමනාකරණය සහ මූල්‍ය අත්දැකීම් කාර්මික විප්ලවය මගින් ලබාගෙන ඒවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඉන්පසු එය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දුන් බවය. ඒ නිසා අපට නූතන වැවිලි කළමනාකරණ පද්ධතියක් ලැබී තිබෙන බව එහි සඳහන් වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් සමඟ සන්සන්දනය කිරීමේදී නව කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සිතීමට දැන් කාලය එළැඹ තිබෙනවා. එය සියලුම නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතුයි. එහිදී කෘත්‍රිම බුද්ධිය, ජෛවතාක්ෂණවේදය වැනි විෂයන්ද උපයෝගී කර ගත හැකි දැයි විමසා බැලිය යතුයි. එය පෞද්ගලික අංශය වන ඔබගෙන් නිර්මාණය විය යුතුයි. මොකද අවසන් අධිකාරිය පවතින්නේ ඔබගේ වෙළෙඳපොළ තුළයි. ලිප්ටන් මහතා ලංකාවට පැමිණියේ නැත්නම් අද මේ මුකුත් නැහැ. ඒ නිසා එම ක්‍රමවේදය වැඩිදියුණු කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන එන මංපෙත් කඩිනමින් සොයා බැලිය යුතුයි. අප ඔබට එහිදී පූර්ණ සහාය ලබා දෙනවා. තේ කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අපට කළ හැක්කේ එයයි. ඒ සමඟ මතුවන ගැටලු විසඳීමට ද අප කටයුතු කරනවා. ශ්‍රී ලංකා තේ නොකිලිටි (pure) තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා අප හොඳම විසඳුම් සමඟ ඉදිරියට යමු කියා මම ඔබට ආරාධනා කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ වරාය නගර සභාපති ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති සංජය හේරත්, උප සභාපති ලුෂන්ත ද සිල්වා හිටපු සභාපතිවරුන් වන ජනක කරුණාරත්න සහ ඇන්ස්ලම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ජාත්‍යන්තර රසායනාගාරයක් ඉදිකිරීමට ඇමැති කෙහෙලිය ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සාකච්ඡාවක්

Next Post

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමක් තිබෙනවා – සාගල රත්නායක

editor

editor

Next Post

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාව මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමක් තිබෙනවා - සාගල රත්නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved