• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම කඩිනම් කරන්න – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

29 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදිය.

මේ සදහා ගැටළුවක් පවතින්නේ නම් එයට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවාවට සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දි අමාත්‍යවරයා මෙම මේ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව 2018 වර්ෂයේ සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැණුනු පුහුණුලාභීන් 2500 ට ආසන්න පිරිසක් සහ හෙද උපාධිධාරීන් 500 ක් මෙලෙස මෙරට හෙද සේවාවට එක් කිරීමට ඉලක්ක කෙරේ.

මේ අතර, හෙද පුහුණුව සදහා බඳවා ගැ‌නෙන 2019 / 2020 උසස් පෙළ කාණ්ඩයේ අයදුම්පත්‍ර කැඳවීම සදහා වන ගැසට් පත්‍රය සැප්තැම්බර් මස මැද වනවිට නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළැසුම් කර තිබේ. ඉන් තෝරා ගැනෙන අයදුම්කරුවන් වසර 03 ක හෙද පුහුණුවක් සදහා යොමු කෙරේ.

එමෙන්ම පසුගිය ජුලි මස 3315 දෙනෙකු හෙද සිසු සිසුවියන් ලෙස පුහුණුව සදහා බඳවා ගැණුනු අතර, ඔවුන් 2018 / 2019 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල අනුව සමත් වූවන් වේ. මේ අනුව මේ වන විට මෙරට හෙද පුහුණුව ලබන සිසු හෙද හෙදියන් සංඛ්‍යාව 6700 ක් පමණ වේ.

ගෝලීය කොවිඩ් ව්‍යසනය වැනි අනපේක්ෂිත තත්ත්වයන් තුළ හෙද බඳවා ගැනීම්හි යම් අඩාලවීමක් සිදු වුවද ඉදිරියේ දී එම බඳවා ගැනීම් නිසි කළට සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

විශේෂයෙන්ම උසස් පෙළ අවසන් කර මෙවැනි සේවාවන් අපේක්ෂා කරන තරුණ දූ දරුවන් දැඩි බලාපොරොත්තුවකින් දිගින් දිගටම ඒ සදහා ක්‍රියා කරන බවත්, එවැනි තත්ත්වයන් මනාව තේරුම් ගනිමින් අදාළ නිලධාරින් ඒ වෙනුවෙන් සාධනීයව කටයුතු කළ යුතු බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම හෙද සේවාවේ ස්ථාන මාරුවීම් සදහා නිසි ස්ථාන මාරුවීම් පටිපාටියක් අනුගමනය කරන ලෙසත්, වසර ගණනාවක් එකම රෝහලක සේවය කරන පිරිස් ඒ තුළ දැඩි පීඩාවකට ලක්වන බව ද ඉදිරියේ දී නිශ්චිත කාලසීමාවක් සම්පූර්ණ කළ නිලධාරින් නිසි ක්‍රියා පටිපාටියක් තුල ස්ථාන මාරුවීම් සදහා යොමු කිරිම වැනි වඩා සාධනීය පියවර අනුගමනය කරන ලෙස ‌සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (පාලන II) ඒ.එම් වත්සලා ප්‍රියදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන II) එච්. චාමික ගමගේ යන මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

අපි ආයෝජනය කළේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙනුයි – විපක්ෂනායක සජිත්

Next Post

රටේ දේශපාලන ගමන වෙනස් කරන්න හිතෙන අය තමා අපේ ආණ්ඩුවක් අපේක්ෂා කරන්නේ – අනුර දිසානායක 

editor

editor

Next Post

රටේ දේශපාලන ගමන වෙනස් කරන්න හිතෙන අය තමා අපේ ආණ්ඩුවක් අපේක්ෂා කරන්නේ - අනුර දිසානායක 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved