• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ දේශපාලන ගමන වෙනස් කරන්න හිතෙන අය තමා අපේ ආණ්ඩුවක් අපේක්ෂා කරන්නේ – අනුර දිසානායක 

29 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටේ දේශපාලන ගමන වෙනස් කරන්න ඕනෙයි කියා තේරුම් ගත් අය එළඹෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂා කරන අය බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 27 වනදා බොරැල්ල ආසන සමුළුව අමතමිනි.

එහිදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” මෙතනට මේ සියලුම දෙනා පැමිණ සිටින්නේ තවදුරටත් අපේ රටේ දේශපාලන ගමන වෙනස් කරන්න ඕනෙයි කියා තේරුම් ගත් අය. එළඹෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂා කරන අය. මෙතන සිටින වැඩිහිටි අම්මලා, තාත්තලා, අලුත් බලාපොරොත්තු සහිත ආණ්ඩුවක් හදන්න හදන පළමු අවස්ථාව නොවෙයි මේ. අලුත් ආණ්ඩු හැදුවා, අලුත් නායකයෝ ගෙනාවා, ඒවා පළවා හැර නැවතත් ආණ්ඩු හැදුවා. ආණ්ඩු හැදුවේ මොකටද? වංචාව, හොරකම නතර කරන්න. ණය උගුලෙන් ගැලවෙන්න. අපේ දරුවන්ට අධ්‍යාපනය, ඉන්න නිවහනක්, මානසික සුවය, ආදායම් මාර්ගයක් ආදී මූලික උවමනාවන් ඉටුකර ගන්න. අද අපට පාලකයා හදා තිබෙන රට මොකක්ද? බංකොලොත් රටක්, ණය කඳු ගෙවා ගන්න බැරි, ලෝකය ඉදිරියේ ගිලිටීනයට තල්ලු කළ රටක් හදා තිබෙනවා. මහ බැංකු වාර්තාවලින් කියැවෙන පරිදි ජනතාවට කන්න දෙන්න බැරි, සෞඛ්‍ය පද්ධතිය කඩා වට්ටපු, වෘත්තියවේදීන්ට ජීවත් වෙන්න බැරි රටක් හදා තිබෙනවා. විදුලි බිල, වතුර බිල ගෙවා ගත නොහැකි, දරුවාට රැකියාවක් නැති, ව්‍යාපාර කඩා වැටිලා සියල්ල සුන්නත් දූලි කර තිබෙනවා, මේ පාලකයන්. මේ විනාශකාරී ගමනෙන් මේ රට මුදා ගැනීමේ අත්නොහැරිය හැකි වගකිමක් අප හමුවේ තිබෙනවා. මේ රටේ ජනතාවත්, මේ රටත් මේ වට්ටවා තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න කටයුතු කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරනවා. ලංකාවේ හැම මැතිවරණයකදීම විවිධ කඳවුරු නිර්මාණය වුණා. ජනතාව බැලුවේ කේන්ද්‍ර දෙකක් දිහා පමණයි. රනිල් කේන්ද්‍රයත්, රාජපක්ෂ කේන්ද්‍රයත් ප්‍රමුඛව මැතිවරණ දියත් වුණා. 2005 සටන තිබුණේ රනිල් සහ මහින්ද අතර. ජනතාව හිතනවා මේක තමයි ඇත්ත සටන කියා. අපේ ඇස්පනා පිට මෙතරම් විනාශයක් කර තිබියදීත් ඔවුන් පාලනයේ ඉන්න රහස මොකක්ද? අපේ රට ණය උගුලක හිරවෙන බව, පාලකයන් හොරකම් කරන බව, පාලන බලය පවුල් කිහිපයක් පමණක් අතේ තිබෙන බව, දරුවන්ට හරිහමන් රැකියා නැති බව, වතු ජනතාවට නිවසක් නැති බව, මේ වතුවල ජනතාවගේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ඉන්න බව, කුඩු ව්‍යාපාරිකයන්ට ඒ අය ආරක්ෂාව දෙන බව, කුඩු ව්‍යාපාරය, පාතාලය දේශපාලන රැකවරණය සහිතව කටයුතු කරනව බව, ජනතාව දශක ගණනාවක සිට දැනගෙන සිටියා. එසේ දැනගෙන තිබියදීත් ජනතාව ඒ අයට ඡන්දය දී බලයට පත් කළා.
ඇයි එහෙම වුණේ? ඒ අය සමත් වුණා සැබෑ ප්‍රශ්න යට ගසා, බොරු ප්‍රශ්න උඩට ගේන්න. ඒ ප්‍රශ්න මත සමාජය දෙකට බෙදනවා. 2005 තීරණාත්මක වුණේ, රනිල් වික්‍රමසිංහ එල්.ටී.ටී.යත් සමග ගිවිසුමක් ගහනවා, මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.යත් සමග යුද්ධය කරනවා. එකක් කොටියගේ පැත්ත සහ කොටියාට විරුද්ධ පැත්ත ලෙස සමාජය දෙකට බෙදුණා. අනෙක් සැබෑ ප්‍රශ්න යටපත් වුණා. 2010දී ආවේ, යුද්ධය ඉවර කළේ මහින්දද, ෆොන්සේකාද යන කථිකාව සමාජ ගත වුණා. සමාජය දෙකට බෙදුණා. සැබෑ ප්‍රශ්න යටපත් වුණා. ජනතාව යුතුකම ඉටුකරන්න ඡන්දෙ දුන්නා. 2015 ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහින්දත්, ප්‍රජාතන්ත්‍රවාදය රැකීම වෙනුවෙන් රනිලුත් යන්න කරළියට ආවා. සැබෑ ප්‍රශ්න යටපත් වුණා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඡන්දය දුන්නා. 2019 ජාතික ආරක්ෂාව කරළියට ආවා. ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගියා. 2019 ජනතාව ඡන්ද පොළට යන්නේ ජාතිය බේරා ගන්න. ඡන්ද කාලවලදී, මේ ගොල්ලෝ ප්‍රශ්න නිර්මාණය කරනවා. ජනතාව දෙකට බෙදනවා. ජනතාවගේ පතුලේ ප්‍රශ්න කරළියෙන් පැත්තකට විසිවෙනවා.
නමුත් පසුගිය කාලයේ අරගලයක් පැන නැගුණා. ඒ අරගලය පැන නැග්ගේ ජනතාවගේ පීඩාවට එරෙහිව. 2005 ජනතාව දෙමළ මිනිසාට විරුද්ධව නැගිට්ටා. 2015 ජනතාව මුස්ලිම් මිනිසාට විරුද්ධව නැගිට්ටා. දෙමළ මිනිසා නැගිට්ටා සිංහල මිනිසාට විරුද්ධව. ලංකාවේ පළමුවෙනි වතාවට ජනතාව තමන්ගේ ඇත්ත ප්‍රශ්න මත, ලයිට්, වතුර, ගෑස්, රස්සාව, භූමිතෙල් නැතිවුණ ප්‍රශ්නවලට එරෙහිව, තමන්ගේ පීඩාවට එරෙහිව ඉදිරියට ආවා.
මේ ජනතාව අද මෙතනට ඇවිත් තිබෙන්නේ මේ රටේ පාලකයන් රටට කර තිබෙන ආර්ථික විනාශයත්, ඒ විනාශය විසින් ජනතාව පත්ව තිබෙන දුක් කන්දරාවට එරෙහිව නව ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන්. අද පාලකයන් එක තැනකටත් ජනතාව එක තැනකටත් ගොනුවී තිබෙනවා. එදා පාලකයන් විසින් ජනතාව අතර, විවිධාකාරයේ බෙදීම් ඇති කළා. අද ලංකාවේ තීරණාත්මක පැහැදිලි බෙදුම් රේඛාවක් ඇති වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, රවි කරුණානායක, බැසිල් එක වේදිකාවකට ඇවිත් තිබෙනවා. පාලකයා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක වේදිකාවකට එකතු වෙලා තිබෙනවා.
චන්ද්‍රිකාගේ, මහින්දගේ, රනිල්-මෛත්‍රීගේ, ගෝඨාභයගේ ආණ්ඩුවල නිමල් සිරිපාල, මහින්ද අමරවීර හැමදාම ඇමතිකම් දරනවා. අද රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. ඕගොල්ලෝ හැමදාම දෙපැත්ත බෙදිලා ඡන්ද දෙනවා. ඔගොල්ලෝ හැමදාම පරාදයි. දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න ඒ අය හැමදාමත් එකට සිටි කණ්ඩායම්. ඒගොල්ලෝ කවදාවත් බෙදුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සිටි විජේපාල මෙන්ඩිස් පේෂකර්ම ඇමති, පොල් ත්‍රිකෝණයෙන් පොල් අක්කර 76ක් ගත්තා, අක්කර එකක් රුපියල් දෙක ගණනේ. අක්කර 76ටම රුපියල් 152යි. චන්ද්‍රිකා කිව්වා, මට බලය දෙන්න, මේ අයට දඬුවම් දෙන්න කියා. නමුත් චන්ද්‍රිකා කළේ අර විජේපාල මෙන්ඩිස්ට එයාගේ ආණ්ඩුවේ කාර්යභාරයක් නොමැති ඇමති බවට පත් කළා. මෛත්‍රීපාල සිරිසේන බලයට ආවම එයාර්පෝර්ට් වහනවා කිව්වා. ඒ හොරකම් කළ අය පැනලා යන එක වළක්වන්න. 2018 මහින්ද හිරේ යවන්න ආව මෛත්‍රී ව්‍යවස්ථාවත් කඩලා, අර මහින්දට අගමැතිකම දුන්නා. 2019 ගෝඨාභය කිව්වා, මහ බැංකු මංකොල්ලකරු රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න බලය දෙන්න කිව්වා. 2022 ඒ ගෝඨාභයලා රනිල්ට ජනාධිපතිකම දෙනවා. මේ ගොල්ලෝ කවදාවත් දෙකක් නොවෙයි. ඒ ගොල්ලෝ සමත් වුණා ගම් බෙදන්න. ජනතාව බෙදන්න. සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය වශයෙන් එකිනෙකාට විරෝධී ලෙස, ආගම් විරෝධී ලෙස, ජනතාව හැමදාම බෙදුවා. ඒගොල්ලෝ කවදාවත් බෙදුණේ නැහැ. ඒ ගොල්ලෝ පන්තියක් හැටියට, පෙළැන්තියක් හැටියට, හැමදාමත් එකට හිටියා. එකට ආණ්ඩු කරනවා, එකට තීන්දු ගන්නවා. එකට රහස් සාකච්ඡා පවත්වනවා. එකට ජනතාව පීඩාවට පත්කරනවා. කවදාවත් බෙදුනේ නැහැ.
සාමාන්‍යයෙන් කෙනෙක් විශාල ලෙස අසීරුවට පත් වුණාම පිහිට පතන්නේ, තමන්ට ඉතාමත් විශ්වාසවන්තම, ළඟම කෙනාගෙන්. පසුගිය අරගලයේදී රාජපක්ෂ පවුල විශාල ලෙස අසීරුවට පත් වුණා. එයාලා පිහිට පැතුවේ ඉතාම ළෙන්ගතු කෙනා රනිල්ගෙන්. තමුන්නාන්සේලා ගහ ගන්නවා. මේ ගොල්ලෝ හැමදාම එකට හිටි දූෂිත පවල් පෙළැන්ති.
පොදු ජනතාව ගැන කිසිදිනෙක කල්පනා කළේ නැහැ. නිවාසයක් නැති ජනතාව ගැන හිතන්න වැඩක් නැහැ. එයාලට, එංගලන්තෙ, ඕස්ටේ්‍රලියාවේ, ඩුබායිවල එපාට්මන්ට්, සීතට ඉන්න නුවරඑළියේ, හුළං වදින්න වැල්ලේ, වැඩකරන්න කොළඹ, ඡන්දෙට වැඩ කරන්න ගමේ මේ සෑම තැනම ගෙවල්. මහින්දානන්ද අලුත්ගමගේ නෝනාගේ දික්කසාදෙට නඩුවක් දැම්මාට පස්සේ එයා වන්දි ඉල්ලුවා. අධිකරණය කිව්වා, ඒ වන්දි ඉල්ලන්න තරම් දේපළ කියන්න කියා. දේපළ ගැන හෙළිකළ වෙලාවේ දැන ගත්තා දේපළ සහ ගෙවල් කොතරම්ද කියා.
මෙතෙක් කාලයක් මෙ රට පාලනය කළේ උඩ ඉන්න එක කණ්ඩායමක්. පොදු ජනයා පොදුවේ දුක් පීඩාවන්ට පත්වෙන පොදු කණ්ඩායමක්. මේ සෑම පක්ෂයකම අය මේ පොදු උවදුරට මුහුණ දුන්නේ නැත්ද? ජාතික ජන බලවේගයේ අපි උඩ ඉන්න, ප්‍රභූ දූෂිත පැළැන්තියට එරෙහිව පොදු ජනයාගේ ආණ්ඩුවක හදන්න ඕනෙ. පාලකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, නිවාස, වගේම ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, නිවාසත් ගැන සිතිය යුතුයි. පොදු ජනයා මුහුණ දෙන ප්‍රශ්න, රවිලාට, රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට, බණ්ඩාරනායකලාට, සේනානායකලාට, තිබුණේ නැහැ. ඒගොල්ලෝ රට වැටුණත් හොඳින්, හැමදාමත් උඩින්, හොඳින් හිටියා. මේ දූෂිත, ප්‍රභූ පෙළැන්තියක් අතේ රටේ බලය තියන්න ඕනෙද? මේ වත්තේ ජීවත්වෙන දරුවාට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ඕනෙ නැද්ද? වත්තෙ ජීවත්වෙන දරුවාට ගරුත්වයක් තිබෙනවාද? අපි අවම වරප්‍රසාද සහිත ජනතාවක්. දුප්පත්කම කියන්නේ, කන්න නැතිකම විතරක් නොවෙයි. අපිට ආර්ථිකයත් නැහැ, සමාජ ගරුත්වයක් නැහැ. වත්තේ නම්, සමාජයෙදි, පාසලේදි, බැංකුවේදි, පොලීසියෙදි, පිළිගැනීමක් නැතිව යනවා. ඒ නිසා අපිට නව ආණ්ඩුවක් ඕනෙ නැද්ද? මේ දරුවන්ට, මෙයිට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න හොඳ ආණ්ඩුවක් හදන්න ඕනෙ. අපි මේ දූෂිත ප්‍රභූ පෙළැන්තියෙන් මේ රට මුදා ගන්න ඕනෙ. ඒ සඳහා තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය.
මෙතෙක් තිබුණේ සමාජයේ ඇත්ත බෙදීමක් නොවෙයි. උඩ ඉන්නවා අපව සූරා කන අතළොස්සක්. යට ඉන්නවා පොදු පීඩාවට පත්වුණු විශාල ජනතාවක්. මෙතෙක් පෙළැන්තියට බලය එළලා තිබ්බා. මේ ළඟදි පුවත්පතක තිබුණා, ස.ජ.බ. යයි, එක්සත් ජාතික පක්ෂයයි එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව. මාතලේ ස.ජ.බ. මන්ත්‍රිණී රෝහිණීගෙන් අහනවා, ඔබතුමිය වැඩි කැමති රනිලටද, සජිත්ටද කියලා. එතුමිය කියනවා දෙන්නම මට මගේ ඇස්දෙක වගේ කියලා. මේ තියෙන්නේ දෙපක්ෂයේම ඒකාබද්ධතාවය. ජාතික මැතිවරණයකදී ඔය සියලු දෙනා මාලිමාවට විරුද්ධව එක කඳවුරකට එනවා. ඉදිරි දේශපාලනයේදී අතරමැද කවුරුත් නතර වෙන්නේ නැහැ.
ඒගොල්ලන් හා අපි අතර වෙනස මොකක්ද? ඒ ගොල්ලන් මහ ජනයාගෙ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන අය. පොඩි ගණන් නොවෙයි. බෙහෙත්වලින්, සීනිවලින්, පිටිවලින්, සොරකම් කරනවා. පිටි කිලෝ එකක රු:165/-ට දෙන්න පුළුවන්. බදු ගහලා සමාගම් දෙකකට ලාභය ගොඩබස්සනවා. ජාවාරම්කාර ව්‍යාපාරිකයා ඒගොල්ලෝ සමග ඉන්නවා. සීනි කිලෝ එක රු:50/-කින් අඩු කළ හැකිව තිබුණා. බද්ද 50/-කින් අඩු වුණා. නමුත් සීනිවලින් අඩු වුණේ නැහැ. විගණන වාර්තාවෙන් කියනවා ඒනිසා අහිමි වුණු බදු ප්‍රමාණය රු: කෝටි 1500යි. ඒ කෝටි 1500 ගොඩ ගැහුණේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අතේ. විගණන වාර්තාවෙන් කියනවා රුපියල් ටි්‍රලියන අටක් ව්‍යාපෘති ණය අරගෙන තිබෙන බවත්, එයින් හදා තිබෙන ව්‍යාපෘතිවල එකතුව කෝටි ලක්ෂ දෙකයි. ඉතිරි මුදලට වුණු දෙයක් සොයා ගන්න බැහැ. ඒක තමයි සොරකම. ඒගොල්ලන් ළඟ ඉන්නේ හොරු. ඒක තමයි ජාතික ජන බලවේගයත් සමග ඇති වෙනස. ජාතික ජන බලවේගය දූෂණය, හොරකම නතර කරන, හොරකමේ, දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන, සොරකමෙන් එක්රැස් කර ගත් ධනය පවරා ගන්න පාලනය තමයි ජාතික ජන බලවේගයේ පාලනය. ඒගොල්ලන්ගෙ කඳවුර අපේ රටේ ජාතික සම්පත් විකුණන එක. ටෙලිකොම් එකේ ගිය වසරේ ලාභය කෝටි 1200යි. රක්ෂණ සංස්ථාවේ ගිය වසරේ ලාභය කෝටි 1000යි. ෂෙල් ගෑස් සමාගම මේ වසරේ මුල් මාස තුනේ ලාභය මිලියන 330යි. මේවා විකුණනවා. බලාගාර, ජලාශ, විකුණනවා. ඒ ගොල්ලන්ගේ සැලැස්ම, ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ජාතික සම්පත් විකුණා ජීවත් වෙන එක. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ රටේ ජාතික සම්පත් උපයෝගී කරගෙන මහා දැවැන්ත නිෂ්පාදනයක් ඇති කරලා, ලෝකයත් සමග ඉස්සරහට යන ගමන.
ලෝකයේ ජාතික ව්‍යසනයකදී, වසංගතවලදී, ස්වභාවික විපත්වලදී ඔරොත්තු දෙන රටවල් තිබෙනවා. චීනය, ඉන්දියාව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ඕනම විපතකට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ඒ සෑම රටක්ම ඒ දියුණුව ලබා තිබෙන්නේ නිෂ්පාදනයෙන්. ඉන්දියාව මෝටර් රථ කර්මාන්තය, බෙහෙත් නිෂ්පාදනය, රෙදිපිළි, කඩදාසි, සිමෙන්ති, කිරිපිටි, ලොකු ලූණු, අර්තාපල්, නිෂ්පාදනය කරනවා. අපි ගෙන්වන රටක් බවට පත්වෙලා. අපේ කඩදාසි නිෂ්පාදනය, රෙදිපිළි නිෂ්පාදනය, සිමෙන්ති නිෂ්පාදනය, කිරිපිටි නිෂ්පාදනය, සියල්ලම කඩා වැට්ටුවා. උපාලි සමාගම පොඩියට හෝ ෆියට් කාර් එක, යුනික් රේඩියෝව හැදුවා. අද තිබුණා නම් තාක්ෂණයෙන් දියුණුම දේවල් බවට පත් කරන්න හැකිව තිබුණා. අද අපි කාර් හදන්නෙ නැහැ. රේඩියෝ හදන්නේ නැහැ, ගෙන්වනවා. ලෝකයේ සෑම දියුණු රටකම දියුණුවේ රහස තමයි ඒ රටේ සම්පත්, දැනුම, හොඳින් කළමනාකරණය කොට නිෂ්පාදන ආර්ථිකයක් හැදීම. රනිල්ලාගේ මහින්දලාගේ ආර්ථිකය විකුණන ආර්ථිකය. ජාතික ජන බලවේගයේ ආර්ථිකය ගොඩනඟන, හදන ආර්ථිකය.
අපේ රටේ නව නිෂ්පාදනයට පණ පොවන, ලෝක වෙළඳපොළේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් අත්පත් කර ගන්නා, නාවුක කර්මාන්තය, රසායනික කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, පොස්පේට් නිධියෙන් පොහොර නිෂ්පාදනය කරන, පිරිපහදුව ආශ්‍රිතව නයිලෝන් කර්මාන්තය, සිපෙට්කෝවලින් හදපු නයිලෝන් කර්මාන්තය, දියුණු කරන නව ආර්ථික සැලැස්මක් සහිත ගමන යන්නේ ජාතික ජන බලවේගය. ඒගොල්ලෝ නීතිය කඩා වට්ටපු අය. ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්. දුප්පත් දුබල කෙනාට එක නීතියක්. නීතිය සාධාරණ නැහැ. අපට හැම කෙනාටම නීතියේ සාධාරණය ඉටුවෙන රටක් ඕනෙ. ජාතික ජන බලවේගයේ අපි හදන්නෙ එහෙම රටක්. දියුණු වුණු හැම රටකම පතුළේ තිබෙන්නේ සැමට නීතියේ විධානයේ ආධිපත්‍යය. සාධාරණ නිීතියක් තිබෙනවා. ඒගොල්ලන්ගේ තිබෙන්නේ ඒගොල්ලන්ට රැකවරණය හදන නීතිය. දුප්පත් අයට දඬුවම් දෙන නීතිය. අපේ කඳවුර නියෝජනය කරන්නේ සැමට සාධාරණ නීතිය සහිත රටක් අපි නියෝජනය කරනවා. ඒගොල්ලෝ නියෝජනය කරන්නේ ජාතිවාදය. ඒගොල්ලන්ට ඕනෙ ජාතීන් ලෙසට එකිනෙකා අතර වෛරය ක්‍රෝධය, සැකය, පෝෂණය කිරීම. එයාලට සිංහල, දෙමළ, මුස්ලිම් අය අතර සමගියක් අවශ්‍ය නැහැ. අපි නියෝජනය කරන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ සෑම ජන කොටසකගේම සමාන අයිතිවාසිකම් පිළිගන්නා, සාමකාමී, සහයෝගයෙන් ජීවත් වෙන රටක්, අපට අවශ්‍යයි. අපි තීරණාත්මක බෙදීමකට පැමිණ සිටිනවා. මේ රට විනාශ කරන කඳවුර, මේ රට ගොඩනඟන්න කටයුතු කරන කඳවුර, සොරකම් කරන අය, සොරකම් නතර කරන අය, සොරකම් කළ අය ආරක්ෂා කරන අය, සොරකම්වලට දඬුවම් දෙන අය, ජාතික සම්පත් විකුණන අය, ජාතික සම්පත් ආරක්ෂා කරන අය, මේ රටේ නීතිය කඩන අය, මේ රටේ නීතිය ආරක්ෂා කරන අය, ජාතික සමගිය නැති කරන අය, ජාතික සමගිය හදන අය. එළඹෙන මැතිවරණයකදී ජයග්‍රහණය කළ යුතු කඳවුර ජාතික ජන බලවෙගයේ කඳවුර බව ජනතාව තීරණය කරන බවට සැකයක් නැහැ යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම කඩිනම් කරන්න – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

Next Post

මෙරට බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන ගැන චීන වාණිජ මණ්ඩලය දැනුවත් කෙරේ

editor

editor

Next Post

මෙරට බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන ගැන චීන වාණිජ මණ්ඩලය දැනුවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved